
මරණානුස්සතිය
=============
මරණය ගැන කල්පනා නොකිරීම නිසා ම යි, වාද කරන හිත මතුවන්නේ, අමනාපකම් ඇති වන්නේ, තව කෙනකුගේ ඇද කුද පෙනෙන්නේ. තව කෙනෙක් කළ හොඳ නොදකින්නේ . තව කෙනෙකුගේ වැරැදීම ඉස්මතු වෙවී පෙනෙන්නේ. එහෙම වන්නේ මරණය පිළිබඳ හැඟීම් මාත්‍රයක්වත් නැති හිතකටය. ඒ නිසා අපි
අපේ මරණය ගැන හොඳින් කල්පනා කළොත් අපේ හිත කවදාවත් වාදයකට කැමති වන්නේ නෑ. අඩුපාඩු ඉස්මතු කරන්න කැමැති වන්නේ නෑ. තව කෙනෙකුගේ ගුණය , යහපත ම දකින්න එවිට කැමතියි. තව කෙනෙකුගේ යහපතක් දැකලා ඒ ඔස්සේ සතුටු වන්න අප කැමැතියි. ඇයි එයා මැරිලා යන කෙනෙක්. තව කෙනෙක් කළ උදව්වක් සිහි කරලා එයා සතුටු වෙන්න කැමතියි. මැරෙනවා කියන අදහස නැත්නම් එයාට සතුටු වෙන්න දෙයක් නෑ. එයා ඉන්නේ පීඩාවෙන් . එයාට පීඩා ඇති කරන දේම තමයි, හැම තැනම තියෙන්නේ.
ඉතින් ඒ නිසා අපි මරණය ගැන හොදින් කල්පනා කරනවා නම්, නිතර සිහි කරනවා නම්, පීඩා අඩුවෙලා යනවා. අතිශයින්ම සුව පහසුවෙන් වාසය කරන්න පුළුවන්.
(Picked from Facebook
No comments:
Post a Comment