
සල්ලි තිබුනා කියලා දීර්ඝායුෂ ලැබෙන්නේ නෑ.
වස්තුව තිබුනා කියලා නාකි නොවී ඉන්ට බෑ.
අන්න ඒ නිසයි නුවණැති මුනිවරු කියන්නේ මේ ජීවිතය සුළු කලයි තියෙන්නේ කියලා.
සදාකාලික නෑ කියලා.
වෙනස් වෙන ස්වාභාවයට අයිතියි කියලා.
දුප්පත්, පොහොසත් කාටත් අරමුණු වලින් ස්පර්ශය ඇති වෙනවා.
නුවණැති මෝඩ කාටත් අරමුණු වලින් ස්පර්ශය ඇති වෙනවා.
මෝඩ තැනැත්තා නුවණ නැති නිසාම ඒ ස්පර්ශයෙන් දුක් විඳිනවා.
දුක සේ නිදාගන්නවා.
නුවණැති මුනිවරයා කොයි ස්පර්ශයක් ලැබුනත් අකම්පිතව ඉන්නවා.
පින්වත් රජතුමනි, මේ කාමයන් විචිත්‍රයි තමයි.
මිහිරියි තමයි. සිත ඇදී යනවා තමයි.
ඒ වුණත් ඒ තුළින් මේ සිත නොයෙක් විදියට කලබල වෙලා යනවා.
කාමයේ තිබෙන මේ ආදීනව දැකලයි මං මහණ වුණේ.
පුංචි අයත් වැඩිහිටියෝ කවුරුත් මැරිලා යන්නේ ගස් වල ගෙඩි වැටෙනවා වගේ.
පින්වත් රජතුමනි, ඒවා දැකලයි මං මහණ වුණේ.
මේ ශ්‍රමණ ජීවිතය කිසි කරදරයක් නෑ.
ඒ වගේම උතුම් ජිවිතයක්.
රට්ඨපාල තෙරුන් වදාළ ගාථා.......
(This share from the Facebook
No comments:
Post a Comment