මේ වෙබ් පිටුව හැදුවෙ බුද්ධ ධර්මය ප්‍රචාරය කරන්න හිතාගෙනයි. මේකට දාන ලිපි මම අර ගන්නෙ Facebook එකෙන් කොපි කරල. මොකද Facebook එක පුරාම වැදගත් බෞද්ධ ලිපි හුගාක් තැන තැන ප්‍රචාරය වෙනව. ඉතින් මම හිතුවා ඒවා පුලුවන් පුලුවන් විදිහට එකතු කරල මේ Blog එකට දාන්න. ඒ ලිපි වල හිමිකරුවන්ට අසාධාරනයක් නොවෙන්න මං ඒ ලිපි ගත්ත තැනත් ලිපිය පහලින් සඳහන් කරලයි තියෙන්නෙ....
Pages
Labels
- කථා වස්තු (34)
- ධර්මය (13)
- නිර්මාණ (9)
- පිංතූර (17)
- බෞද්ධ ලිපි (10)
- බෞද්ධ සිද්දස්ථාන (4)
- සූත්‍ර (26)
Showing posts with label කථා වස්තු. Show all posts
Showing posts with label කථා වස්තු. Show all posts
Friday, December 13, 2013
Wednesday, April 24, 2013
෴ආළවක යකු දමනය කිරිම෴

සැවැත්පුර වෙසෙන භාග්‍යවතුන්වහන්සේ කළුවර පක්ෂයේ පොහෝ දිනක අලුයමි කාලයේ මහා කරැණා සමාපත්තියෙන් නැගිට ලොව බලන සේක්, ආළවක කුමරැ අනාගාමි විමට හේතු සමිපත් ඇති බවද, අළවියකු සෝවාන් ඵලයෙහි පිහිටුවිය හැකි බවද, එහි දී වන ධර්ම දේශනාව අසා බොහෝ සත්ත්වයනට ධර්මාභිසමයද වන බව දැක, එදින සවස හුදකලාවම පා ගමනින්ම වැඩ,අලවි පුරයට ටික දුරකින් වනයේ වු ආළවක යකුගේ ප්‍රාසාදයට වැඩි සේක.
Monday, April 22, 2013
෴පිණ්ඩෝල භාරද්වාජ මහ රහතන් වහන්සේ෴

අප ගෞතම බුදුරදුන් කල රජගහ නුවර මහත් ධනවත් බමුණු කුලයක භාරද්වාජ නම් දරුවා ඉපදුනා. වැඩිවියට පත් ඔහු වේද, වේදාංගයන්හි කෙළ පැමිණ පන්සියයක් සිසුන්ට ගුරු බවට පත් වුණා. කෑමෙහි ගිජු වූ ඔහු නිතර ආහාරපාන රස කැවිලි ආදිය විමසන්නට පුරුදු වුණා. භාරද්වාජ නමට පිණ්ඩෝල යන නාමය එකතු වූයේ ප්‍රකටව පැවැති ඒ ගිජු කම නිසා. බුදුරදුන්ගෙන් බණ අසා පෙර පින් ඇති ඔහු පසුව රහත් භාවයට පත් වුණා. වඩින සෑම තැනකම භික්‍ෂූන් අමතා සෝවාන් භාවය ඇතුළු මගඵල පිළිබඳ ගැටලුවක් ඇත්නම් තමන්ගෙන් විමසන්නයැ යි අභීත වූ හඬ පමණක් නොව බුදුරදුන් හමුවේ ද සසුනෙහි ලැබිය යුතු උසස් ඵල තමා ලබා ගත් බව කිසිදු පැකිලීමක් නැතුව පැවසුවා. මේ උතුම් උසස් අභීත හඬ ගා කීම මුල් කොට “ මහණෙනි, මාගේ ශ්‍රාවකයන් අතර සිංහනාද කරණ පිණ්ඩෝල භාරද්වාජ රහත් නම අග්‍රස්ථානයේ තබන්නෙමි” යි බදුරදුන් විසින් අගතනතුර දෙන ලදී.
Tuesday, January 1, 2013
අග්ගිදත්ත බ්‍රාහ්මණයාගේ කථා වස්තුව

දහවැනි, එකොළොස්වැනි, දොළොස්වැනි, දහතුන්වැනි සහ දාහතරවැනි ගාථා රත්නයන්
අග්ගිදත්ත බ්‍රාහ්මණයාගේ කථා වස්තුව
"බුදු සරණ ලැබෙන හැටි හරි පුදුමයි."
පින්වතුනේ, පින්වත් දරුවනේ, අපේ බුදුරජාණන් වහන්සේගේ කාලේ ගොඩාක් පින් ඇති අය ඉපදිලා හිටියා.හැබැයි තම තමන්ගේ සසරගත පුරුදු අනුව අනවශ්‍ය දේවල්වල පැටලිලා හිටියා.තමන්ට ධර්මයේ පිළිසරණ ලැබෙන කාලය එනකම් ඔහේ ජීවත් වුණා.නොයෙක් දෘෂ්ටි ගත්තා.වැරදි මතවාදවල පැටලුණා.නමුත් නිවන් අවබෝධය සඳහා පින මතුවෙද්දී ඒ සියල්ල අභිබවා දහම කරා ගියා.එවැනි කථා ප්‍රවෘත්තියක් තමයි දැන් දැනගන්නේ.
Thursday, December 20, 2012
ඤාතී කෝලාහලය සංසිඳවීම ගැන කථා වස්තුව

පළමුවැනි, දෙවැනි සහ තෙවැනි ගාථා රත්නයන්
ඤාතී කෝලාහලය සංසිඳවීම ගැන කථා වස්තුව
"නෑයින්ට සැළකූ අයුරු ඉතා උතුම්ය...!"
පින්වතුනේ, පින්වත් දරුවනේ, බුදුරජාණන් වහන්සේ පහළ වුණු ශාක්‍ය වංශයට හැම අතින්ම යහපතක්මයි වුණේ.උන්වහන්සේ නිසා හැම දෙනාටම සෙත සැළසුණා.එක් වතාවක ශාක්‍ය වංශිකයනුත්, කෝලිය වංශිකයනුත් ලේ වැගිරෙන භයානක යුද්ධයකට සූදානම් වුණා.බුදුරජාණන් වහන්සේ තමා එයට මැදිහත් වෙලා සංසිඳෙව්වේ.ඒ කතාව විස්තර වන්නේ මෙහෙමයි.
Wednesday, December 19, 2012
ආනන්ද තෙරුන්ගේ ප්‍රශ්න කථා වස්තුව

පහ, හය, හත ගාථා රත්නයන්
ආනන්ද තෙරුන්ගේ ප්‍රශ්න කථා වස්තුව
"බුදුවරුන්ගේ ඔවදන්..."
පින්වතුනේ, පින්වත් දරුවනේ, බුදුරජාණන් වහන්සේ අතීතයේ වැඩ සිටි බුදුරජාණන් වහන්සේලා සත්නමක් ගැන නොයෙක් විස්තර කියා දීලා තියෙනවා.දිනක් අපේ භාග්‍යවතුන් වහන්සේගේ අග්‍ර උපස්ථායක මහා පින් ඇති ආනන්ද තෙරුන් වහන්සේ භාවනා කරමින් සිටිද්දී මෙවැනි අදහසක් ඇති වුණා.
ඒරකපත්ත නා රජුගේ කථා වස්තුව

හතරවැනි ගාථා රත්නය
ඒරකපත්ත නා රජුගේ කථා වස්තුව
"නුවණ යොදන්නට බැරි වුණොත්..."
පින්වතුනේ, පින්වත් දරුවනේ, අපි කවුරුත් පින් කරද්දී එය කළ යුත්තේ අවබෝධයෙන්මයි.ඇතැම් අවස්ථාවලදී ඉතා සුළු අඩුපාඩු අප අතින් සිදු වෙන්න පුළුවනි.එවැනි දෙයක් වුණොත් ඒ ගැනම හිත හිතා ඉන්න නරකයි.තමන් කළ යහපත් දේවල් නැවත නැවත මෙනෙහි කරන්නට ඕන.ඒ ගැන සතුටු වෙන්නත් ඕන.එහෙම නැතුව ඉතාම සුළු දෙයක් පවා අනවශ්‍ය විදිහට සිතට ගත්තොත් එයින් ඉතාමත් බරපතල සෝචනීය ඉරණමක් හැදෙන්න ඉඩ තිබෙනවා.මේ කථාවත් එබඳු එකක්.
Thursday, August 16, 2012
අනර්ථය විමසූ බමුණාගේ කථා වස්තුව

5.6. ගාථා රත්න
අනර්ථය විමසූ බමුණාගේ කථා වස්තුව
"තමාව ජය ගැනීම සියලු දේට වඩා උතුම්"
පින්වතුනේ, පින්වත් දරුවනේ, සමහර මිනිස්සු ගොතන්න කැමති අමුතුම
ප්‍රශ්නයි.නොගැළපෙන දේත් අසනවා.ගැළපෙන දේත් අසනවා.ඒ වගේ එක බ්‍රාහ්මණයෙක්
මෙහෙම කල්පනා කළා.
"සම්බුදුරජාණන් වහන්සේ හැම තිස්සේම දේශනා කරන්නේ යහපත ගැනමයි.ඒකට හේතුව මිනිසුන් අහන්නේත් යහපතමනේ.මං වෙන දෙයක් අහන්න ඕන.මං ගිහින් ඇසිය යුත්තේ අයහපත ගැනයි.එතකොට කවර උත්තරයක් දේවිද කියා මට දැනගන්නට හැකි නෙව"
"සම්බුදුරජාණන් වහන්සේ හැම තිස්සේම දේශනා කරන්නේ යහපත ගැනමයි.ඒකට හේතුව මිනිසුන් අහන්නේත් යහපතමනේ.මං වෙන දෙයක් අහන්න ඕන.මං ගිහින් ඇසිය යුත්තේ අයහපත ගැනයි.එතකොට කවර උත්තරයක් දේවිද කියා මට දැනගන්නට හැකි නෙව"
සැරියුත් තෙරුන්ගේ මාමාගේ කථා වස්තුව

7 ගාථා රත්නය
සැරියුත් තෙරුන්ගේ මාමාගේ කථා වස්තුව
"රහතුන්ට දන් දීම උතුම් දෙයක්මයි."
සැරියුත් තෙරුන්ගේ මාමාගේ කථා වස්තුව
"රහතුන්ට දන් දීම උතුම් දෙයක්මයි."
පින්වතුනේ, පින්වත් දරුවනේ, පවුලක එක දරුවෙක් හරි යහපත කරා ගියොත් එය
ඇතැම් විට මුළු පවුලේම යහපතට හේතු වෙනවා.සාරිපුත්ත මහ රහතන් වහන්සේ තමයි
පළමුවෙන්ම ධර්මය සොයාගෙන ගියේ.උන්වහන්සේගේ පවුලේ සියලු දෙනාම දහම් මාවතට
පැමිණුනා.අන්තිමේදී මෑණියන්ටත් ධර්මය ලැබුණා.
අජගර ප්‍රේතයාගේ කථා වස්තුව

8 ගාථා රත්නය
අජගර ප්‍රේතයාගේ කථා වස්තුව
"වෛර බැඳගැනීම කිසිසේත් කරන්න එපා"
පින්වතුනේ, පින්වත් දරුවනේ, මේ ලෝකයේ හිස් පුද්ගලයන් ඉන්නවා.ඔවුන්ට වචනය
වරදින්න බෑ.වෛර බැඳගන්නවා.ඊට පස්සේ ඔවුන්ගේ ඉලක්කය පළිගැනීම මයි.කිසිදා
නොසංසිඳෙන පිපාසයක් වගේ කොච්චර පළිගත්තත් ඔවුන් සෑහීමකට පත්වෙන්නේ නෑ.එබඳු
පව්කාරයකුගේ ජීවිතයක විස්තරයක් තමයි දැන් අපි දැන ගන්නේ.
චූළ ඒකසාටක බමුණාගේ කථා වස්තුව

පළමුවැනි ගාථා රත්නය
චූළ ඒකසාටක බමුණාගේ කථා වස්තුව
"පමා වෙලා කරන පිනෙන් පාඩුවමයි වෙන්නේ..."
චූළ ඒකසාටක බමුණාගේ කථා වස්තුව
"පමා වෙලා කරන පිනෙන් පාඩුවමයි වෙන්නේ..."
පින්වතුනේ, පින්වත් දරුවනේ, ඔබ දන්නවා ඇති බුදුවරයන් වහන්සේලාගේ ශාසනය තුළ
යම් සමානකමක් තියෙනවා.ඒ කියන්නේ හැම බුදුරජාණන් වහන්සේටම අග්‍රශ්‍රාවකයන්
වහන්සේලා ඉන්නවා.ඒ ඒ ශ්‍රාවකයන් විසින් සසරේ රැස් කරන ලද පින්වලට අනුව අග
තනතුරු ලැබෙනවා.එවැනි සමානකම් ගොඩාක් තියෙනවා.
මේ කථාවෙන් කියැවෙන්නේ එකම සළුවක් පරිහරණය කළ බ්‍රාහ්මණයකු ගැනයි.මොහුට කිව්වේ 'ඒකසාටක' කියලයි.එහි තේරුම එකම සළුවක් තියෙන කෙනා යන්නයි.මෙවැනිම එකම සළුවක් තිබූ බ්‍රාහ්මණයෙක් විපස්සී බුදුරදුන්ගේ කාලයේත් ඉඳලා තියෙනවා.ඔහුට කිව්වෙත් ඒකසාටක කියලයි.ඔහු පින බලවත් කරගත් නිසා 'මහා ඒකසාටක' නමින් හඳුනවනවා.මෙයාගේ පින ටිකක් දුර්වල වුණා.ඒ නිසා වෙන්න ඇති මොහුට චූළ ඒකසාටක කියලා කිව්වේ.
මේ කථාවෙන් කියැවෙන්නේ එකම සළුවක් පරිහරණය කළ බ්‍රාහ්මණයකු ගැනයි.මොහුට කිව්වේ 'ඒකසාටක' කියලයි.එහි තේරුම එකම සළුවක් තියෙන කෙනා යන්නයි.මෙවැනිම එකම සළුවක් තිබූ බ්‍රාහ්මණයෙක් විපස්සී බුදුරදුන්ගේ කාලයේත් ඉඳලා තියෙනවා.ඔහුට කිව්වෙත් ඒකසාටක කියලයි.ඔහු පින බලවත් කරගත් නිසා 'මහා ඒකසාටක' නමින් හඳුනවනවා.මෙයාගේ පින ටිකක් දුර්වල වුණා.ඒ නිසා වෙන්න ඇති මොහුට චූළ ඒකසාටක කියලා කිව්වේ.
මහා මොග්ගල්ලාන මහ රහතන් වහන්සේගේ කථා වස්තුව

නවය, දහය, එකොළහ සහ දොළොස්වෙනි ගාථා රත්නයන්
මහා මොග්ගල්ලාන මහ රහතන් වහන්සේගේ කථා වස්තුව
"කර්මය විපාක දෙන හැටි හරි පුදුමයි"
මහා මොග්ගල්ලාන මහ රහතන් වහන්සේගේ කථා වස්තුව
"කර්මය විපාක දෙන හැටි හරි පුදුමයි"
පින්වතුනේ, පින්වත් දරුවනේ, කර්මය විපාක දෙන හැටි දන්නේ බුදුරජාණන් වහන්සේ
පමණයි.ඇතැම් කර්ම වලින් කොටසක් මේ ජීවිතයේ විපාක දෙනවා.එයට කියන්නේ
'දිට්ඨධම්මවේදනීය කර්ම විපාක' කියලා.තව කොටසක් ඊළඟ ජීවිතයේදී හෝ ආසන්න
භවයකදී විපාක දෙනවා.එයට කියන්නෙ 'උපපජ්ජවේදෙනීය කර්ම විපාක' කියලා.තව
කොටසක් පිරිනිවන් පානා තෙක් විපාක දෙනවා.එයට කියන්නේ 'අපරාපරියවේදනීය කර්ම
විපාක' කියලා.ඔය විදිහට තමයි කර්ම විපාක දෙන්නේ.
අනුරුද්ධ තෙරුන්ගේ කථා වස්තුව

හතරවෙනි ගාථා රත්නය
අනුරුද්ධ තෙරුන්ගේ කථා වස්තුව
"අසිරිමත්ය රහතුන්ගේ ගුණ..."
පින්වතුනේ, පින්වත් දරුවනේ, ධම්ම පදයේ අරහන්ත වර්ගයට අයත් කථාවක් තමයි අපි
දැන් ඉගෙන ගන්නේ.මේ කොටසේ ඇතුළත්ව තියෙන්නේ රහතන් වහන්සේලා ගැනයි.ඔයාලට තව
දුරටත් රහතන් වහන්සේලා ගැන ඉගෙන ගන්න ලැබෙනවා.මෙවැනි යුගයක රහතුන් ගැන මේ
අයුරින්වත් දැනගන්න ලැබීම මොනතරම් ලාභයක්ද!
උත්තරා භික්ෂුණියගේ කථා වස්තුව

තුන්වෙනි ගාථා රත්නය
උත්තරා භික්ෂුණියගේ කථා වස්තුව
"අවසාන මොහොතෙදී හෝ ධර්මය මුණගැසීම වාසනාවක්මයි"
පින්වතුනේ, පින්වත් දරුවනේ, සමහර අය තමන්ගේ ශ්‍රද්ධාව නිසා පින්කම් කරන්න
ගිහින් පටලවා ගන්නවා.ඒකට හේතුව වැඩිදුර කල්පනා නොකිරීමයි.ඒඅයුරින් පින්
කරන්න ගිහින් එක්තරා භික්ෂුණියක් කලන්තෙ හැදිලා වැටුණා.
මල්ලිකා දේවියගේ කථා වස්තුව

හයවෙනි ගාථා රත්නය
මල්ලිකා දේවියගේ කථා වස්තුව
"චතුරාර්ය සත්‍ය අවබෝධ නොකිරීම අනතුරක්මයි"
මල්ලිකා දේවියගේ කථා වස්තුව
"චතුරාර්ය සත්‍ය අවබෝධ නොකිරීම අනතුරක්මයි"
පින්වතුනේ, පින්වත් දරුවනේ, මල්ලිකා දේවිය ගැන ඔබ අසා ඇති.ඇය හරියට පින්
කළා.කොසොල් රජතුමාවත් බුදුරජාණන් වහන්සේ කෙරෙහි පැහැදෙව්වේ ඇය විසිනුයි.ඇය
නිහතමානීව සිටින්නට බොහෝ උත්සාහ කළා.ඇය බොහෝ සෙයින් සංඝයාට දාන මාන
දෙන්නත්, පුදපූජාවන් පවත්වන්නටත් කල් ගෙවූ නමුත් චතුරාර්ය සත්‍ය අවබෝධය
පිණිස වෙහෙසුණේ නෑ.මාර්ගඵල ලබන්නට බැරිව ගියා.මෙනිසාම ඇගේ සිත සතර
සතිපට්ඨානයෙහි රඳවා ගැනීමෙහි අදක්ෂ වුණා.
රූප නන්දා භික්ෂුණියගේ කථා වස්තුව

පස්වෙනි ගාථා රත්නය
රූප නන්දා භික්ෂුණියගේ කථා වස්තුව
"බුදුරජාණන් වහන්සේගෙන් ඒකාන්තයෙන්ම පිහිට ලැබේ"
පින්වතුනේ, පිනවත් දරුවනේ, භාග්‍යවතුන් වහන්සේගේ පවුලේ සියලු දෙනාම පාහේ
නිවන් අවබෝධ කළා.කිඹුල්වත් පුරයට වැඩම කිරීමෙන් පස්සේ නන්ද කුමාරයාට පැවිදි
වෙන්න වාසනාව ලැබුණා.පස්සේ ප්‍රජාපතී ගෝතමී බිසවත් පැවිදි වුණා.යසෝදරාවත්
පැවිදි වුණා.නන්දා කුමරිය තමයි ඉතුරු වුණේ.ඉතින් ඈ කල්පනා කළෙත් තනියම
මාළිගයකට වෙලා ජීවත් වෙන එක තේරුමක් නෑ කියලයි.ඇයට තිබුණේ ධර්මය අවබෝධ
කිරීමේ ආසාව නොවෙයි.තනිව සිටීමේ අකමැත්තයි.බඳින්න අදහසක් තිබුණේත් නෑ.මේ
නිසාම ඈත් භික්ෂුණියක් වෙන්න තීරණය කළා.
විශාඛාවගේ යෙහෙළියන්ගේ කථා වස්තුව

පළමුවෙනි ගාථා රත්නය
විශාඛාවගේ යෙහෙළියන්ගේ කථා වස්තුව
"පමාවන සැණින් මාරයා ඩැහැගන්නවා"
පින්වතුනේ, පින්වත් දරුවනේ, කලණ මිතුරන් ළඟ සිටියත් සමහරුන්ට ඒ ළඟ සිටින
කලණ මිතුරන් සොයාගන්න අමාරුයි.කලණ මිතුරෙක් හැමතිස්සේම කරන්නේ තමා ඇසුරු
කරන අයව යහපතෙහි යෙදවීමයි.පිනට යෙදවීමයි.එය අනුකම්පාවෙන් යුතු කලණ මිතුරාගේ
ස්වාභාවයයි.එබඳු ගුණයෙන් යුතු කලණ මිතුරියක් එකල සිටියා.ඈ තමයි විශාඛා
මහෝපාසිකාව.ඕ තොමෝ මහත් කරුණාවෙන් යුක්තයි.අනුකම්පාවෙන් යුක්තයි.ඒ වගේම
ප්‍රඥාවෙනුත් යුක්තයි.සැවැත් නුවර සිටි ඉතාමත් සම්භාවනීය, වැදගත්, ප්‍රභූ
කාන්තාව වුණෙත් විශාඛාවයි.
බාහිය දාරුචීරිය තෙරුන්ගේ කථා වස්තුව

දෙවෙනි ගාථා රත්නය
බාහිය දාරුචීරිය තෙරුන්ගේ කථා වස්තුව
"පින් ඇති කෙනා සැණෙකින් ධර්මය දකිනවා"
පින්වතුනේ, පින්වත් දරුවනේ, සමහර අයට බුදුරජාණන් වහන්සේව ඇසුරට ලැබෙන්නේ
මොහොතයි.ඒ මොහොතේදී ඔහුට බුදු ගුණ අසන්නට ලැබෙනවා.බුදු රජුන්ගේ ධර්මය හරිම
අසිරිමත්.පුදුම සහගතයි.මිනිස් සන්තානය තුළ ඇති සියලු ගැටලු විසඳන්න ඒ
ධර්මයට පුළුවන්.මිනිස් ජීවිතය මුළුමනින්ම පිරිසිදු කරන්න ඒ ධර්මයට
පුළුවන්.කෙලෙස් සැඩ පහරේ වේගයෙන් ගසාගෙන යන සත්වයාව එයින් උඩට ඔසවා අමා මහ
නිවන නම් වූ දූපත වෙත ගෙන යන්නටත් ඒ ධර්මයට පුළුවන්.ඒ ධර්මයට සමාන කරන්න
පුළුවන් කිසි දෙයක් ලෝකයේ නැහැ.එවැනි අසිරිමත් ධර්මයක් කණ වැකුණු සැණෙකින්
සියලු සසර දුක් නිමා කළ උදාර පුද්ගලයෙක් ගැනයි දැන් ඔබ ඉගෙන ගන්නේ.
Wednesday, August 15, 2012
කෝක නම් බලු වැද්දාගේ කථා වස්තුව

දසවෙනි ගාථා රත්නය
කෝක නම් බලු වැද්දාගේ කථා වස්තුව
"අනුන්ට කපනා වළේ වැටෙන්නේ තමන්මයි"
පින්වතුනේ, පින්වත් දරුවනේ, බුද්ධ කාලෙ වුණත් මිනිසුන්ගේ ස්වාභාවයේ ලොකු
වෙනසක් තිබිල නෑ වගේ.නමුත් ධර්මාවබෝධයට පින් ඇති අයට කොහොම හරි අවස්ථාව
සැළසෙනවා.ඔය අතරේ අදකාලෙ වගේම පව් කරගන්න අයත් ඉන්නවා.
Wednesday, August 1, 2012
මහධන සිටුපුත්‍රයාගේ කථා වස්තුව

දහවෙනි සහ එකොළොවෙනි ගාථා රත්නයන්
මහධන සිටුපුත්‍රයාගේ කථා වස්තුව
"නරක යාළුවන් ලැබුණොත් විනාසයි"
පින්වතුනේ, පින්වත් දරුවනේ, මිනිස් ලොව ඉපදුණ අපට පින තියෙන්නේ කොයි
විදිහටද කියලා තේරුම් ගන්න දැනුමක් නෑ.මේ නිසයි අපි බුද්ධිමත් විය
යුත්තේ.එහෙම නැත්නම් පාප මිතුරන් ඇසුර නිසාම අප සතු සියලු වටිනා දේ අහිමි
වෙනවා.එවැනි අවාසනාවන්ත ජෝඩුවක් ගැනයි අද අපි දැනගන්නේ.
Subscribe to:
Posts (Atom)
