Showing posts with label සූත්‍ර. Show all posts
Showing posts with label සූත්‍ර. Show all posts

Wednesday, April 24, 2013

රතන සුත්තං


රතන සුත්තං
(මැණික් ගැන වදාළ දෙසුම)

01. යානීධ භූතානි සමාගතානි
භුම්මානි වා යානිව අන්තලික්ඛේ
සබ්බේව භූතා සුමනා භවන්තු
අථෝපි සක්කච්ච සුණන්තු භාසිතං

භූත පිරිස් කිසිවෙකු මෙහි සිටිත් ද රැස් වුන
අහසේ හෝ පොළොවේ හෝ ඒ හැම එක් වුන
සියළු භූතයෝ සැප ඇති සිත් ඇති වෙත්වා !
එමෙන් ම මා පවසන දෙය හොඳින් අසත්වා !

Thursday, August 30, 2012

:::කට්ඨහාර සූත‍්‍රය:::



:::කට්ඨහාර සූත‍්‍රය:::

...දර ගෙන යන තරුණයින්ට වදාළ දෙසුම...

මා හට අසන්නට ලැබුනේ මේ විදිහටයි.

ඒ දිනවල භාග්‍යවතුන් වහන්සේ වැඩසිටියේ කොසොල් ජනපදයේ එක්තරා වන ලැහැබකය.

එදා භාරද්වාජ ගෝත‍්‍රයට අයත් එක්තරා බ‍්‍රාහ්මණයෙකුගේ ශිෂ්‍යයන් වූ
බොහෝ තරුණ පිරිසක් දර ගෙන යන්නට ඒ වන ලැහැබට ඇතුළු වුනා.

:::මහාලී සත්තවතපද සූත‍්‍රය:::




:::මහාලී සත්තවතපද සූත‍්‍රය:::

...උතුම් ව‍්‍රත හත ගැන මහාලී ලිච්ඡුවියාට වදාළ දෙසුම...

මා හට අසන්නට ලැබුනේ මේ විදිහටයි.
ඒ දිනවල භාග්‍යවතුන් වහන්සේ වැඩසිටියේ විශාලා මහනුවර මහාවනයේ කූටාගාර ශාලාවේ.

එදා මහාලි කියන ලිච්ඡුවි වංශිකයා භාග්‍යවතුන් වහන්සේ ළඟට ගියා.
ගිහින් භාග්‍යවතුන් වහන්සේට වන්දනා කරලා, පැත්තකින් වාඩිවුනා.

පැත්තකින් වාඩිවුන මහාලි ලිච්ඡුවි වංශිකයා භාග්‍යවතුන් වහන්සේගෙන් මෙහෙම ඇහුවා.

Wednesday, August 15, 2012

සුප්‍රබුද්ධගේ කථා වස්තුව



දහතුන්වෙනි ගාථා රත්නය
සුප්‍රබුද්ධගේ කථා වස්තුව

"මරණෙන් සැඟවෙන තැනක් ලොවේ කිසිදා හමු නොවේ"

පින්වතුනේ, පින්වත් දරුවනේ, මේ කථාවත් හරිම සංවේගජනකයි.අපි හිතාගෙන ඉන්නේ පවුලේ සියලු දෙනාම ධර්මයට ගන්නයි.හැමෝම හොඳින් ඉන්නවා දකින්නයි.නමුත් එහෙම වෙන්නේ නැහැ.එකම පවුලේ වුණත් වෙනස් වෙනස් ඉරණමකට වෙන් වෙලා යනවා.දැන් මේ කියවෙන්නෙත් යසෝදරාවගේ පවුල ගැනයි.

:::සත්ත ජටිල සූත්‍රය:::




නමෝ බුද්ධාය....!

”පින්වත් මහරජ,
ගිහි ගෙදර ගත කරන,
කම්සැප විඳින,
දූ දරුවන්ගේ කරදර තියෙන,
සිනිඳු සළු පොරවන,
මල්, සුවඳ විලවුන් පාවිච්චි කරන,
රන් රිදී, පාවිච්චි කරන,
ඔබට මේ උදවිය රහත්ය,
මේ උදවිය රහත් මඟට බැසගත් පිරිසය කියල දැනගන්න පුළුවන්කමක් නෑ.

:::පඨම ආයු සූත‍්‍රය:::




:::පඨම ආයු සූත‍්‍රය:::

...ආයුෂ ගැන වදාළ පළමු දෙසුම...

මා හට අසන්නට ලැබුනේ මේ විදිහටයි. ඒ දිනවල භාග්‍යවතුන්
වහන්සේ වැඩසිටියේ රජගහ නුවර වේළුවනය නම් වූ කලන්දක නිවාපයේ.
එදා

:::දුතිය කෝකාලික සූත‍්‍රය:::



:::දුතිය කෝකාලික සූත‍්‍රය:::

...කෝකාලික භික්ෂුව ගැන වදාළ දෙවෙනි දෙසුම...

සැවැත් නුවරදී ...............................


එදා කෝකාලික භික්‍ෂුව භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණුනා.
පැමිණිලා භාග්‍යවතුන් වහන්සේට වන්දනා කරලා, පැත්තකින් වාඩිවුනා. පැත්තකින්
වාඩිවුන කෝකාලික භික්‍ෂුව භාග්‍යවතුන් වහන්සේට මෙහෙම කිව්වා.

:::කස්සප සූත‍්‍රය:::




:::කස්සප සූත‍්‍රය:::

...මහාකස්සප තෙරුන් අරභයා වදාළ උදානය...

මා හට අසන්නට ලැබුනේ මේ විදිහටයි.
ඒ දිනවල භාග්‍යවතුන් වහන්සේ
වැඩසිටියේ රජගහ නුවර ලේනුන්ගේ අභය භූමිය වූ වේළුවනාරාමයේ.
ඒ දවස්වල ආයුෂ්මත් මහාකස්සප තෙරුන් වහන්සේ පිප්ඵලී ගුහාවේ වැඩසිටියේ.

:::ද්විධාපථ සූත‍්‍රය:::




:::ද්විධාපථ සූත‍්‍රය:::

...දෙමං හන්දිය නිසා වදාළ උදානය...

මා හට අසන්නට ලැබුනේ මේ විදිහටයි. දිනක් භාග්‍යවතුන් වහන්සේ
තමන් වහන්සේගේ පසුපසින් පැමිණෙන භික්ෂුව හැටියට ආයුෂ්මත්
නාගසමාලයන් සමඟ කොසොල් ජනපදයේ දුර මාර්ගයකට පිවිස වදාළා.

ආයුෂ්මත් නාගසමාලයන් අතරමග දෙමං හන්දියක් තියෙනවා දැක්කා.
දැකලා භාග්‍යවතුන් වහන්සේට මෙහෙම කිව්වා.

:::ජීවිකා සූත‍්‍රය:::




:::ජීවිකා සූත‍්‍රය:::

...ජීවත් වීම ගැන වදාළ දෙසුම...

භාග්‍යවතුන් වහන්සේ තමයි මේ කාරණය වදාළේ.
අරහත් මුනිඳාණන්මයි මෙය වදාළේ.
මේ විදිහටයි මට අසන්නට ලැබුනේ.

Wednesday, August 1, 2012

උත්තිය සූත්‍රය



උත්තිය සූත්‍රය - අංගුත්තර නිකාය.....

වරෙක උත්තිය නම් තවුසෙක් බුදුරජාණන් වහන්සේ වෙත පැමිණ අනවශ්‍ය ප්‍රශ්න රාශියක් උන්වහන්සේගෙන් අසන්නට පටන් ගති. ඔහුගේ අවබෝධය පිණීස හේතු නොවන ඒ ප්‍රශ්න පසෙක තැබූ උන්වහන්සේ ඉතා කෙටියෙන් මෙසේ වදාළහ.

"උත්තිය තාපසය, මා විසින් මේ සද්ධර්මය දෙසනු ලබන්නේ ප්‍රත්‍යක්ෂ වශයෙන් අවබෝධ කරගත් පැහැදිලි නුවණකිනි. එහෙයින් මේ සද්ධර්මය

:::සත්ත ජටිල සූත‍්‍රය:::



:::සත්ත ජටිල සූත‍්‍රය:::

නමෝ බුද්ධාය....!

”පින්වත් මහාරාජ,
ගිහි ගෙදර ගත කරන,
කම්සැප විඳින,
දූ දරුවන්ගේ කරදර තියෙන,
සිනිඳු සළු පොරවන,
මල්, සුවඳ විලවුන් පාවිච්චි කරන,
රන් රිදී, පාවිච්චි කරන,
ඔබට මේ උදවිය රහත්ය, මේ උදවිය රහත් මඟට බැසගත්
පිරිසය
කියල දැනගන්න පුළුවන්කමක් නෑ.

Tuesday, July 31, 2012

:::පියංකර සූත‍්‍රය:::




:::පියංකර සූත‍්‍රය:::

...පියංකර මාතාව පැවසූ දෙසුම...

මා හට අසන්නට ලැබුනේ මේ විදිහටයි.

ඒ දිනවල ආයුෂ්මත් අනුරුද්ධ
තෙරුන් සැවැත් නුවර ජේවනය නම් වූ අනේපිඬු සිටුතුමාගේ ආරාමයේ
වැඩසිටියා.
එදා ආයුෂ්මත් අනුරුද්ධ තෙරුන්,
අළුයමින් අවදි වෙලා, දහම් පද හඬ නඟා කියමින් හිටියා.

Monday, July 30, 2012

:::මිච්ඡාදිට්ඨිකම්මසමාදාන සූත‍්‍රය:::




:::මිච්ඡාදිට්ඨිකම්මසමාදාන සූත‍්‍රය:::

...මිත්‍යා දෘෂ්ටික දේවල් කිරීම නිසා වන දේ ගැන වදාළ දෙසුම...

භාග්‍යවතුන් වහන්සේ තමයි මේ කාරණය වදාළේ. අරහත් මුනිඳාණන්මයි
මෙය වදාළේ. මේ විදිහටයි මට අසන්නට ලැබුනේ.

:::අන්ධකවින්ද සූත‍්‍රය:::







:::අන්ධකවින්ද සූත‍්‍රය:::

...අන්ධකවින්ද ගමේදී සහම්පතී බ‍්‍රහ්මයා පැවසූ ගාථා කරුණ
අනුමත කොට වදාළ දෙසුම...

මා හට අසන්නට ලැබුනේ මේ විදිහටයි. ඒ දිනවල භාග්‍යවතුන් වහන්සේ
මගධ ජනපදයේ අන්ධකවින්ද ගමේ තමයි වැඩවාසය කළේ.

:::තුදු බ‍්‍රහ්ම සූත‍්‍රය:::




:::තුදු බ‍්‍රහ්ම සූත‍්‍රය:::

...තුදු බ‍්‍රහ්මයා විසින් කෝකාලික භික්ෂුවට කියූ කරුණු
ඇතුළත් දෙසුම...

සැවැත් නුවරදී ...............................

Thursday, July 26, 2012

::::බාහිය සූත‍්‍රය::::



::::බාහිය සූත‍්‍රය::::
....බාහිය දාරුචීරිය අරභයා වදාළ උදානය....

මා හට අසන්නට ලැබුනේ මේ විදිහටයි. ඒ දිනවල භාග්‍යවතුන් වහන්සේ
වැඩසිටියේ සැවැත් නුවර ජේතවනය නම් වූ අනේපිඬු සිටුතුමාගේ ආරාමයේ.

ඒ දිනවල දරපතුරුවලින් කළ වැරහැල්ලක් ඇඳගෙන සිටි නිසා දාරුචීරිය
යැයි කියන බාහිය වාසය කළේ සුප්පාරක පටුනේ මුහුදු තීරේ. මිනිස්සු ඔහුට
ගොඩාක් සැළකුවා. ගරු කළා. බුහුමන් කළා. පූජා කළා. යටහත් පැවැතුම්
දැක්වූවා. ඒ වගේම ඔහුට චීවර, පිණ්ඩපාත, සේනාසන, ගිලන්පස, බෙහෙත්,
පිරිකරත් හොඳට ලැබුනා. ඉතින් දවසක් හුදෙකලාවේ භාවනාවෙන් සිටිය
බාහිය දාරුචීරියට මේ අදහස ඇති වුනා.

:::අග්ගප්පසාද සූත‍්‍රය:::




:::අග්ගප්පසාද සූත‍්‍රය:::

...උතුම් පැහැදීම ගැන වදාළ දෙසුම...

භාග්‍යවතුන් වහන්සේ තමයි මේ කාරණය වදාළේ. අරහත් මුනිඳාණන්මයි
මෙය වදාළේ. මේ විදිහටයි මට අසන්නට ලැබුනේ.

:::දේවදත්ත සූත‍්‍රය:::



:::දේවදත්ත සූත‍්‍රය:::

...දේවදත්ත ගැන වදාළ දෙසුම...

භාග්‍යවතුන් වහන්සේ තමයි මේ කාරණය වදාළේ.
අරහත් මුනිඳාණන්මයි මෙය වදාළේ.
මේ විදිහටයි මට අසන්නට ලැබුනේ.

:::විශාඛා සූත‍්‍රය:::



:::විශාඛා සූත‍්‍රය:::

...විශාඛා උපාසිකාවට වදාළ උදානය...

මා හට අසන්නට ලැබුනේ මේ විදිහටයි.
ඒ දිනවල භාග්‍යවතුන් වහන්සේ වැඩසිටියේ සැවැත් නුවර මිගාර මාතු ප‍්‍රාසාදය නම් වූ පූර්වාරාමයේ.
ඒ දිනවල මිගාර මාතා නම් වූ විශාඛාවගේ ඉතා ප‍්‍රිය මනාප වූ මිණිබිරියක්
කළුරිය කළා.