Thursday, December 20, 2012

සදිශා...



ක්‍රෝධය ජයගන්ට තිබෙන්නේ ක්‍රෝධ නොකිරීමෙන්මයි




ඤාතී කෝලාහලය සංසිඳවීම ගැන කථා වස්තුව



පළමුවැනි, දෙවැනි සහ තෙවැනි ගාථා රත්නයන්
ඤාතී කෝලාහලය සංසිඳවීම ගැන කථා වස්තුව

"නෑයින්ට සැළකූ අයුරු ඉතා උතුම්ය...!"

පින්වතුනේ, පින්වත් දරුවනේ, බුදුරජාණන් වහන්සේ පහළ වුණු ශාක්‍ය වංශයට හැම අතින්ම යහපතක්මයි වුණේ.උන්වහන්සේ නිසා හැම දෙනාටම සෙත සැළසුණා.එක් වතාවක ශාක්‍ය වංශිකයනුත්, කෝලිය වංශිකයනුත් ලේ වැගිරෙන භයානක යුද්ධයකට සූදානම් වුණා.බුදුරජාණන් වහන්සේ තමා එයට මැදිහත් වෙලා සංසිඳෙව්වේ.ඒ කතාව විස්තර වන්නේ මෙහෙමයි.

Wednesday, December 19, 2012

කර්මයට අනුව පුද්ගලයා වෙනස් වන අයුරු....




කර්මයට අනුව පුද්ගලයා වෙනස් වන අයුරු....

බුදු රජාණන් වහන්සේ සැවැත් නුවර ජේතවනාරාමයෙහි වැඩසිටින කල්හි බුදු රජාණන් වහන්සේ වෙත පැමිණි සුබ මානවකයා උන්වහන්සේ අමතා.

“ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, මේ ලෝකයෙහි අඩු ආයුෂ ඇත්තෝ වෙති. වැඩි ආයුෂ ඇත්තෝ වෙති. බොහෝ ආබාධ ඇත්තෝ වෙති. ලෙඩ රෝග ඇත්තෝ වෙති. විරූපී ඇත්තෝ ද වෙති. රූප සම්පත් ඇත්තෝ ද වෙති. මහත් පිරිවර ඇත්තෝ ද වෙති. මහත් පිරිවර නැත්තෝ ද වෙති. වස්තු සම්පත් ඇත්තෝ ද වස්තු සම්පත් නැත්තෝ ද වෙති. පහත් කුල ඇත්තෝ ද, අඥානයෝ ද වෙති. මේ අයුරින් සත්ත්වයාගේ උස් පහත් භේදයට හේතුව නම් කුමක්ද?

ආනන්ද තෙරුන්ගේ ප්‍රශ්න කථා වස්තුව



පහ, හය, හත ගාථා රත්නයන්
ආනන්ද තෙරුන්ගේ ප්‍රශ්න කථා වස්තුව

"බුදුවරුන්ගේ ඔවදන්..."

පින්වතුනේ, පින්වත් දරුවනේ, බුදුරජාණන් වහන්සේ අතීතයේ වැඩ සිටි බුදුරජාණන් වහන්සේලා සත්නමක් ගැන නොයෙක් විස්තර කියා දීලා තියෙනවා.දිනක් අපේ භාග්‍යවතුන් වහන්සේගේ අග්‍ර උපස්ථායක මහා පින් ඇති ආනන්ද තෙරුන් වහන්සේ භාවනා කරමින් සිටිද්දී මෙවැනි අදහසක් ඇති වුණා.

අවසන් බුද්ධ වචනය



මෛත්‍රීඉ භාවනාවේ ආනිසංස





ඒරකපත්ත නා රජුගේ කථා වස්තුව


හතරවැනි ගාථා රත්නය
ඒරකපත්ත නා රජුගේ කථා වස්තුව

"නුවණ යොදන්නට බැරි වුණොත්..."

පින්වතුනේ, පින්වත් දරුවනේ, අපි කවුරුත් පින් කරද්දී එය කළ යුත්තේ අවබෝධයෙන්මයි.ඇතැම් අවස්ථාවලදී ඉතා සුළු අඩුපාඩු අප අතින් සිදු වෙන්න පුළුවනි.එවැනි දෙයක් වුණොත් ඒ ගැනම හිත හිතා ඉන්න නරකයි.තමන් කළ යහපත් දේවල් නැවත නැවත මෙනෙහි කරන්නට ඕන.ඒ ගැන සතුටු වෙන්නත් ඕන.එහෙම නැතුව ඉතාම සුළු දෙයක් පවා අනවශ්‍ය විදිහට සිතට ගත්තොත් එයින් ඉතාමත් බරපතල සෝචනීය ඉරණමක් හැදෙන්න ඉඩ තිබෙනවා.මේ කථාවත් එබඳු එකක්.