Friday, December 13, 2013

පතිවත රැකීමේ ආනිසංසයෙන් දෙව් සැප ලත් දිව්‍යාංගනාව

පතිවත රැකීමේ ආනිසංසයෙන් දෙව් සැප ලත් දිව්‍යාංගනාව
බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර ජේතවනාරාමයෙහි වැඩ වෙසෙන සමයෙහි ඉතා පි‍්‍රය මනාප හැසිරීමෙන් යුත් කාන්තාවක් එනුවර විසුවා ය. දිවි දෙවෙනි කොට පතිව්‍රතා ධර්මය ආරක්‍ෂා කළ ඕතොමෝ ස්වාමියාට ඉතා කීකරුය. සැමියාගේ වචනය ඉක්මවා නොයන්නීය. කිසි විටෙකත් සැර පරුෂ වචන කථා නොකරන මිහිරි වදනින් සැමියා සනසන ඉවසීමේ ගුණය පුහුණු කළ ස්වාමියාට නිරන්තරයෙන්ම ඇප උපස්ථාන කරමින් ගෞරව කළ ආදර්ශමත් කාන්තාවක වූවා ය.

Wednesday, April 24, 2013

෴සැමියෙකුගෙන් ඉටුවිය යුතු යුතුකම්෴

බුදු දහම ලෝ සතුන්ට දෙලොව දියුණුව පිණිස හේතුවන මාර්ගයක් දේශනා කළ දහමකි. මෙමගින් සංසාරගත අනේකවිධ දුක්ඛයන්ගෙන් විනිර්මුක්තව ලබන උතුම් නිවන සඳහා වූ මාර්ගය ඉගැන්වෙන බැවින් එය ලෝකෝත්තර අංශයට පමණක් අවධානය යොමුකළ දේශනාවක් වශයෙන් ඇතැමුන් කල්පනා කරති. එහෙත් බුදුදහම මෙලොව පරලොව සුව සලසා ගැනීමත් එමගින් නිවන් සඳහා වන මග හෙළිපෙහෙළි කිරීමත් යන ලෞකික හා ලෝකෝත්තර යන දෙඅංශය කෙරෙහි ම අවධානය යොමු කළ දහමක් වශයෙන් හඳුනා ගැනීම වඩාත් නිවැරදිය. නිර්වාණය පිණිස වන වැඩ පිළිවෙළෙහි මූලික අඩිතාලම වර්තමාන ජීවිතය බැවින් මෙලොව දිවියේ සතුට, යහපත් පැවැත්ම හා හොඳ හිත පවත්වා ගැනීම කෙරෙහි බුදුදහම විශේෂ අවධානයක් යොමුකරයි. යහපත් ජීවිතයක් ගත කරන්නා මෙලොවත් පරලොවත් සතුටු වන බව බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීමයි.

රතන සුත්තං

රතන සුත්තං
(මැණික් ගැන වදාළ දෙසුම)

01. යානීධ භූතානි සමාගතානි
භුම්මානි වා යානිව අන්තලික්ඛේ
සබ්බේව භූතා සුමනා භවන්තු
අථෝපි සක්කච්ච සුණන්තු භාසිතං

භූත පිරිස් කිසිවෙකු මෙහි සිටිත් ද රැස් වුන
අහසේ හෝ පොළොවේ හෝ ඒ හැම එක් වුන
සියළු භූතයෝ සැප ඇති සිත් ඇති වෙත්වා !
එමෙන් ම මා පවසන දෙය හොඳින් අසත්වා !

෴ආළවක යකු දමනය කිරිම෴

සැවැත්පුර වෙසෙන භාග්‍යවතුන්වහන්සේ කළුවර පක්ෂයේ පොහෝ දිනක අලුයමි කාලයේ මහා කරැණා සමාපත්තියෙන් නැගිට ලොව බලන සේක්, ආළවක කුමරැ අනාගාමි විමට හේතු සමිපත් ඇති බවද, අළවියකු සෝවාන් ඵලයෙහි පිහිටුවිය හැකි බවද, එහි දී වන ධර්ම දේශනාව අසා බොහෝ සත්ත්වයනට ධර්මාභිසමයද වන බව දැක, එදින සවස හුදකලාවම පා ගමනින්ම වැඩ,අලවි පුරයට ටික දුරකින් වනයේ වු ආළවක යකුගේ ප්‍රාසාදයට වැඩි සේක.

Monday, April 22, 2013

෴පිණ්ඩෝල භාරද්වාජ මහ රහතන් වහන්සේ෴

අප ගෞතම බුදුරදුන් කල රජගහ නුවර මහත් ධනවත් බමුණු කුලයක භාරද්වාජ නම් දරුවා ඉපදුනා. වැඩිවියට පත් ඔහු වේද, වේදාංගයන්හි කෙළ පැමිණ පන්සියයක් සිසුන්ට ගුරු බවට පත් වුණා. කෑමෙහි ගිජු වූ ඔහු නිතර ආහාරපාන රස කැවිලි ආදිය විමසන්නට පුරුදු වුණා. භාරද්වාජ නමට පිණ්ඩෝල යන නාමය එකතු වූයේ ප්‍රකටව පැවැති ඒ ගිජු කම නිසා. බුදුරදුන්ගෙන් බණ අසා පෙර පින් ඇති ඔහු පසුව රහත් භාවයට පත් වුණා. වඩින සෑම තැනකම භික්‍ෂූන් අමතා සෝවාන් භාවය ඇතුළු මගඵල පිළිබඳ ගැටලුවක් ඇත්නම් තමන්ගෙන් විමසන්නයැ යි අභීත වූ හඬ පමණක් නොව බුදුරදුන් හමුවේ ද සසුනෙහි ලැබිය යුතු උසස් ඵල තමා ලබා ගත් බව කිසිදු පැකිලීමක් නැතුව පැවසුවා. මේ උතුම් උසස් අභීත හඬ ගා කීම මුල් කොට “ මහණෙනි, මාගේ ශ්‍රාවකයන් අතර සිංහනාද කරණ පිණ්ඩෝල භාරද්වාජ රහත් නම අග්‍රස්ථානයේ තබන්නෙමි” යි බදුරදුන් විසින් අගතනතුර දෙන ලදී.

ආර්ය ශ්‍රාවකයෝ

බෞද්ධ සමාජය තුළ ඔබ කෙබඳු බිරියක් ද?

මහා සමාජය නම් වූ ඉහළ ඒකකය ගොඩ නඟන්නේ “පවුල” නම් වූ කුඩා ඒකක සමූහයක එකතුවෙනි. පවුල යන්න ඉතා ඉහළ ශක්තීන් සමුදායක් ගොනු කරගත් ප්‍රාථමික අංගයකි. එහිදී මෙලොව සියලු පුද්ගලයන් ජනිතව පවතින්නේ මවකගෙනි. එසේත් නැතිනම් කාන්තාවගෙනි. කාන්තාව විවිධ භූමිකා ඔස්සේ අප සමාජයට බලපෑම් කරයි. ළදැරියක්, තරුණියක්, බිරිඳක්, මවක් ලෙස ඇය මෙකී සමාජය තුළ කතාබහට ලක්වෙයි.

Tuesday, January 1, 2013

අග්ගිදත්ත බ්‍රාහ්මණයාගේ කථා වස්තුව

දහවැනි, එකොළොස්වැනි, දොළොස්වැනි, දහතුන්වැනි සහ දාහතරවැනි ගාථා රත්නයන්
අග්ගිදත්ත බ්‍රාහ්මණයාගේ කථා වස්තුව

"බුදු සරණ ලැබෙන හැටි හරි පුදුමයි."

පින්වතුනේ, පින්වත් දරුවනේ, අපේ බුදුරජාණන් වහන්සේගේ කාලේ ගොඩාක් පින් ඇති අය ඉපදිලා හිටියා.හැබැයි තම තමන්ගේ සසරගත පුරුදු අනුව අනවශ්‍ය දේවල්වල පැටලිලා හිටියා.තමන්ට ධර්මයේ පිළිසරණ ලැබෙන කාලය එනකම් ඔහේ ජීවත් වුණා.නොයෙක් දෘෂ්ටි ගත්තා.වැරදි මතවාදවල පැටලුණා.නමුත් නිවන් අවබෝධය සඳහා පින මතුවෙද්දී ඒ සියල්ල අභිබවා දහම කරා ගියා.එවැනි කථා ප්‍රවෘත්තියක් තමයි දැන් දැනගන්නේ.