Tuesday, July 31, 2012

♫..♫..උත්තම මුණි දළදා වඩම්මන..♪..♪..




♫..♫..උත්තම මුණි දළදා වඩම්මන..♪..♪.. 
මොක් පුර රන් නෞකා බලන් සකි සත් සමුදුරු ගැඹරේ..♪♪..

නන්දන වනය මුල්කොට වදාළ දෙසුම





:::පියංකර සූත‍්‍රය:::




:::පියංකර සූත‍්‍රය:::

...පියංකර මාතාව පැවසූ දෙසුම...

මා හට අසන්නට ලැබුනේ මේ විදිහටයි.

ඒ දිනවල ආයුෂ්මත් අනුරුද්ධ
තෙරුන් සැවැත් නුවර ජේවනය නම් වූ අනේපිඬු සිටුතුමාගේ ආරාමයේ
වැඩසිටියා.
එදා ආයුෂ්මත් අනුරුද්ධ තෙරුන්,
අළුයමින් අවදි වෙලා, දහම් පද හඬ නඟා කියමින් හිටියා.

Monday, July 30, 2012

:::මිච්ඡාදිට්ඨිකම්මසමාදාන සූත‍්‍රය:::




:::මිච්ඡාදිට්ඨිකම්මසමාදාන සූත‍්‍රය:::

...මිත්‍යා දෘෂ්ටික දේවල් කිරීම නිසා වන දේ ගැන වදාළ දෙසුම...

භාග්‍යවතුන් වහන්සේ තමයි මේ කාරණය වදාළේ. අරහත් මුනිඳාණන්මයි
මෙය වදාළේ. මේ විදිහටයි මට අසන්නට ලැබුනේ.

:::අන්ධකවින්ද සූත‍්‍රය:::







:::අන්ධකවින්ද සූත‍්‍රය:::

...අන්ධකවින්ද ගමේදී සහම්පතී බ‍්‍රහ්මයා පැවසූ ගාථා කරුණ
අනුමත කොට වදාළ දෙසුම...

මා හට අසන්නට ලැබුනේ මේ විදිහටයි. ඒ දිනවල භාග්‍යවතුන් වහන්සේ
මගධ ජනපදයේ අන්ධකවින්ද ගමේ තමයි වැඩවාසය කළේ.

බෞද්ධ පිංතූර





Photo: රැවන් වැලි මහ සෑ රදුන් වහන්සේගේ වූඩා මානික්්‍යය.... සාදු සාදු සාදු..

යාලුවන්ටත් බලන්න [_̅S][_̅h_̅][_̅a_̅][_̅r_̅][_̅e] කරන්න.

අලුත් දේවල් දැනගන්න එන්න මෙතනින් http://www.facebook.com/baanchun?v=app_160291820682178

නැව ගිලුනත් බෑන් චුන්(http://www.fb.com/baanchun)අපේ Page එකට LIKE කරන්නත් අමතක කරන්න එපා.

:::තුදු බ‍්‍රහ්ම සූත‍්‍රය:::




:::තුදු බ‍්‍රහ්ම සූත‍්‍රය:::

...තුදු බ‍්‍රහ්මයා විසින් කෝකාලික භික්ෂුවට කියූ කරුණු
ඇතුළත් දෙසුම...

සැවැත් නුවරදී ...............................

පිලෝතික තෙරුන්ගේ කථා වස්තුව



පහළොව සහ දාසයවෙනි ගාථා රත්නයන්
පිලෝතික තෙරුන්ගේ කථා වස්තුව

"තමාගේ පිහිට තමා ම ය"

පින්වතුනේ, පින්වත් දරුවනේ, පින මතු කරගැනිල්ල වුණත් ලේසි නෑ.නොයෙක් බාධාවල් එනවා.කැරකි කැරකී මේ සිත පරණ ලෝකෙටම අරගෙන යනවා.බුද්ධ කාලෙ වුණත් මහත් වීරියක් අරගෙනයි බොහෝ දෙනෙක් ධර්මය අවබෝධ කළේ.මෙයත් එවැනි කථාවක්.

Thursday, July 26, 2012

අපිත් යමු බැති සිතින් පේවිලා......




දෙනෝ දහස් හිමි වරුන් වැඩලා
පින් පාටයි පුද බිම
පින් සුවදයි හැමතැන
බුදු හිමියන් වැඩිය වාගේ
මුළු යායම හරි සිසිලයි......

බෙල්ලට්ඨිසීස තෙරුන්ගේ කථා වස්තුව



තුන්වෙනි ගාථා රත්නය
බෙල්ලට්ඨිසීස තෙරුන්ගේ කථා වස්තුව

"රහතුන් වඩින මග කවුරු නම් දනිත්ද?"

පින්වතුනේ, පින්වත් දරුවනේ, ඇතැම් රහතන් වහන්සේලාගේ අල්පේච්ඡතාවය හරි පුදුමයි.ආහාර වැළඳුවේ ශරීරය පවත්වා ගැනීම පිණිස විතරයි.කිසිවක් කෙරෙහි නොඇලුණු සිත් ඇති ඒ රහතුන්ගේ ස්වාභාවය බුදු කෙනෙක් පමණමයි දන්නේ.

චතුරාර්ය සත්‍ය



ශ්‍රී පාදස්ථානය



ප්‍රාණඝාතය සිදුවන්නේ මෙහෙමයි




ප්‍රාණඝාතය සිදුවන්නේ මෙහෙමයි

සබ්බෙ තසන්ති දණඩස්ස

සබ්බෙ භායන්ති මච්චුනො

අත්තානං උපමං කත්වා

න හනෙය්‍ය න ඝාතයෙ

සියලු සතුනට සිය දිවිය ප්‍රියය. තමා උපමා කොට සිතා අන් සතුනට ඇළීම් පෙළීම් නැසීම් නොකොට වැළකිය යුතු ය. මෙලොව වසන්නා වූ සියලුම සත්වයන් අත් පා දඬු මුගුරු සැත් ආදීන්ගෙන් කෙරෙන ශරීර වේදනාවන්ට තැති ගැනෙති. සියලු දෙන මරුට බිය වෙති. තමා උපමා කොට අනුන් නොනසන්නේ ය. නො නසවන්නේ ය. හිංසා පීඩා කිරීම් ආදිය තමා විසින් හෝ අනුන් ලවා හෝ නොකළ යුතු ය. “සබේබසං ජීවිතං පියං” සියල්ලන්ටම ජීවිතය පි‍්‍රය වන්නේ ය. දෙවි මිනිස් තිරිසන් ආදී සියලු සත්ත්වයෝම තම ජීවිතය උතුම් කොට සලකති.

බුදු රදුන් (3)





::::බාහිය සූත‍්‍රය::::



::::බාහිය සූත‍්‍රය::::
....බාහිය දාරුචීරිය අරභයා වදාළ උදානය....

මා හට අසන්නට ලැබුනේ මේ විදිහටයි. ඒ දිනවල භාග්‍යවතුන් වහන්සේ
වැඩසිටියේ සැවැත් නුවර ජේතවනය නම් වූ අනේපිඬු සිටුතුමාගේ ආරාමයේ.

ඒ දිනවල දරපතුරුවලින් කළ වැරහැල්ලක් ඇඳගෙන සිටි නිසා දාරුචීරිය
යැයි කියන බාහිය වාසය කළේ සුප්පාරක පටුනේ මුහුදු තීරේ. මිනිස්සු ඔහුට
ගොඩාක් සැළකුවා. ගරු කළා. බුහුමන් කළා. පූජා කළා. යටහත් පැවැතුම්
දැක්වූවා. ඒ වගේම ඔහුට චීවර, පිණ්ඩපාත, සේනාසන, ගිලන්පස, බෙහෙත්,
පිරිකරත් හොඳට ලැබුනා. ඉතින් දවසක් හුදෙකලාවේ භාවනාවෙන් සිටිය
බාහිය දාරුචීරියට මේ අදහස ඇති වුනා.

:::අග්ගප්පසාද සූත‍්‍රය:::




:::අග්ගප්පසාද සූත‍්‍රය:::

...උතුම් පැහැදීම ගැන වදාළ දෙසුම...

භාග්‍යවතුන් වහන්සේ තමයි මේ කාරණය වදාළේ. අරහත් මුනිඳාණන්මයි
මෙය වදාළේ. මේ විදිහටයි මට අසන්නට ලැබුනේ.

:::දේවදත්ත සූත‍්‍රය:::



:::දේවදත්ත සූත‍්‍රය:::

...දේවදත්ත ගැන වදාළ දෙසුම...

භාග්‍යවතුන් වහන්සේ තමයි මේ කාරණය වදාළේ.
අරහත් මුනිඳාණන්මයි මෙය වදාළේ.
මේ විදිහටයි මට අසන්නට ලැබුනේ.

:::විශාඛා සූත‍්‍රය:::



:::විශාඛා සූත‍්‍රය:::

...විශාඛා උපාසිකාවට වදාළ උදානය...

මා හට අසන්නට ලැබුනේ මේ විදිහටයි.
ඒ දිනවල භාග්‍යවතුන් වහන්සේ වැඩසිටියේ සැවැත් නුවර මිගාර මාතු ප‍්‍රාසාදය නම් වූ පූර්වාරාමයේ.
ඒ දිනවල මිගාර මාතා නම් වූ විශාඛාවගේ ඉතා ප‍්‍රිය මනාප වූ මිණිබිරියක්
කළුරිය කළා.

Wednesday, July 25, 2012

චූල්ලසෙට්ඨි ප්‍රේත වස්තුව







අද වනවිටත් ගෞතම තථාගතයන් වහන්සේගේ ශාසනය තුළින් අපට පිහිට ලබාගන්න පුළුවන් ආකාරයට පවතිනවා. එය තවමත් ජීවමානයි. ඒ නිසාම බොහෝ දෙවි මිනිසුන්ට පින් කර ගන්නට පුළුවන්.

සෝණදණ්ඩ බ්‍රාහ්මණයාගේ බුදුගුණ වැණුම








එසේ වී නම් භවත්නි, ඒ භවත් ගෞතමයන් වහන්සේව බැහැදකින්නට යෑම අපට කොයිතරම් සුදුසුද යන වගවූත්, ඒ වගේම ඒ භවත් ගෞතමයන් වහන්සේ වැනි උතුමෙක් අපව දකින්ට පැමිණීම උන්වහන්සේගේ තත්වයට සුදුසු නැති වගටත් කියවෙන මගේ වචනයද අසනු මැනැව.

අග්ගඤ්ඤ සූත්‍රය






අග්ගඤ්ඤ සූත්‍රය ...පින්තූරවල අදහස ...


1..........ලෝකය හටගන්නා කල්හි බොහෝ සෙයින් සත්වයෝ ආභස්සර බ්‍රාහ්ම ලෝකයෙන් චුතව මේ මනුෂ්‍ය ලෝකයට පැමිණෙති. සත්වයෝය යන කොටසටම ඇතුළත් වෙති.´´
2..........වාසෙට්ඨය, ඉක්බිත්තෙන් කිසි කලෙක්හි දීර්ඝ කාලයෙක් හුගේ ඇවෑමෙන් ඒ සත්වයන්ට ජලයෙහි රස පොළොව පිහිටන්නීය.´´

:::අට්ඨිපුඤ්ජ සූත‍්‍රය:::




 
:::අට්ඨිපුඤ්ජ සූත‍්‍රය:::

...ඇටකටු ගොඩ උපමා කොට වදාළ දෙසුම...

භාග්‍යවතුන් වහන්සේ තමයි මේ කාරණය වදාළේ. අරහත් මුනිඳාණන්මයි
මෙය වදාළේ. මේ විදිහටයි මට අසන්නට ලැබුනේ.

ඇසුරු නොකළ යුතු පාපී මිතුරන් සතර දෙනා:




 
මින් ඔබ කවරෙක්ද?

අප මහා බුදුරජානන්වහන්සේ පාපී මිතුරන් සතර දෙනකු පිළිබඳවත්, කල්‍යාණ මිතුරන් සතර දෙනෙකු පිළිබඳවත් සබ්බාසව සුත්‍රයේ දේශනා කර ඇත.

(ඔබ මින් කුමන වර්ගයේ මිතුරෙකුදැයි සිතට එකඟව සිතා බලන්න.)

ඇසුරු නොකළ යුතු පාපී මිතුරන් සතර දෙනා:

බුදු රදුන් (3)



එක්තරා ස්ත්‍රියකගේ කථා වස්තුව






දහවෙනි ගාථා රත්නය
එක්තරා ස්ත්‍රියකගේ කථා වස්තුව

"රහතුන්ට වනය හරි ලස්සනයි..!"

පින්වතුනේ, පින්වත් දරුවනේ, නිවන් අවබෝධ කරන ධර්මයේ හැසිරීම ලෙහෙසි වැඩක් නෙවෙයි.ඒ සඳහා බාධා ඇතිවෙන විදිහ කෙනෙකුට තේරුම් ගැනීම පවා ලෙහෙසි නෑ.බොහෝ විට ධර්මයේ හැසිරෙන්නට පරිසරයෙන් උදව්වක් නෑ.උදව් ලැබෙතොත් ලැබෙන්නේ හැසිරෙන ධර්මයෙන් ගිලිහෙන්නයි.බුද්ධ කාලයේ පවා බලාපොරොත්තු රහිත අවස්ථාවන්හීදී එවැනි අකරතැබ්බයන්ට මුහුණ දෙන්නට භික්ෂූන් වහන්සේලාට සිදු වී තිබෙනවා.නමුත් තමන් විසින් රැස් කරන ලද පින්වල මහිමයෙන් උන්වහන්සේලා ඒ අනතුරුවලින් ගැලවී නිවන කරා යන්නේ තොණ්ඩුවකට හසු නොවුණු මුවන් වැද්දාගෙන් ගැලවී පැන දුවන ආකාරයටයි.

මහා මායා දේවිය දුටු සිහිනය






බුදු රදුන්



සිදුහත් උපත



Tuesday, July 24, 2012

The Maha Parinibbana.



 

The Maha Parinibbana.

සිතන්න



බුදු රදුන්






මරණානුස්සතිය






මරණානුස්සතිය

=============
මරණය ගැන කල්පනා නොකිරීම නිසා ම යි, වාද කරන හිත මතුවන්නේ, අමනාපකම් ඇති වන්නේ, තව කෙනකුගේ ඇද කුද පෙනෙන්නේ. තව කෙනෙක් කළ හොඳ නොදකින්නේ . තව කෙනෙකුගේ වැරැදීම ඉස්මතු වෙවී පෙනෙන්නේ. එහෙම වන්නේ මරණය පිළිබඳ හැඟීම් මාත්‍රයක්වත් නැති හිතකටය. ඒ නිසා අපි

බුද්ධ චරිතය (සම්පූර්ණ)




ශ්‍රී දළදා මාළිගාව



Monday, July 23, 2012

සුඛ සාමණේරයන් වහන්සේගේ කථා වස්තුව



 

දහහත්වෙනි ගාථා රත්නය
සුඛ සාමණේරයන් වහන්සේගේ කථා වස්තුව

"පිනෙන්මයි හැම දියුණුවම ලැබෙන්නේ"

පින්වතුනේ, පින්වත් දරුවනේ, සමහරුන්ට පින් කරන්ට කලාතුරකින් ලැබෙනවා.ඒ අවස්ථාවේදී නුවණ පාවිච්චි කිරීමෙන් තමයි ඒ පින කරගන්නේ.නුවණ නැත්නම් ගිලිහී යනවා.නුවණැති මිනිසෙක් තමාට ලැබුණු පින්බර අවස්ථාව රැකගත් අයුරුයි මේ කථාවෙන් දැක්වෙන්නේ.

බිළාලපාදක සිටුවරයාගේ කථා වස්තුව



හත්වෙනි ගාථා රත්නය
බිළාලපාදක සිටුවරයාගේ කථා වස්තුව

"පුංචි පිනක් වුණත් අත්හරින්න එපා...!"

පින්වතුනේ, පින්වත් දරුවනේ, දිනක් සැවැත් නුවර දෙව්රම් වෙහෙරෙහි වැඩසිටි බුදුරජාණන් වහන්සේ භුක්තානුමෝදනා ධර්ම දේශනාවකදී මෙහෙම වදාළා.

ඔයාලත් මෙහෙමද...?



:::චක්ඛු සූත‍්‍රය:::



:::චක්ඛු සූත‍්‍රය:::

...ඇස් ගැන වදාළ දෙසුම...

භාග්‍යවතුන් වහන්සේ තමයි මේ කාරණය වදාළේ.
අරහත් මුනිඳාණන්මයි මෙය වදාළේ.
මේ විදිහටයි මට අසන්නට ලැබුනේ.

ධම්ම පදයෙන්....



මේ ගැනත් හිතමුද...?



මහාධන වෙළෙන්දාගේ කථා වස්තුව


අටවෙනි ගාථා රත්නය
මහාධන වෙළෙන්දාගේ කථා වස්තුව

"දැන අනතුරු වැළකිය යුතු"

පින්වතුනේ, පින්වත් දරුවනේ, බලාපොරොත්තු නැති විදිහට අපට කරදර ඇතිවෙන්න පුළුවන්.කල්තියාම අනතුරු දැනගන්න ලැබෙනවා.එතකොට නුවණැත්තා කළ යුත්තේ ඒ අනතුරු මගහැරෙන විදිහට කටයුතු කිරීම නේද? එවැනි දෙයක් ගැනයි අපි මේ කතා කරන්නේ.

ශ්‍රී දන්ත දාතූන් වහන්සේ



Sunday, July 22, 2012

තරහ දුරු කරන පිළිවෙත

Photo: නමෝ තස්ස භගවතෝ අරහතෝ 
සම්මා සම්බුද්ධස්ස!!!
පඤ්චිමේ ආවුසෝ ආඝාතපටිවිනයා යත්ථ 
භික්ඛුනෝ උප්පන්නෝ ආඝාතෝ සබ්බසෝ 
පටිවිනේතබ්බෝ’ ති

ශ්‍රද්ධාවන්ත පින්වතුනි,

සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ අග්‍රශ්‍රාවක සාරිපුත්ත මහරහතන් වහන්සේ විසින් භික්ෂූන් වහන්සේලාට වදාළ පටිඝය දුරුකර ගන්නා ආකාරය පිළිබඳව සඳහන් වන ඉතා වටිනා දේශනාවක් පැහැදිලි කිරීමටයි සූදානම් වන්නේ.

බුදුරජාණන් වහන්සේ දේශනා කර තිබෙනවා, යම් කෙනෙකුගේ සිතේ පටිඝය - ක්‍රෝධය ඇති වුවොත් ඒක ඒ තැනැත්තාට අනර්ථය පිණිස හේතුවන බව. එයින් අනුන්ටත් අනර්ථයක් වනවා. ඒ වාගේම සිත බලවත් අන්ධකාරයකින් වැසී ගියා වාගේ හොඳක් නරකක් නො පෙනෙන තත්ත්වයට පත් වෙනවා කියලා. ඉතින් ඒ නිසා සිතේ යම් අයුරකින් පටිඝය ඇති වුණොත් එය තේරුම් අරගෙන ඉක්මනට ම එය දුරු කර ගන්නටයි, අප උත්සාහ කළ යුත්තේ. ලෝකයේ සිටින පුද්ගලයින්ගේ නොයෙක් අඩුපාඩුකම් තිබෙන්නට පුළුවන්. ඒ අඩුපාඩුකම් පෙනෙන කොට යි, පටිඝය හටගන්නේ. ඒ අඩුපාඩුකම් මෙනෙහි නො කර ඒ තැනැත්තාගේ සුළු හෝ හොඳක් තිබෙනවා නම්, අන්න ඒ හොඳ ගැන හිත පහන් කර ගෙන හිතේ තිබෙන පටිඝය දුරුකර ගන්නා ආකාරය යි මේ දේශනාවෙන් පැහැදිලි කෙරෙන්නේ. ඒ නිසා මේ දේශනාව අපගේ ජීවිතයට වැදගත් නිතර සිහිපත් කළ යුතු වටිනා සූත්‍ර දේශනාවක්.

සාරිපුත්ත මහරහතන් වහන්සේ වරක් භික්ෂූන් වහන්සේලාට ‘ඇවැත්නි, මහණෙනි’ කියලා ආමන්ත්‍රණය කරලා, මෙසේ වදාළාය ම් කෙනෙකුගේ සිතේ් උපන් ආඝාතය, පටිඝය, ක්‍රෝධය දුරු කිරීම සඳහා නුවණින් දැකිය යුතු ආකාර පහක් තිබෙනවා. ඒ මොනවාද?

සාරිපුත්ත මහරහතන් වහන්සේ පළමුවෙන් පුද්ගලයන් කොටස් කරනවා. සමහර කෙනෙක් ඉන්නවා ඒ අයගේ් කායසමාචාර පිරිසුදු නැහැ. ඒ අය කායික වශයෙන් අකුසල් කරනවා. එවැනි තැනැත්තාගේ සමහර විට වචනය හොඳයි. වචනය සංවරයි. යහපත් වචන කථා කරනවා. කාටවත් අනර්ථකර දෙයක් කථා කරන්නේ නැහැ.

තවත් කෙනෙක් ඉන්නවා ඔහුගේ වචනය අපිරිසුදු යි. අනුන්ට අනර්ථකර දේ කියනවා. නමුත් අනුන්ට හිංසාවක් වන වැරැදි දෙයක් කරන්නේ නැහැ. කාය සමාචාර හොඳ යි. පිරිසුදු යි. ඔහුගේ ක්‍රියා දෙස බැලුවහොත් තරහ ගත යුතු කිසි ම වැඩක් ඔහු කරන්නේ නැහැ. ඒ දෙවැනි පුද්ගල කොට්ඨාසය යි. එවැනි තැනැත්තා කෙරෙහි ඇති වන ක්‍රෝධයත් දුරකර ගත යුතුයි.

ඊළඟට තවත් පුද්ගල - කොට්ඨාසයක් ඉන්නවා. ඒ අයගේ වචනත් අසංවර යි. අපිරිසුදු යි. කරන වැඩත් යහපත් නැහැ. කාය සමාචාර වාග් සමාචාර යන දෙක ම අපිරිසුදු යි. නමුත් ඔහුගේ සිතේ කලින් කලට කුසල් සිතක් ඉපදෙන්නට හෝ අවකාශයක් හා සිතේ පහන් බවක් ඇතිවෙනවා. ඉඳහිට හෝ යහපත් දෙයක් ගැන සිතෙහි පහන් බව ඇතිකර ගන්නා කෙනෙක්. කායික වශයෙන් හෝ වාචසික වශයෙන් ඔහුගේ ගත යුත්තක් නැහැ. අඩුපාඩු සහිතයි. කෙනෙකුට ඔහු ගැනත් තරහ ඇති වන්න පුළුවනි. ඔහු ගැන ඇති වන තරහත් දුරුකර ගත යුතුයි.

සිව්වන පුද්ගල - කොට්ඨාසයට අයත් ඇතැම් කෙනෙකුගේ කායික පැවැත්මත් අසංවර යි. වචනයේ පැවැත්මත් අසංවර යි. ඔහු ගැන සිහි කළ හැකි කුසලයක් ඇත්තේ නැහැ. ඔහු කලින් කලට කුසල් ධර්මයක් පිළිබඳව හිත පහන් කර ගන්නා කෙනෙක් නො වෙයි. ඔහුගේ් සියලු ම වැඩ අප්‍රසාදනී ය යි. සිහිකළ යුතු කිසි ම හොඳක් පේන්නේ නැහැ. එබඳු තැනැත්තා කෙරෙහි ඇතිවන ක්‍රෝධයත් දුරුකර ගන්නට මහන්සි ගත යුතුයි.

ඊළඟට පස්වන පුද්ගල කොට්ඨාසයක් ද සිටිනවා. ඒ අයගේ කාය සමාචාරත් බොහෝ ම පිරිසුදු යි. වචනයත් බොහෝ ම පිරිසුදු යි. කලින් කලට සමථ විදර්ශනා ආදී කුසලධර්ම වැඩීම සඳහා සිතේ අවකාශ සලසා ගන්නා කෙනෙක්. ඒ කියන්නේ ත්‍රිවිධද්වාරයෙන් ම කුසල් කරන යහපත් පුද්ගලයෙක්. එවැනි තැනැත්තා කෙරෙහිත් සමහර වේලාවට තරහ ඇති වෙනවානේ. ඒ තරහවත් දුරුකර ගන්නට ඕනේ කියලා සාරිපුත්ත මහරහතන් වහන්සේ පැහැදිලි කළා. ඒ කියන්නේ් කිසි ම කෙනෙක් කෙරෙහි ආඝාතයක් ඇතිකර ගන්න එක හොඳ නැත’ කියන එක යි පැහැදිලි කළේ.

ඉන්පසු උපමා අනුසාරයෙන් පෙන්වනවා ඒ එක් එක් පුද්ගල චරිත ගැන සිහි කළ යුතු ආකාරය පිළිබඳ ව.

පළමුවන පුද්ගලයා කෙබඳු කෙනෙක් ද? ඔහුගේ කායික ක්‍රියා පිරිසුදු නැහැ. නමුත් වචන හොඳයි. වාග් සමාචාර පිරිසුදු යි. ඒ පුද්ගලයා ගැන තිබෙන තරහව දුරුකර ගත යුත්තේ් කෙසේ ද?

ඔහු ගැන මෙහෙම හිතන්න කියනවා.

පාංශුකූල, චීවර දරන භික්ෂූන් වහන්සේ නමක් වීථියක වැඩම කරනවා. එසේ වැඩම කරන කොට මේ පාංශුකූලික භික්ෂූන් වහන්සේට පේනවා දිරාගිය රෙදි කැබැල්ලක් තිබෙනවා වීථියේ තැනක වැටිලා. මේ ස්වාමීන් වහන්සේ එකවරම නැමිලා මේ රෙදි කැබැල්ල අහුලා ගැනීමට පළමුව කුමක්ද කරන්නේ? ‘මෙහි ගත යුත්තක් තිබෙනවාද?’ කියලා අර රෙදි කැබැල්ලේ ඉරා ගන්න පුළුවන් කොණක්වත් තියෙනවාද කියලා බලනවා. එවිට ඒ භික්ෂූන් වහන්සේට පේනවා, එහි හොඳ කැබැල්ලක් තිබෙනවා. සිවුරකට අණ්ඩයක් දමාගන්න පුළුවන් කැබැල්ලක් තිබෙනවා. ඊට පස්සේ අර ස්වාමීන් වහන්සේ අර හොඳ රෙදි කැබැල්ල පමණක් ඉරාගෙන එය රැගෙන යනවා. අරගෙන ගිහිල්ලා තමාගේ අවශ්‍ය කටයුත්ත කර ගන්නවා. අන්න ඒ වාගේ යම් පුද්ගලයෙකුගේ කාය සමාචාර අපිරිසුදු නමුත් ඒ පුද්ගලයාගේ වාග් සමාචාර පිරිසුදු නම් අර අපිරිසුදු කායසමාචාර මෙනෙහි කරන්න එපා කියලා වදාළා. ඒ කියන්නේ ඒ පුද්ගලයා නරක වැඩ කරනවානම් ඔහුගේ නරක වැඩගැන හිතන්න යන්න එපා. ‘ඔහුගේ වචන හොඳයි නේ. යහපත් වචන කථා කරනවානේ’ කියලා ඒ ගැන හිතන්න කියනවා. ‘මේ පුද්ගලයා කයින් වැරැදි කළත් වචනයෙන් වැරැදි කරන්නේ් නැහැ නේ. මොහුගේ වචන පාවිච්චිය හොඳයිනේ. මොහු කාටවත් වචනයෙන් හිංසා කරන කෙනෙක් නොවෙයි නේ කියලා අර යහපත් පැත්ත ගැන හිතන්න කියනවා. අන්න එහෙම හිතලා ඒ පුද්ගලයා ගැන තිබෙන තරහව දුරුකර ගන්න කියනවා.

ඊළඟට දෙවැනි පුද්ගලයා කොහොම කෙනෙක්ද? ඔහුගේ වචී සමාචාර අපිරිසුදු යි. කායසමාචාර පිරිසුදුයි. එබඳු තැනැත්තා මේ ආකාරයටයි සිතිය යුත්තේ.

ඒ කෙසේද? දැන් වතුර පොකුණක් තිබෙනවා. එය පොඩි පොකුණක්. ඒකේ සෙවෙල හැදිලා. මනුෂ්‍යයෙක් එනවා. ඔහුට හොඳටම වතුර පිපාස යි. ගි‍්‍රෂ්ම කාලයේ වතුර ටිකක් සොයාගන්න තැනක් නැහැ. නමුත් අර සෙවෙල තිබෙන පොකුණේ වතුර තිබෙනවා. කෙනකුට තිබෙන පිපාසය ඉවසා ගන්න බැරි වූ විට සෙවෙල කියලා බලන්නේ නැහැ. බොන්න පුළුවන් වතුර නම් සෙවෙල ටික ඈත් කරලා හරි බොනවා නේ. දැන් වතුර බොන්න අවශ්‍යව තිබෙනවා. සෙවෙල නැතිනම් පාසි ටික කටේ ගා ගන්නේ් නැති ව වතුර ටික බිවුවා නම් හරි නේ ද? සාරිපුත්ත මහරහතන් වහන්සේ වදාළා ඉතින් අර මනුෂ්‍යයා කුමක් ද කරන්නේ වතුරට බැහැලා අත් දෙකෙන් ම අර සෙවෙල, පෙඳ පාසි ටික එහාට මෙහාට කරනවා. පිරිසුදු වතුර ටික පාදා ගන්නවා. එසේ පාදා ගෙන ඔහු වතුර බොනවා. ඔහුගේ අවශ්‍යතාව දැන් සම්පූර්ණ නේ. අන්න ඒ වාගේ අර වචන හොඳ නැති නමුත් කායික පැවතුම් හොඳ පුද්ගලයාගේ නරක වචන ගැන සිහි කරන්න යන්න එපා. ඔහු වචනයෙන් කරන වැරැදි ගැන සිහි කරන්නේ නැතිව ඔහු කරන හොඳ දේවල් ගැන යි, සිතිය යුත්තේ. අන්න ඒ පිරිසුදු කායසමාචාර ගැන හිතනකොට ‘ඔහු මෙහෙමත් හොඳ දේවල් කරනවා නේ’ කියලා හිතන කොට කුමක් ද වෙන්නේ? අර ඇතිවුණ තරහව දුරුවෙලා යනවා. ඒ ක්‍රමයෙනුත් ආඝාතය දුරුකර ගත යුතුයි.

ඊළඟට තුන්වැනි පුද්ගලයා කෙබඳු කෙනෙක් ද? ඔහුගේ කායික ක්‍රියාවත් හොඳ නැහැ. කාය සමාචාරත් අපිරිසුදු යි. වාග් සමාචාරත් අපිරිසුදුයි. ඉතින්, සිත පහදවා ගන්න කාරණයක් පේන්නේ නැහැනේ. ඒ වුණත් කලාතුරකින් නමුත් මේ මනුෂ්‍යයා කුසල දහමක් ගැන සිත පහන් කර ගන්නා කෙනෙක්. එබඳු තැනැත්තා ගැනත් ක්‍රෝධය දුරුකර ගත යුත්තේ කෙසේ ද?

මේ තුන්වන තැනැත්තා ගැන සිහිකළ හැකි එකම දෙය කුමක් ද? ‘මේ තැනැත්තා කලාතුරකින් නමුත් කුසල ධර්මයන් පිළිබඳ ව සිත පහන් කර ගන්නා කෙනෙක් නේ’ කියන කාරණය පමණ යි. ඒ සඳහා මෙම උපමාව වදාළා. දැඩි ගි‍්‍රෂ්ම කාලයේ වතුර පිපාසයෙන් එන මනුෂ්‍යයෙක් ඉන්නවා. ඒ මනුෂ්‍යයාට ජලය තිබෙන තැනක් හොයා ගන්න ලැබෙන්නේ නැහැ. නමුත් සෑහෙන දුරක් එනවා ජලය ටිකක් නැතිව. බලන බලන සෑම තැනම වතුර නැහැ. නමුත් එක ම තැනක ජලය ටිකක් පේනවා. කෙබඳු තැනක ද? මඩ සහිත පාරක හරක් ගමන් කරන කොට හරක්කුරය එරුණු තැනක අර හරක් කුරය එරීමෙන් සෑදුණු වලක වතුර පිරිලා තිබෙනවා. දැන් එතැන පමණයි ජලය ටිකක් තිබෙන්නේ. පිපාසාව වැඩි නම්, කුමක් ද කරන්න වෙන්නේ? එතැනින් හරි වතුර ටිකක් බොන්න වෙනවා නේ. ඊළඟට මේ මනුෂ්‍යයා කුමක්ද කරන්නේ? භාජනයක් දාලා අර හරක්කුරය එරුණු වළෙන් වතුර ගන්න ගියොත් වතුර ටික කැලැත්තෙනවා. ඒ නිසා මේ මනුෂ්‍යයා බිම දණගහගෙන වතුර වළට මුහුණ ළං කරනවා. එහෙම කරලා කටින් වතුර ටික බොනවා.

සාරිපුත්ත මහරහත් වහන්සේ මෙබඳු දුෂ්කර උපමාවක් වදාළේ කුමක් නිසාද? කායසමාචාරයත් අපිරිසුදු වාග් සමාචාරයත් අපිරිසුදු මනුෂ්‍යයාගේ හොඳක් සිහි කරන්න අමාරුයි නේ. ඔහු ගැන සිතන්න තිබෙන්නේ ස්වල්ප ගුණයක් පමණ යි. ඒ කුමක් ද? ‘ඔහු කලාතුරකින් නමුත් කුසල ධර්මයන් ගැන සිත පහන් කර ගන්නා කෙනෙක් නේ’ කියලා ඒ හොඳ ගැන සිතීම යි. කයින් හෝ වචනයෙන් ඔහුගෙන් වන වැරැදි සියල්ල ම අමතක කරලා දානවා. ඒවා එකක්වත් මෙනෙහි කරන්නේ නැහැ. මොහු කලාතුරකින් නමුත් කුසල ධර්මයක් ගැන සිත පහන් කර ගන්නවා නේ’ කියලා. ඒ හොඳ පමණක් සිහි කරනවා. එවිට ඒ පුද්ගලයා ගැනත් අප්‍රසාදය අමනාපය දුරු කරලා ක්‍රෝධය නැති කර ගන්න පහසු යි. ඊළඟට හතරවැනි පුද්ගලයා ගැන සිතන්න කිසිම හොඳ දෙයක් නැහැ. ඔහුගේ ක්‍රියාවත් හොඳ නැහැ. කථාවත් හොඳ නැහැ. ඒ වාගේ ම ඔහු කලාතුරකින්වත් කුසල ධර්මයන් ගැන සිත පහන් කර ගන්නා කෙනෙක් නො වෙයි. ඒ නිසා ඔහු ගැන ඇති වන අප්‍රසාදය අමනාපය දුරුකර ගන්නේ කෙසේ ද? සාරිපුත්ත මහරහතන් වහන්සේ තවත් වටිනා උපමාවක් ඒ සඳහා පැහැදිලි කළා.

ඒ කෙසේද? ලෙඩින් පෙළෙන ඉතාම දුකට පත්වුණු දැඩි සේ ගිලන් වුණු මනුෂ්‍යයෙක් දුර මාර්ගයක් දිගේ එනවා. ඒ මනුෂ්‍යයා පසුකර ගෙන පැමිණි ගමත් ඉතා ඈත යි. ඊළඟට ඉදිරියට හමුවන ගමත් තව බොහෝම ඈතින් තිබෙන්නේ. දෙපැත්තේම ගමකට තිබෙන දුර ඉතා වැඩි යි. ඒ අතරමැද මහාකැලෑ ප්‍රදේශයක් තිබෙන්නේ. දැන් මේ මනුෂ්‍යයාගේ ජීවිතය හරිම අනතුරක තිබෙන්නේ. මේ මනුෂ්‍යයා හොඳට ම අසනීපෙන් ඉන්නේ. දුකින් පීඩාවෙන් ඉන්නේ. මේ මනුෂ්‍යයාට දැන් කුමක් ද වෙන්නේ? සුදුසු ආහාර, බෙහෙත් නො ලැබුණොත්, සුදුසු උපස්ථායකයෙකු නො ලැබුණොත් මේ මනුෂ්‍යයා අතරමඟ මරණයට පත් වෙනවා. එබඳු මනුෂ්‍යයෙකුට හරිම අනුකම්පාවක් ඇති වෙනවා නේද? ‘අනේ මේ මනුෂ්‍යයාට බෙහෙත් ටිකක්, ආහාර ටිකක් දෙන්න කෙනෙක් ඉන්නවා නම් හොඳයි. උපස්ථායකයෙක් ඉන්නවා නම් හොඳයි. මේ මනුෂ්‍යයාව ඊළඟ ගමට කැඳවාගෙන යන්න කෙනෙක් ඉන්නවා නම් හොඳයි’ කියා හිතෙනවා නේ ද?

මෙහි දී සාරිපුත්ත මහරහතන් වහන්සේ සඳහන් කරනවා. අර වාගේ අසරණ වුණු කෙනෙක් දුටුවහම කරුණා සිතක් නේ, පහළ කර ගන්නේ. අන්න ඒ වගේ, සිතින් කයින් වචනයෙන් කියන තිදොරින් ම අකුසල් කරන, සිහි කටයුතු කිසි ම ගුණයක් නැති කෙනෙකු දුටුවහම ඔහු ගැන අනුකම්පාවක් උපදවා ගන්න කියලා. කුමක්ද ඊට හේතුව? මේ තැනැත්තා මෙලෙස කර ගන්නා අකුසල් නිසා දුගතියකට යි යන්න සිද්ධ වෙන්නේ. මේ තැනැත්තා සිදුකර ගන්නා කාය, වාග්, මනෝ දුශ්චරිත ආදිය නිසා මේ තැනැත්තාට දුගතියටයි යන්න සිද්ද වෙන්නේ. ඉතින් දුගතියට යන කෙනෙක් දුටුවොත් එහෙම අනේ! මේ තැනැත්තා අපායට යි, යන්නේ අපායටම පලයන්’ කියලා හිතන එක නො වෙයි කළ යුත්තේ. මේ තැනැත්තා කායසුරිත පුරුදු කරනවා නම් වාග් සුචරිත පුරුදු කරනවා නම්, මනෝ සුචරිත පුරුදු කරනවා නම්, කොපමණ හොඳ ද? නැතිනම්, මේ තැනැත්තාට වෙන්නේ මරණින් පසු අපායට දුගතියට යන්නයි කියලා කරුණා සිතක් ඇති කර ගැනීමයි කළ යුත්තේ. ඒ කරුණා සිත නිසා කුමක් ද වෙන්නේ? අන්න අර පටිඝය - ආඝාතය දුරුවෙලා යනවා.

ඊළඟට පැහැදිලි කළා පස්වන පුද්ගල, කොට්ඨාසය පිළිබඳව. ඒ කෙසේද කාය සමාචාරත් බොහෝම පිරිසුදු වාග් සමාචාරත් බොහෝ ම පිරිසුදු ඒ වාගේ ම කලින් කලට සමථ විදර්ශනා ආදි කුසල ධර්මයන්හි යෙදෙන කෙනෙක් සිටිනවා. එවැනි උතුමෙකු සම්බන්ධයෙන් සිතේ අප්‍රසාදයක් ඇති වුණොත් එහෙම එය දුරුකර ගන්නේ කෙසේ ද? සාරිපුත්ත මහරහතන් වහන්සේ උපමාවක් වදාළා.

පොකුණක් තිබෙනවා. ඒ පොකුණේ තිබෙන්නේ පිරිසුදුම වතුර. සීතල වතුර. ඒ පොකුණට බහින්න රමණීය තොටුපළවල් තිබෙනවා. පඩිපේළි හදලා තිබෙනවා.

කිසි ම අපහසුවක් නැති ව පොකුණට බහින්න පුළුවනි. පොකුණ වටේ අලංකාර මල්ගස්, පලතුරු ගස් හොඳ හෙවන තිබෙන ගස් හිටවලා තිබෙනවා. හරිම සීතල පරිසරයක්. මනුෂ්‍යයෙක් එනවා, ඈත පළාතක සිට. ඒ මනුෂ්‍යයා දවස් ගණනකින් නාලා නැහැ. දවසකින් දෙකකින් හරියට පිරිසුදු වතුර ටිකක් බීලා නැහැ. ඉතින් මේ මනුෂ්‍යයා දිය නාගෙන වතුර ටිකක් බොන්න තැනක් සොයමින් එන්නේ. එවිට ම මේ මනුෂ්‍යයාට හමුවෙනවා, මේ අලංකාර පොකුණ. දැන් මේ මනුෂ්‍යයා කුමක්ද කරන්නේ? අර පොකුණට බැහැලා නාලා, පීනලා ඇති තරම් වතුර බීලා පොකුණ ළඟ සිසිල් ගහක් යට ඇලවෙලා නිදා ගන්නවා. අන්න ඒ වාගේ, කයින්, වචනයෙන්, සිතින් කියන තිදොරින් ම කුසල් කරන කෙනෙක් සම්බන්ධයෙන් හිතන්න බොහෝ හොඳ තිබෙනවා නේ. ඒ නිසයි අර උපමාවෙන් සාරිපුත්ත මහරහතන් වහන්සේ පෙන්වා දුන්නේ. දවස් ගණනක් නාලා නැති ගි‍්‍රෂ්මයෙන් පීඩා විඳින අවුරැසින් පීඩා විඳින පිපාසිත මනුෂ්‍යයෙකුට අවශ්‍ය ඒ ගි‍්‍රෂ්මය නිවා ගනනේ. අන්න ඒ වාගේ හොඳ කෙනෙක් සම්බන්ධයෙන් පටිඝය දුරුකර ගන්නට නම්, ඔහුගේ බොහෝ හොඳ දේවල් තිබෙනවා. සිහි කරන්නට. ඔහුගේ කාය සමාචාර ගැනත් සතුටින් හිතන්න පුළුවනි. ඒ ආකාරයට සිහිකළ හැකි සෑම හොඳක් ම ගුණයක් ම සිහි කරමින් අර සිතේ ඇතිවුණු පටිඝය දුරුකර ගන්නට ඕනේ.

මේ පස්වන පුද්ගලයාගේ සෑම පැත්තක් ම සිහි කරන්න පුළුවනි.

ඔහු ‘සමන්තපාසාදික’ යි. හැම අතින් ම පහදින්න යුතු උතුමන් වහන්සේ නමක්. අන්න එබඳු කෙනෙකු සම්බන්ධයෙන් හිතන්න පුළුවන් සෑම හොඳක් ගැනම හිතලා අර ක්‍රෝධය, පටිඝය දුරුකර ගන්න ඕනේ.

සාරිපුත්ත මහරහතන් වහන්සේ වදාළා ‘ආයුෂ්මතුනි, මේ ආකාර පහ අනුව සිතමින් සිතේ උපන්නා වූ ආඝාතය - පටිඝය දුරුකර ගන්නට ඕනේ. අඩුපාඩුකම් සිහි කරමින් සිතේ පටිඝය ඇති වුණොත් එයින් අලාභය සිද්ධ වෙන්නේ තමන්ට ම යි. අන්න ඒ නිසා භාග්‍යවතුන් වහන්සේ වදාළා,

අනත්ථජනනෝ දෝසෝ
දෝසෝ චිත්තප්පකෝ පතෝ
භයමන්තරතෝ ජාතං
තං ජනෝ නාවබුජ්ක්‍ධිති
දුට්ඨෝ අත්ථං න ජානාති
දුට්ඨෝ ධම්මං න පස්සති
අන්ධත්තමං තදා හෝති

යං දෝසෝ සහතේ නරං යනුවෙන් ‘ද්වේෂය, ක්‍රෝධය අනර්ථයක් ම යි, ඇති කරන්නේ. මේ ද්වේෂය නිසා සිත කුපිත වෙනවා. ඒ කියන්නේ සිත කිලුටු වෙනවා.

මේ ක්‍රෝධය කියලා කියන්නේ තමන් තුළ ම හටගත්ත විශාල බියක් කියන එක බොහෝ දෙනා වටහා ගන්නේ නැහැ.

යම් කෙනෙකුගේ සිත ද්වේෂයෙන් යට වෙලා ගියොත් ඒ තැනැත්තාගේ සිත මහා අන්ධකාරයකින් වැසී ගියා වාගේ ය කියලා භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා.

ඒ නිසා අප තබන තබන පියවරක් පාසා සෑම විට ම උත්සාහ කළ යුත්තේ රාග, ද්වේෂ, මෝහ කියන මේ අනර්ථකර සියලු ක්ලේශ ධර්ම අපගේ සන්තානවලින් බැහැර කරගන්නට යි.

ගම්පහ උග්ගල්බොඩ 
ධම්මාරාම යෝගාශ්‍රමාධිවාසී
නාවල ධම්මානන්ද හිමි
http://www.lakehouse.lk/budusarana/2009/08/27/tmp.asp?ID=vision01
නමෝ තස්ස භගවතෝ අරහතෝ
සම්මා සම්බුද්ධස්ස!!!
පඤ්චිමේ ආවුසෝ ආඝාතපටිවිනයා යත්ථ
භික්ඛුනෝ උප්පන්නෝ ආඝාතෝ සබ්බසෝ
පටිවිනේතබ්බෝ’ ති

ශ්‍රද්ධාවන්ත පින්වතුනි,

සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ අග්‍රශ්‍රාවක සාරිපුත්ත මහරහතන් වහන්සේ විසින් භික්ෂූන් වහන්සේලාට වදාළ පටිඝය දුරුකර ගන්නා ආකාරය පිළිබඳව සඳහන් වන ඉතා වටිනා දේශනාවක් පැහැදිලි කිරීමටයි සූදානම් වන්නේ.

"අපායික වර්ගය"- අංගුත්තර නිකාය

 
පින්වත් මහණෙනි, මේ පවිටු කරුණු 03 අත් නොහැර සිටියොත්, අපායගාමී වෙනවා. නිරයගාමී වෙනවා. ඒ කරුණු 03 මොනවද?

ධම්ම පදයෙන්...



සප්පදාස තෙරුන්ගේ කථා වස්තුව


 
දහතුන්වෙනි ගාථා රත්නය
සප්පදාස තෙරුන්ගේ කථා වස්තුව

"අනුන්ට උපදෙස් දෙන්නේ බලාගෙනයි"

පින්වතුනේ, පින්වත් දරුවනේ, වාසනාව කියන්නේ බැලූ බැල්මට සොයාගන්න බැරි දෙයක්.ඇතැම් කෙනෙකුගේ වාසනාව මතුවෙන්න බොහෝ කාලයක් යනවා.එතෙක් ඔහු සිතන්නේ තමන් මහා අවාසනාවන්තයෙක් කියලයි.සැබෑවටම ඔහු තුළ වාසනාව තිබුණා.මතුවෙන්න කල් ගියා.එතෙක් කළ යුත්තේ ඉවසීමෙන් තමන්ගේ කටයුතු කිරීමයි.වාසනාව සොයා ගත නොහැකිව කලබල වී මහා කරදර ගොඩක පැටලෙන්නට ගිය එක්තරා භික්ෂුවක් ගැනයි අපි දැන් ඉගෙන ගන්නේ.

බුදුරදුන්...




Buddha





මේ ගැනත් හිතන්න