Monday, July 30, 2012

:::මිච්ඡාදිට්ඨිකම්මසමාදාන සූත‍්‍රය:::




:::මිච්ඡාදිට්ඨිකම්මසමාදාන සූත‍්‍රය:::

...මිත්‍යා දෘෂ්ටික දේවල් කිරීම නිසා වන දේ ගැන වදාළ දෙසුම...

භාග්‍යවතුන් වහන්සේ තමයි මේ කාරණය වදාළේ. අරහත් මුනිඳාණන්මයි
මෙය වදාළේ. මේ විදිහටයි මට අසන්නට ලැබුනේ.

”පින්වත් මහණෙනි,
මම (දිවැසින්) දැකලා තියෙනවා, මේ සමහර සත්වයන්
කයෙන් දුසිරිත් කරනවා. වචනයෙන් දුසිරිත් කරනවා. මනසින් දුසිරිත් කරනවා.
ආර්යන් වහන්සේලාට බොරු අභූත චෝදනාවලින් උපවාද කරනවා. මිත්‍යා
දෘෂ්ටිකව ඉන්නවා. මිත්‍යා දෘෂ්ටික දේවල් කිරීමෙහි යෙදිලා ඉන්නවා. ඉතින් ඒ
අය කය බිඳිලා මැරුනට පස්සේ, අපාය දුගතිය කියන විනිපාත නිරයේ
උපදිනවා.

පින්වත් මහණෙනි, මම මේ කාරණය ඔබට කියා දෙන්නේ වෙන
ශ‍්‍රමණයෙකුගෙන්වත්, බ‍්‍රාහ්මණයෙකුගෙන්වත් අහලා නොවෙයි.

පින්වත් මහණෙනි, මම (දිවැසින්) දැකලා තියෙනවා. මේ සමහර සත්වයන්
කයෙන් දුසිරිත් කරනවා. වචනයෙන් දුසිරිත් කරනවා. මනසින් දුසිරිත් කරනවා.
ආර්යන් වහන්සේලාට බොරු අභූත චෝදනාවලින් උපවාද කරනවා. මිත්‍යා
දෘෂ්ටිකව ඉන්නවා. මිත්‍යා දෘෂ්ටික දේවල් කිරීමෙහි යෙදිලා ඉන්නවා. ඉතින් ඒ
අය කය බිඳිලා මැරුනට පස්සේ, අපාය දුගතිය කියන විනිපාත නිරයේ
උපදිනවා.

පින්වත් මහණෙනි, මම තමන් විසින්ම දැනගත්තු තමන් විසින්ම (දිවැසින්)
දැකපු, තමන් විසින්ම අවබෝධ කරපු දෙයක්මයි මෙය. ඒ දෙයමයි මා ඔබට
කියන්නේ.

පින්වත් මහණෙනි, මම (දිවැසින්) දැකලා තියෙනවා. මේ සමහර සත්වයන්
කයෙන් දුසිරිත් කරනවා. වචනයෙන් දුසිරිත් කරනවා. මනසින් දුසිරිත් කරනවා.
ආර්යන් වහන්සේලාට බොරු අභූත චෝදනාවලින් උපවාද කරනවා. මිත්‍යා
දෘෂ්ටිකව ඉන්නවා. මිත්‍යා දෘෂ්ටික දේවල් කිරීමෙහි යෙදිලා ඉන්නවා. ඉතින් ඒ
අය කය බිඳිලා මැරුනට පස්සේ, අපාය දුගතිය කියන විනිපාත නිරයේ
උපදිනවා කියලා.”

මේ අර්ථය භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. එය මේ අයුරිනුත් පවසන්න
පුළුවනි.

”මෙහි ඇතැම් පුද්ගලයන් මිත්‍යා දෘෂ්ටියෙහි සිත පිහිටුවා ගන්නවා.
මිත්‍යා දේවල් කතා කරනවා. කයෙනුත් වැරදි දේවල් කරනවා.
මේ මිනිස් ජීවිතය ගෙවන්න තියෙන්නේ හරිම ටික කාලයයි. ධර්මය
ගැන නොදන්න ඔහු පව්මයි කරන්නේ.

ඒ අඥානයා කය බිඳලා මැරුණට පස්සේ නිරයේ උපදිනවා.”

මේ අර්ථය වදාරණ ලද්දේ භාග්‍යවතුන් වහන්සේ විසින්මයි. මේ විදිහට
මා හට අසන්නට ලැබුනා.

සාදු! සාදු!! සාදු!!!

:::ඛුද්දක නිකාය - තික නිපාතය:::


(Picked from Facebook

No comments:

Post a Comment