Sunday, November 4, 2012

කැලණි පුරාණය

 
කැලණි පුරාණය

සාම විනිසුරු බන්දුල සේනානායක

කැලණිය, ඓතිහාසික වශයෙන් සලකා බැලීමේදී ලක්දිව පැරැණිම නගරයකි. කැලණිය ගංගා ද්‍රෝණි ආශ්‍රිතව ශ්‍රී ලංකාවේ නගර බිහිවූ අයුරු අපගේ ඉතිහාසය පිරික්සීමේදී පෙනී යයි. ඒ අනුව කැලණි ගඟබඩ ඇසුරු කරගෙන බිහිවූ පැරණිම නගරය කැලණිය බව පෙනේ. මහා භාරත, රාම්‍යයන මහා කාව්‍යයන්හි සඳහන් වන වකවානුවල ඉන්දියාව , ලංකාව , වැනි රටවල අසුර ,රාක්‍ෂ, යක්‍ෂ, නාග යන මිනිස් වර්ගයන් ජීවත් වී ඇති බව කියැවේ.

'සතර අපායෙන් මිදෙමු' 15 කොටස

 
 
මහ රහතුන් වැඩි මග ඔස්‌සේ.....
'සතර අපායෙන් මිදෙමු' 15 කොටස
මාරයා කුළුමීමකු ලෙසින් පැමිණියේය

මේ සටහන් පුරාවට භික්‍ෂුව ද්වේෂය සහ මාරයා ගැන කරුණු සදහන් කළා. මෙහිදී මාරයා යනු කවරෙක්‌ද යන්න පිංවත් ඔබ දැනගැනීමට කැමැත්තෙන් ඇති. සමාජයේ බොහෝම තියුණු මතවාදයන් තිබෙනවා. මාරයා යනු සංකල්පයක්‌ පමණයි. මාරයා කියලා කෙනෙක්‌ නැහැ. එහෙමත් නැතිනම් මාරයා යනු සිගරට්‌, අරක්‌කුයි..... ඔය වගේ අවිද්‍යාව නිසා සකස්‌වෙන ප්‍රාථමික අදහස්‌ සමාජයේ තිබෙනවා. මෙවැනි අවිද්‍යාසහගත අදහස්‌ ඇතිවන සිතටත් එම සිත සකස්‌වීමට හේතුවෙන රූපයටත් මාරයා කියල තමයි ධර්මයේ සදහන් වෙන්නේ. ධර්මය නොදන්නාකම නිසා මෙවැනි අදහස්‌ අපි ප්‍රකාශ කරනවානම් අපිව වැටෙන්නේ මාරයාගේ මාධ්‍ය ප්‍රකාශකයන් ගනයටයි.

ඇය පියවි ඇසින් ඔබ්බෙහි ලොව දකින්නී ය

 
ඇය පියවි ඇසින් ඔබ්බෙහි ලොව දකින්නී ය

පින්වත් මහණෙනි,

දස දහසක් ලෝක ධාතුවලින් බොහෝ සෙයින් ම තථාගතයන් වහන්සේ ව දැකීම පිණිසත් භික්ෂු සංඝයා දැකීම පිණිසත් දෙවිවරු පැමිණ සිටින්නාහු ය. පින්වත් මහණෙනි, ඒ අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේලා අතීතයෙහි වැඩ සිටියාහු ද ඒ භාග්‍යවතුන් වහන්සේලාට ද මෙපමණ ම වූ දෙවි දේවතාවෝ දැන් මා හට රැස් වී ඇති ආකාරයෙන් ම රැස් වූවාහු ය.

මේ මහාසමය සූත‍්‍රයේ සඳහන් කොටසකි. එදා භාග්‍යවතුන් වහන්සේ දැක ගැනීම පිණිස කිඹුල්වත් නුවර මහ වනයට බොහෝ දෙවියන් එක්රැස් විය. ඒ මොහොතේ පන්සියයක් පමණ වූ භික්ෂූන් වහන්සේලා ද රැස් වූ දේව සමාගම දැක ගත්තෝ ය. එතැන් පටන් දෙවියන්ගේ නම්ගොත් පවසමින් දෙවියන් ගැන අසිරිමත් විස්තරයක් සම්බුදු මුව මඩලින් ගලා ගියේ ය.