Wednesday, April 24, 2013

෴ආළවක යකු දමනය කිරිම෴




සැවැත්පුර වෙසෙන භාග්‍යවතුන්වහන්සේ කළුවර පක්ෂයේ පොහෝ දිනක අලුයමි කාලයේ මහා කරැණා සමාපත්තියෙන් නැගිට ලොව බලන සේක්, ආළවක කුමරැ අනාගාමි විමට හේතු සමිපත් ඇති බවද, අළවියකු සෝවාන් ඵලයෙහි පිහිටුවිය හැකි බවද, එහි දී වන ධර්ම දේශනාව අසා බොහෝ සත්ත්වයනට ධර්මාභිසමයද වන බව දැක, එදින සවස හුදකලාවම පා ගමනින්ම වැඩ,අලවි පුරයට ටික දුරකින් වනයේ වු ආළවක යකුගේ ප්‍රාසාදයට වැඩි සේක.


එසේ වැඩ ආළවක යකුගේ පුටුයේ හිද, එහි පැමිණි යක්ෂ ස්ත්‍රින්ට අවවාද කල සේක. ටික වෙලාවකින් අළවි යක් තෙම එහි පැමිණ භාග්‍යවතුන් වහන්සේට නොයේ අයුරෙන් හිරිහැර කරන්නට තැත් කල සේක.ඒ කිසිවකින් ජය නොලත් හෙතෙමෙ, භාග්‍යවතුන්වහන්සේ කුපිත කල හැකැයි සිතා නින්දා වචනින් "ශ්‍රමණය මින් පිට වෙවැයි කිය" මෙහිදී මෘදු බව දැක්විමෙන් යකුගේ කොපය අඩු කල හැකි බව දිටි බුදු රජානන්වහන්සේ "යහපත ඇවැත්නි කියා ගෙයින් පිටවු සේක" එතැන්සිට සිදුවිම, සුත්‍ර පිටකයේ, සංයුක්ත නිකායේ,යක්කසංයුක්තයේ, ඉන්දකවග්ගයේ, ආලවක සුත්‍රය පහතින් දක්වමින් ඉදිරිපත් කරනු ලැබෙ.

මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ අළවිනුවර අළවියකුගේ භවනයෙහි වැඩවසන සේක.

ඉක්බිති ආළවක යක්‍ෂතෙම භාග්‍යවතුන් වහන්සේ යමි තැනෙකද එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේට "මහණ, නික්මෙව" යි කීය. "මැනවි, ඇවැත්නි" යි භාග්‍යවතුන් වහන්සේ නික්මුණු සේක. "මහණ. ඇතුල්වෙව" යි ආළවකයා කීය. "ඇවැත්නි මැනවැ" යි භාග්‍යවතුන් වහන්සේ ඇතුල්වූ සේක.

දෙවෙනුවත් ආළවක යක්‍ෂතෙම භාග්‍යවතුන් වහන්සේට "මහණ, නික්මෙව" යි කීය. "ඇවැත්නි මැනවැ" යි භාග්‍යවතුන් වහන්සේ නික්මුණු සේක. "මහණ. ඇතුල්වෙව" යි ආළවකයා කීය. "ඇවැත්නි මැනවැ" යි භාග්‍යවතුන් වහන්සේ ඇතුල්වූ සේක.

තුන්වෙනුවද භාග්‍යවතුන්වහන්සේ එසේම කල සේක. (සංශිප්තය)

සතරවෙනුවද ආළවක යක්‍ෂතෙම භාග්‍යවතුන් වහන්සේට "මහණ, නික්මෙව" යි කීය.

ඇවැත්නි, මම නොනික්මෙමි. තා විසින් යමක් කටයුතු නමි එය කරව" යි භාග්‍යවතුන් වහන්සේ වදාළසේක.

මහණ, තා අතින් ප්‍රශ්නයක් අසමි. ඉදින් එය මට නොවිසදියේ නමි තාගේ සිත හෝ කළඹන්නෙමි. තාගේ හෘදය හෝ පළන්නෙමි. පාදයෙන් අල්ලා ගිහින් එතර හෝ දමන්නෙමි" යි ආළවකයා කීය.

භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක.

ඇවැත්නි, දෙවියන් සහිත, මරුන් සහිත, බඹුන් සහිත, බමුණන් සහිත ලොව දේව මනුෂ්‍ය ප්‍රජාවෙහි යමෙක් මාගේ සිත කළඹන්නේ හෝ හෘදය පළන්නේ හෝ පාදයෙන් ගෙන මහ ගිහින් එතර දමන්නේ හෝ වෙද, එබන්දක් මම නොදකිමි. එසේ වුවද, ඇවැත්නි, තෝ යමක් කැමැත්තෙහි, නමි එය අසව."

ඉක්බිති ආළවක යක්‍ෂතෙම භාග්‍යවතුන් වහන්සේට ගාථායෙන් කීය
(මෙය අළවි යකු සිය දෙමාපියන්ගෙන් උගත්තාවු ප්‍රශ්ණ 04 කි)

01) මෙලොවිහිවූ පුද්ගලයාට ශ්‍රේෂ්ඨ ධනය නමි කුමක්ද? පුරුදුකළාවූ කුමක් සැප ගෙන දෙන්නේද? කෙසේ ජීවත්වන්නකුගේ ජීවිතය ශ්‍රේෂ්ඨයයි කියනු ලැබෙද?

භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක. "මෙලෙවිහි පුද්ගලයාට ශ්‍රේෂ්ඨ ධනය නමි ශ්‍රධාවයි. පුරුදුකළාවූ ධර්මය සැප ගෙන දෙයි. රසයන් අතුරෙන් ඒකාන්තයෙන් සුමිහිරි රසය සත්‍යයයි. ප්‍රඥාවෙන් ජීවත් වන්නහුගේ ජීවිතය ශ්‍රේෂ්ඨයයි ආර්‍යයෝ කියත්."

02) ආළවකයා මෙසේ කීය "සසර නමැති සැඩ පහර කොයි පරිද්දෙකින් තරණය කෙරේද? සසර සයුර කෙසේ තරණය කෙරේද? දුක කෙසේ ඉක්මවාද? සත්ත්‍වයා කෙසේ පිරිසිදු වෙද?

භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක. "ශ්‍රද්ධාව කරණකොටගෙන ඔඝය තරණය කරයි. අප්‍රමාදයෙන් සසර සයුර තරණය කරයි. වීර්‍යයෙන් දුක ඉක්මවයි. ප්‍රඥාව කරණකොටගෙණ පිරිසිදුවෙ"

03)ආළවකයා මෙසේ කීය ප්‍රඥාව කවරාකාරයෙකින් ලබයිද? ධනය කවර ආකාරයෙකින් ලබයිද? කීර්තියට කවර කාරණයෙකින් පැමිණේද?

04)මිත්‍රයන් කවර කාරණයෙකින් තමා කෙරෙහි බැඳගනීද? මෙලොවින් පරලොවට පැමිණ කවර කාරණයෙකින් ශෝක නොකෙරේද?

භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක. "නුවණැත්තාවූ, ප්‍රමාදනුවූ ජනතෙම, රහතුන්ගේ සද්ධර්මය අදහන්නේ, මනාව ඇසීම හේතුකොටගෙන නිර්වාණයට පැමිණීම පිණිස ප්‍රඥාව ලබයි.

සුදුසු කටයුත්තෙහි යෙදිනු, ඉසිලියයුතු බර උසුලන වීයර්‍ය සමිපන්න ජනතෙම ධනය ලබයි. සත්‍යය කරණකොටගෙණ කීර්තියට පැමිණෙයි. ත්‍යාගවත් ජනතෙම මිත්‍රයන් බැඳගනී.

ගිහිගෙයි වසන්නාවූ ශ්‍රද්ධා ඇති, යමි ගිහියකුහට සත්‍යයත්, ඉන්ද්‍රිය දමනයත්, වීර්‍යයත්, ත්‍යාගයත් යන මෙ ධර්ම සතර වෙත් නමි හෙතෙම මෙලොවින් පරලොව ගොස් ඒකාන්තයෙන් ශෝක නොකෙරේ.

(මෙසේ අප භාග්‍යවත් සමිමා සමිබුදු රජානන්වහන්සේ අළවි යකුගේ ප්‍රශ්ණ විසදිමි වශයෙන් ඔහුට ධර්මය දේශනා කල සේක. ධර්ම ශ්‍රවනයෙන් යක් තෙම සොවාන් ඵලයේ පිහිටින ලදි.)

"එව,.සත්‍යයටත්, ඉන්ද්‍රිය දමනයටත්, ත්‍යාගයටත්, ඉවසීමටත් වඩා උසස් වූවක් මෙලොව ඇත්දැයි අන්‍ය බොහෝවූ මහණ බමුණන්ගෙන්ද විචාරව."

ආළවකයා මෙසේ කීය "මෙලොව අභිවෘද්ධියද පරලොව සුගතියද පිණිස යමක් වෙ නමි ඒ කාරණය මම අද පටන් දනිමි. එහෙයින් දැන් ඒ මම බොහෝවූ මහණ බමුණන් කුමකට විචාරමිද?

යමෙකුහට දෙන ලද දානවස්තුව මහත් අනුසස් ඇත්තේද මම ඒ අද පටන් දනිමි. සර්වඥයන් වහන්සේ වාසය පිණිස මෙ අළවි නුවරට වැඩවදාළේ ඒකාන්තයෙන් මගේම අභිවෘද්ධිය පිණිසය.

"ඒ මම බුදුන්ද, ධර්මයාගේ සුධර්මත්වයද, බුදුන් විසින් මැනවින් වදාරණ ලද ධර්මයද, වදිමින් ගමින් ගමද නුවරින් නුවරද ඇවිදින්නෙමි.

මෙ වන විට පහන්වු බැවින් වෙන දා මෙන් අලවි යකුට බිලි පිනිස කුමරුවෙක් රැගෙන විත් තිබිණි. මෙවර රැගෙන විත් තිබුණේ අලවි නුවර රජුගේ පුත් කුමරැවාය. අලවි භවනයේ වැඩ සිටි බුදුරජානන්වහන්සේ දුටු රාජ පුරුෂයන් බුදු සමිදු වැද එකත්පස්ව සිට, යක්ෂයාට මෙසේ පවසන ලදි.

"මහා යක්ෂය මෙ කුමරුවා තොපට බිලි පිණිස අප ගෙන එන ලදි. මොහු පිළිගෙන කව, නැතහොත් කැමැත්තක් හෝ කරව" බුදු රජුන් ඉදිරියේම මෙම වදන් ඇසිමෙන් මෙ වන විට සොවාන් ඵලයේ පිහිටා සිටි අලවි යකු මහත් ලැජ්ජාවට පත් විය.

යකු දරුවා දැතින් පිලිගෙන ස්වාමිනි මෙ දරුවා මා පිනිස එවන ලද්දකි. බුදුවරු හිතානු කමිපා ඇත්තොය මොහුට වැඩ පිණිස මෙ දරුවා පිළිගන්නා සේක්වායි කියා දරැවා බුදු රජුන්ගේ අතට දුන් සේක. බුදුරජානන්වහන්සේ මෙ දරැවා පෝෂණය කොට නැවත මා අතට දෙවුය කියා නැවත රාජ පුරුෂයන් වෙතටම දෙන ලදි. මෙසේ මෙම කුමරැවා අතින් අතට ගිය බැවින් හත්තාලවක නමින් ප්‍රකට විය. දරුවා රාජ පුරැෂයන් විසින් රජ ගෙට ගෙනයනු ලදුව මෙම පුවත නුවර පුරා පතල විය.

පිඩු පිණිස කාලය එලබියෙන් යක් තෙමෙද පා සිවුරු ගෙන බුදුරජුන් පසුපස්සේ මද දුරක් ගොස් නැවතුනේය.බුදු රජුන්ද නුවර පිඩු පිණිස හැසිර වළදා නුවර දොරටුව සමිපයේ රුකක් මුල පනවා දුන් අසුනේ වැඩ හුන් සේක.අලවි රජුද නුවර වැසියෝද, එක්ව උන්වහන්සේ පිරිවරා සිටින ලදි.ඔවුහු එබදු දරුණු වු රජු කෙසේ හික්මවන ලද්දේ දැයි බුදු රජානන්වහන්සේ විචාලොය. අපගේ භාග්‍යවත් සමිමා සමිබුදු රජානන්වහන්සේ සිදුවු සියල්ල පවසා අලවි යකුට දෙසු ධර්මයම ඔවුනටද දේශනා කරන ලදි. එකි ධර්ම දේශනයෙන් සුවාසුදහසක් සත්ත්වයින්ට ධර්මාභිසමය විය.

මිනිසුන්ට ධමනය කල නොහැකිවු මරුහු මෙන් භයංකාර වු,. ඝෝර වු ආලවක යකු මෙතින් තෙද නැණින් අපගේ භාග්‍යවතුන් වහන්සේ ධමනය කල සේක. මෙය සත්‍යයකි ඒ සත්‍යානු භාවයෙන් ඔබටත් මටත් ජය මංගල්‍යක්ම වෙවා.

(මෙ පිනෙන් ඔබටත් මටත් නිවන් සුවම වෙවා!!!)

තෙරුවන් සරණයි...!

(Picked from Facebook

 

No comments:

Post a Comment