Tuesday, July 31, 2012

:::පියංකර සූත‍්‍රය:::




:::පියංකර සූත‍්‍රය:::

...පියංකර මාතාව පැවසූ දෙසුම...

මා හට අසන්නට ලැබුනේ මේ විදිහටයි.

ඒ දිනවල ආයුෂ්මත් අනුරුද්ධ
තෙරුන් සැවැත් නුවර ජේවනය නම් වූ අනේපිඬු සිටුතුමාගේ ආරාමයේ
වැඩසිටියා.
එදා ආයුෂ්මත් අනුරුද්ධ තෙරුන්,
අළුයමින් අවදි වෙලා, දහම් පද හඬ නඟා කියමින් හිටියා.

එවේලෙහි පියංකර මාතා යක්‍ෂණිය කුඩා දරුවාව මේ විදිහට නැලෙව්වා.

”පුතේ පියංකර, සද්ද කරන්න එපා! භික්‍ෂුව දහම් පද හඬ නඟා
කියනවානෙ.

බණ පදයක් ඉගෙන ගෙන,
පිළිපැදගන්න පුළුවන් වුනොත්,
ඒක අපට යහපතක්ම නෙව.
අපි සත්ව හිංසාවෙන් වැළකිලා ඉන්නෙ.
දැන දැන බොරු කියන්නෙ නෑ.
අපි පිරිසිදු විදිහට සිලූත් රකිනවා.
කොහොම හරි මේ පිසාච යෝනියෙන් අත්මිදෙන්න ඕන.”

සාදු! සාදු!! සාදු!!!

:::සංයුත්ත නිකාය - යක්ඛ සංයුත්තය:::



(Picked from Facebook

No comments:

Post a Comment