Thursday, August 30, 2012

:::කට්ඨහාර සූත‍්‍රය:::



:::කට්ඨහාර සූත‍්‍රය:::

...දර ගෙන යන තරුණයින්ට වදාළ දෙසුම...

මා හට අසන්නට ලැබුනේ මේ විදිහටයි.

ඒ දිනවල භාග්‍යවතුන් වහන්සේ වැඩසිටියේ කොසොල් ජනපදයේ එක්තරා වන ලැහැබකය.

එදා භාරද්වාජ ගෝත‍්‍රයට අයත් එක්තරා බ‍්‍රාහ්මණයෙකුගේ ශිෂ්‍යයන් වූ
බොහෝ තරුණ පිරිසක් දර ගෙන යන්නට ඒ වන ලැහැබට ඇතුළු වුනා.

:::මහාලී සත්තවතපද සූත‍්‍රය:::




:::මහාලී සත්තවතපද සූත‍්‍රය:::

...උතුම් ව‍්‍රත හත ගැන මහාලී ලිච්ඡුවියාට වදාළ දෙසුම...

මා හට අසන්නට ලැබුනේ මේ විදිහටයි.
ඒ දිනවල භාග්‍යවතුන් වහන්සේ වැඩසිටියේ විශාලා මහනුවර මහාවනයේ කූටාගාර ශාලාවේ.

එදා මහාලි කියන ලිච්ඡුවි වංශිකයා භාග්‍යවතුන් වහන්සේ ළඟට ගියා.
ගිහින් භාග්‍යවතුන් වහන්සේට වන්දනා කරලා, පැත්තකින් වාඩිවුනා.

පැත්තකින් වාඩිවුන මහාලි ලිච්ඡුවි වංශිකයා භාග්‍යවතුන් වහන්සේගෙන් මෙහෙම ඇහුවා.

Thursday, August 16, 2012

අනර්ථය විමසූ බමුණාගේ කථා වස්තුව


 5.6. ගාථා රත්න
අනර්ථය විමසූ බමුණාගේ කථා වස්තුව

"තමාව ජය ගැනීම සියලු දේට වඩා උතුම්"

පින්වතුනේ, පින්වත් දරුවනේ, සමහර මිනිස්සු ගොතන්න කැමති අමුතුම ප්‍රශ්නයි.නොගැළපෙන දේත් අසනවා.ගැළපෙන දේත් අසනවා.ඒ වගේ එක බ්‍රාහ්මණයෙක් මෙහෙම කල්පනා කළා.

"සම්බුදුරජාණන් වහන්සේ හැම තිස්සේම දේශනා කරන්නේ යහපත ගැනමයි.ඒකට හේතුව මිනිසුන් අහන්නේත් යහපතමනේ.මං වෙන දෙයක් අහන්න ඕන.මං ගිහින් ඇසිය යුත්තේ අයහපත ගැනයි.එතකොට කවර උත්තරයක් දේවිද කියා මට දැනගන්නට හැකි නෙව"

සැරියුත් තෙරුන්ගේ මාමාගේ කථා වස්තුව



7 ගාථා රත්නය
සැරියුත් තෙරුන්ගේ මාමාගේ කථා වස්තුව

"රහතුන්ට දන් දීම උතුම් දෙයක්මයි."

පින්වතුනේ, පින්වත් දරුවනේ, පවුලක එක දරුවෙක් හරි යහපත කරා ගියොත් එය ඇතැම් විට මුළු පවුලේම යහපතට හේතු වෙනවා.සාරිපුත්ත මහ රහතන් වහන්සේ තමයි පළමුවෙන්ම ධර්මය සොයාගෙන ගියේ.උන්වහන්සේගේ පවුලේ සියලු දෙනාම දහම් මාවතට පැමිණුනා.අන්තිමේදී මෑණියන්ටත් ධර්මය ලැබුණා.

අජගර ප්‍රේතයාගේ කථා වස්තුව


 8 ගාථා රත්නය
අජගර ප්‍රේතයාගේ කථා වස්තුව

"වෛර බැඳගැනීම කිසිසේත් කරන්න එපා"

පින්වතුනේ, පින්වත් දරුවනේ, මේ ලෝකයේ හිස් පුද්ගලයන් ඉන්නවා.ඔවුන්ට වචනය වරදින්න බෑ.වෛර බැඳගන්නවා.ඊට පස්සේ ඔවුන්ගේ ඉලක්කය පළිගැනීම මයි.කිසිදා නොසංසිඳෙන පිපාසයක් වගේ කොච්චර පළිගත්තත් ඔවුන් සෑහීමකට පත්වෙන්නේ නෑ.එබඳු පව්කාරයකුගේ ජීවිතයක විස්තරයක් තමයි දැන් අපි දැන ගන්නේ.

චූළ ඒකසාටක බමුණාගේ කථා වස්තුව




පළමුවැනි ගාථා රත්නය
චූළ ඒකසාටක බමුණාගේ කථා වස්තුව

"පමා වෙලා කරන පිනෙන් පාඩුවමයි වෙන්නේ..."

පින්වතුනේ, පින්වත් දරුවනේ, ඔබ දන්නවා ඇති බුදුවරයන් වහන්සේලාගේ ශාසනය තුළ යම් සමානකමක් තියෙනවා.ඒ කියන්නේ හැම බුදුරජාණන් වහන්සේටම අග්‍රශ්‍රාවකයන් වහන්සේලා ඉන්නවා.ඒ ඒ ශ්‍රාවකයන් විසින් සසරේ රැස් කරන ලද පින්වලට අනුව අග තනතුරු ලැබෙනවා.එවැනි සමානකම් ගොඩාක් තියෙනවා.

මේ කථාවෙන් කියැවෙන්නේ එකම සළුවක් පරිහරණය කළ බ්‍රාහ්මණයකු ගැනයි.මොහුට කිව්වේ 'ඒකසාටක' කියලයි.එහි තේරුම එකම සළුවක් තියෙන කෙනා යන්නයි.මෙවැනිම එකම සළුවක් තිබූ බ්‍රාහ්මණයෙක් විපස්සී බුදුරදුන්ගේ කාලයේත් ඉඳලා තියෙනවා.ඔහුට කිව්වෙත් ඒකසාටක කියලයි.ඔහු පින බලවත් කරගත් නිසා 'මහා ඒකසාටක' නමින් හඳුනවනවා.මෙයාගේ පින ටිකක් දුර්වල වුණා.ඒ නිසා වෙන්න ඇති මොහුට චූළ ඒකසාටක කියලා කිව්වේ.

මහා මොග්ගල්ලාන මහ රහතන් වහන්සේගේ කථා වස්තුව






නවය, දහය, එකොළහ සහ දොළොස්වෙනි ගාථා රත්නයන්
මහා මොග්ගල්ලාන මහ රහතන් වහන්සේගේ කථා වස්තුව

"කර්මය විපාක දෙන හැටි හරි පුදුමයි"

පින්වතුනේ, පින්වත් දරුවනේ, කර්මය විපාක දෙන හැටි දන්නේ බුදුරජාණන් වහන්සේ පමණයි.ඇතැම් කර්ම වලින් කොටසක් මේ ජීවිතයේ විපාක දෙනවා.එයට කියන්නේ 'දිට්ඨධම්මවේදනීය කර්ම විපාක' කියලා.තව කොටසක් ඊළඟ ජීවිතයේදී හෝ ආසන්න භවයකදී විපාක දෙනවා.එයට කියන්නෙ 'උපපජ්ජවේදෙනීය කර්ම විපාක' කියලා.තව කොටසක් පිරිනිවන් පානා තෙක් විපාක දෙනවා.එයට කියන්නේ 'අපරාපරියවේදනීය කර්ම විපාක' කියලා.ඔය විදිහට තමයි කර්ම විපාක දෙන්නේ.

අනුරුද්ධ තෙරුන්ගේ කථා වස්තුව



හතරවෙනි ගාථා රත්නය
අනුරුද්ධ තෙරුන්ගේ කථා වස්තුව

"අසිරිමත්ය රහතුන්ගේ ගුණ..."

පින්වතුනේ, පින්වත් දරුවනේ, ධම්ම පදයේ අරහන්ත වර්ගයට අයත් කථාවක් තමයි අපි දැන් ඉගෙන ගන්නේ.මේ කොටසේ ඇතුළත්ව තියෙන්නේ රහතන් වහන්සේලා ගැනයි.ඔයාලට තව දුරටත් රහතන් වහන්සේලා ගැන ඉගෙන ගන්න ලැබෙනවා.මෙවැනි යුගයක රහතුන් ගැන මේ අයුරින්වත් දැනගන්න ලැබීම මොනතරම් ලාභයක්ද!

උත්තරා භික්ෂුණියගේ කථා වස්තුව



තුන්වෙනි ගාථා රත්නය
උත්තරා භික්ෂුණියගේ කථා වස්තුව

"අවසාන මොහොතෙදී හෝ ධර්මය මුණගැසීම වාසනාවක්මයි"

පින්වතුනේ, පින්වත් දරුවනේ, සමහර අය තමන්ගේ ශ්‍රද්ධාව නිසා පින්කම් කරන්න ගිහින් පටලවා ගන්නවා.ඒකට හේතුව වැඩිදුර කල්පනා නොකිරීමයි.ඒඅයුරින් පින් කරන්න ගිහින් එක්තරා භික්ෂුණියක් කලන්තෙ හැදිලා වැටුණා.

මල්ලිකා දේවියගේ කථා වස්තුව




හයවෙනි ගාථා රත්නය
මල්ලිකා දේවියගේ කථා වස්තුව

"චතුරාර්ය සත්‍ය අවබෝධ නොකිරීම අනතුරක්මයි"

පින්වතුනේ, පින්වත් දරුවනේ, මල්ලිකා දේවිය ගැන ඔබ අසා ඇති.ඇය හරියට පින් කළා.කොසොල් රජතුමාවත් බුදුරජාණන් වහන්සේ කෙරෙහි පැහැදෙව්වේ ඇය විසිනුයි.ඇය නිහතමානීව සිටින්නට බොහෝ උත්සාහ කළා.ඇය බොහෝ සෙයින් සංඝයාට දාන මාන දෙන්නත්, පුදපූජාවන් පවත්වන්නටත් කල් ගෙවූ නමුත් චතුරාර්ය සත්‍ය අවබෝධය පිණිස වෙහෙසුණේ නෑ.මාර්ගඵල ලබන්නට බැරිව ගියා.මෙනිසාම ඇගේ සිත සතර සතිපට්ඨානයෙහි රඳවා ගැනීමෙහි අදක්ෂ වුණා.

රූප නන්දා භික්ෂුණියගේ කථා වස්තුව



පස්වෙනි ගාථා රත්නය
රූප නන්දා භික්ෂුණියගේ කථා වස්තුව

"බුදුරජාණන් වහන්සේගෙන් ඒකාන්තයෙන්ම පිහිට ලැබේ"

පින්වතුනේ, පිනවත් දරුවනේ, භාග්‍යවතුන් වහන්සේගේ පවුලේ සියලු දෙනාම පාහේ නිවන් අවබෝධ කළා.කිඹුල්වත් පුරයට වැඩම කිරීමෙන් පස්සේ නන්ද කුමාරයාට පැවිදි වෙන්න වාසනාව ලැබුණා.පස්සේ ප්‍රජාපතී ගෝතමී බිසවත් පැවිදි වුණා.යසෝදරාවත් පැවිදි වුණා.නන්දා කුමරිය තමයි ඉතුරු වුණේ.ඉතින් ඈ කල්පනා කළෙත් තනියම මාළිගයකට වෙලා ජීවත් වෙන එක තේරුමක් නෑ කියලයි.ඇයට තිබුණේ ධර්මය අවබෝධ කිරීමේ ආසාව නොවෙයි.තනිව සිටීමේ අකමැත්තයි.බඳින්න අදහසක් තිබුණේත් නෑ.මේ නිසාම ඈත් භික්ෂුණියක් වෙන්න තීරණය කළා.

විශාඛාවගේ යෙහෙළියන්ගේ කථා වස්තුව



පළමුවෙනි ගාථා රත්නය
විශාඛාවගේ යෙහෙළියන්ගේ කථා වස්තුව

"පමාවන සැණින් මාරයා ඩැහැගන්නවා"

පින්වතුනේ, පින්වත් දරුවනේ, කලණ මිතුරන් ළඟ සිටියත් සමහරුන්ට ඒ ළඟ සිටින කලණ මිතුරන් සොයාගන්න අමාරුයි.කලණ මිතුරෙක් හැමතිස්සේම කරන්නේ තමා ඇසුරු කරන අයව යහපතෙහි යෙදවීමයි.පිනට යෙදවීමයි.එය අනුකම්පාවෙන් යුතු කලණ මිතුරාගේ ස්වාභාවයයි.එබඳු ගුණයෙන් යුතු කලණ මිතුරියක් එකල සිටියා.ඈ තමයි විශාඛා මහෝපාසිකාව.ඕ තොමෝ මහත් කරුණාවෙන් යුක්තයි.අනුකම්පාවෙන් යුක්තයි.ඒ වගේම ප්‍රඥාවෙනුත් යුක්තයි.සැවැත් නුවර සිටි ඉතාමත් සම්භාවනීය, වැදගත්, ප්‍රභූ කාන්තාව වුණෙත් විශාඛාවයි.

බාහිය දාරුචීරිය තෙරුන්ගේ කථා වස්තුව






දෙවෙනි ගාථා රත්නය
බාහිය දාරුචීරිය තෙරුන්ගේ කථා වස්තුව

"පින් ඇති කෙනා සැණෙකින් ධර්මය දකිනවා"

පින්වතුනේ, පින්වත් දරුවනේ, සමහර අයට බුදුරජාණන් වහන්සේව ඇසුරට ලැබෙන්නේ මොහොතයි.ඒ මොහොතේදී ඔහුට බුදු ගුණ අසන්නට ලැබෙනවා.බුදු රජුන්ගේ ධර්මය හරිම අසිරිමත්.පුදුම සහගතයි.මිනිස් සන්තානය තුළ ඇති සියලු ගැටලු විසඳන්න ඒ ධර්මයට පුළුවන්.මිනිස් ජීවිතය මුළුමනින්ම පිරිසිදු කරන්න ඒ ධර්මයට පුළුවන්.කෙලෙස් සැඩ පහරේ වේගයෙන් ගසාගෙන යන සත්වයාව එයින් උඩට ඔසවා අමා මහ නිවන නම් වූ දූපත වෙත ගෙන යන්නටත් ඒ ධර්මයට පුළුවන්.ඒ ධර්මයට සමාන කරන්න පුළුවන් කිසි දෙයක් ලෝකයේ නැහැ.එවැනි අසිරිමත් ධර්මයක් කණ වැකුණු සැණෙකින් සියලු සසර දුක් නිමා කළ උදාර පුද්ගලයෙක් ගැනයි දැන් ඔබ ඉගෙන ගන්නේ.

Wednesday, August 15, 2012

කෝක නම් බලු වැද්දාගේ කථා වස්තුව



දසවෙනි ගාථා රත්නය
කෝක නම් බලු වැද්දාගේ කථා වස්තුව

"අනුන්ට කපනා වළේ වැටෙන්නේ තමන්මයි"

පින්වතුනේ, පින්වත් දරුවනේ, බුද්ධ කාලෙ වුණත් මිනිසුන්ගේ ස්වාභාවයේ ලොකු වෙනසක් තිබිල නෑ වගේ.නමුත් ධර්මාවබෝධයට පින් ඇති අයට කොහොම හරි අවස්ථාව සැළසෙනවා.ඔය අතරේ අදකාලෙ වගේම පව් කරගන්න අයත් ඉන්නවා.

සුප්‍රබුද්ධගේ කථා වස්තුව



දහතුන්වෙනි ගාථා රත්නය
සුප්‍රබුද්ධගේ කථා වස්තුව

"මරණෙන් සැඟවෙන තැනක් ලොවේ කිසිදා හමු නොවේ"

පින්වතුනේ, පින්වත් දරුවනේ, මේ කථාවත් හරිම සංවේගජනකයි.අපි හිතාගෙන ඉන්නේ පවුලේ සියලු දෙනාම ධර්මයට ගන්නයි.හැමෝම හොඳින් ඉන්නවා දකින්නයි.නමුත් එහෙම වෙන්නේ නැහැ.එකම පවුලේ වුණත් වෙනස් වෙනස් ඉරණමකට වෙන් වෙලා යනවා.දැන් මේ කියවෙන්නෙත් යසෝදරාවගේ පවුල ගැනයි.

:::සත්ත ජටිල සූත්‍රය:::




නමෝ බුද්ධාය....!

”පින්වත් මහරජ,
ගිහි ගෙදර ගත කරන,
කම්සැප විඳින,
දූ දරුවන්ගේ කරදර තියෙන,
සිනිඳු සළු පොරවන,
මල්, සුවඳ විලවුන් පාවිච්චි කරන,
රන් රිදී, පාවිච්චි කරන,
ඔබට මේ උදවිය රහත්ය,
මේ උදවිය රහත් මඟට බැසගත් පිරිසය කියල දැනගන්න පුළුවන්කමක් නෑ.

පෙන්නුව සෑමවිට තේජා...



පෙන්නුව සෑමවිට තේජා...
බෙදමින් දම් රස ඕජා....
මන්හට අවසර දෙනු මෑන...
මාගේ සම්බුදුරාජා....

බුදු සසුන බෑබලේවා !!!!!!!!!



නෑනයෙන් පාපය නසා දනමන පිබිදුව නිසා....
වනසතුනුත් දන ගෑසුවනේ බුදුසමිදුගේ බන අසා....


සසරෙහි ගමන් යන සත්වග රෑගෙන විදා....
තන්හා තිමිර පටලය ලග නිබද හඩා....
වෑලපුන සතට එලියක් උනි අදුර කඩා....
සම්බුදු බලය වෑඩියි හෑම බලයකටම වඩා....

:::පඨම ආයු සූත‍්‍රය:::




:::පඨම ආයු සූත‍්‍රය:::

...ආයුෂ ගැන වදාළ පළමු දෙසුම...

මා හට අසන්නට ලැබුනේ මේ විදිහටයි. ඒ දිනවල භාග්‍යවතුන්
වහන්සේ වැඩසිටියේ රජගහ නුවර වේළුවනය නම් වූ කලන්දක නිවාපයේ.
එදා

:::දුතිය කෝකාලික සූත‍්‍රය:::



:::දුතිය කෝකාලික සූත‍්‍රය:::

...කෝකාලික භික්ෂුව ගැන වදාළ දෙවෙනි දෙසුම...

සැවැත් නුවරදී ...............................


එදා කෝකාලික භික්‍ෂුව භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණුනා.
පැමිණිලා භාග්‍යවතුන් වහන්සේට වන්දනා කරලා, පැත්තකින් වාඩිවුනා. පැත්තකින්
වාඩිවුන කෝකාලික භික්‍ෂුව භාග්‍යවතුන් වහන්සේට මෙහෙම කිව්වා.

:::කස්සප සූත‍්‍රය:::




:::කස්සප සූත‍්‍රය:::

...මහාකස්සප තෙරුන් අරභයා වදාළ උදානය...

මා හට අසන්නට ලැබුනේ මේ විදිහටයි.
ඒ දිනවල භාග්‍යවතුන් වහන්සේ
වැඩසිටියේ රජගහ නුවර ලේනුන්ගේ අභය භූමිය වූ වේළුවනාරාමයේ.
ඒ දවස්වල ආයුෂ්මත් මහාකස්සප තෙරුන් වහන්සේ පිප්ඵලී ගුහාවේ වැඩසිටියේ.

:::ද්විධාපථ සූත‍්‍රය:::




:::ද්විධාපථ සූත‍්‍රය:::

...දෙමං හන්දිය නිසා වදාළ උදානය...

මා හට අසන්නට ලැබුනේ මේ විදිහටයි. දිනක් භාග්‍යවතුන් වහන්සේ
තමන් වහන්සේගේ පසුපසින් පැමිණෙන භික්ෂුව හැටියට ආයුෂ්මත්
නාගසමාලයන් සමඟ කොසොල් ජනපදයේ දුර මාර්ගයකට පිවිස වදාළා.

ආයුෂ්මත් නාගසමාලයන් අතරමග දෙමං හන්දියක් තියෙනවා දැක්කා.
දැකලා භාග්‍යවතුන් වහන්සේට මෙහෙම කිව්වා.

:::ජීවිකා සූත‍්‍රය:::




:::ජීවිකා සූත‍්‍රය:::

...ජීවත් වීම ගැන වදාළ දෙසුම...

භාග්‍යවතුන් වහන්සේ තමයි මේ කාරණය වදාළේ.
අරහත් මුනිඳාණන්මයි මෙය වදාළේ.
මේ විදිහටයි මට අසන්නට ලැබුනේ.

Wednesday, August 1, 2012

මහධන සිටුපුත්‍රයාගේ කථා වස්තුව



දහවෙනි සහ එකොළොවෙනි ගාථා රත්නයන්
මහධන සිටුපුත්‍රයාගේ කථා වස්තුව

"නරක යාළුවන් ලැබුණොත් විනාසයි"

පින්වතුනේ, පින්වත් දරුවනේ, මිනිස් ලොව ඉපදුණ අපට පින තියෙන්නේ කොයි විදිහටද කියලා තේරුම් ගන්න දැනුමක් නෑ.මේ නිසයි අපි බුද්ධිමත් විය යුත්තේ.එහෙම නැත්නම් පාප මිතුරන් ඇසුර නිසාම අප සතු සියලු වටිනා දේ අහිමි වෙනවා.එවැනි අවාසනාවන්ත ජෝඩුවක් ගැනයි අද අපි දැනගන්නේ.

උත්තිය සූත්‍රය



උත්තිය සූත්‍රය - අංගුත්තර නිකාය.....

වරෙක උත්තිය නම් තවුසෙක් බුදුරජාණන් වහන්සේ වෙත පැමිණ අනවශ්‍ය ප්‍රශ්න රාශියක් උන්වහන්සේගෙන් අසන්නට පටන් ගති. ඔහුගේ අවබෝධය පිණීස හේතු නොවන ඒ ප්‍රශ්න පසෙක තැබූ උන්වහන්සේ ඉතා කෙටියෙන් මෙසේ වදාළහ.

"උත්තිය තාපසය, මා විසින් මේ සද්ධර්මය දෙසනු ලබන්නේ ප්‍රත්‍යක්ෂ වශයෙන් අවබෝධ කරගත් පැහැදිලි නුවණකිනි. එහෙයින් මේ සද්ධර්මය

:::සත්ත ජටිල සූත‍්‍රය:::



:::සත්ත ජටිල සූත‍්‍රය:::

නමෝ බුද්ධාය....!

”පින්වත් මහාරාජ,
ගිහි ගෙදර ගත කරන,
කම්සැප විඳින,
දූ දරුවන්ගේ කරදර තියෙන,
සිනිඳු සළු පොරවන,
මල්, සුවඳ විලවුන් පාවිච්චි කරන,
රන් රිදී, පාවිච්චි කරන,
ඔබට මේ උදවිය රහත්ය, මේ උදවිය රහත් මඟට බැසගත්
පිරිසය
කියල දැනගන්න පුළුවන්කමක් නෑ.