Wednesday, July 25, 2012

ඇසුරු නොකළ යුතු පාපී මිතුරන් සතර දෙනා:




 
මින් ඔබ කවරෙක්ද?

අප මහා බුදුරජානන්වහන්සේ පාපී මිතුරන් සතර දෙනකු පිළිබඳවත්, කල්‍යාණ මිතුරන් සතර දෙනෙකු පිළිබඳවත් සබ්බාසව සුත්‍රයේ දේශනා කර ඇත.

(ඔබ මින් කුමන වර්ගයේ මිතුරෙකුදැයි සිතට එකඟව සිතා බලන්න.)

ඇසුරු නොකළ යුතු පාපී මිතුරන් සතර දෙනා:

1. අඤ්ඤදත්ථුහර පාප මිතුරා

මිතුරාගෙන් යමක් අරගෙන යන්නටම උත්සහා කරයි. කුඩා දෙයක් දී විශාල දෙයක් බලාපොරොත්තු වේ. තමාගේ ඵල ප්‍රයෝජනය උදෙසාම පමණක් මිතුරා ඇසුරු කරයි.

2.වචීපරම පාප මිතුරා

වචනයෙන් පමණක් මිතුරාට උපකාර කරයි . මිතුරාට උපකාර අවශ්‍යවූ විට තමාට ඇති නොයෙක් අපහසුතා දක්වමින් මග හැර යයි.

3. අනුප්පියභාණි පාප මිතුරා

තම මිතුරා කරන ඕනෑම ක්‍රියාවක් හොඳ හෝ නරක හෝ වේවා අනුමත කරයි. මිතුරා ඇති තැන ඔහුගේ ගුණත්, නැති තැන ඔහුගේ නුගුනත් කියයි.

අපායසහාය පාප මිතුරා

මත්පැන් පානයට, ස්ත්‍රී ඇසුරට, සූදුවට, නාටක බැලීමට යාමට යනාදී දේ සඳහා මිතුරා ඇසුරු කරයි.

ඇසුරු කලයුතු මිතුරන් සතරදෙනා:


1. උපකාරක මිතුරා

මත් වූ මිතුරා රකියි, ඔහුගේ ධනයද රකියි. බියට පත් මිතුරා රකියි. අවශ්‍ය වූවිට උවමනා පමණටත් වඩා ධනය දෙයි.

2. සමාන සුඛදුක්ඛ මිතුරා

තමාගේ රහස් නොසඟවා පවසන අතර, මිතුරාගේ රහස් සඟවා රකියි. විපතට පත් මිතුරා අත නොහරියි. තම ජීවිතයද නොතකා මිතුරාට උදව් කරයි.

3.අත්ථක්ඛායි මිතුරා

තම මිතුරා පවින් වලකා යහපතේ යොදවයි. පෙර නොඇසූ දහම් ඇසීමට කටයුතු සලස්වයි. සුගති මාර්ගය කියා දෙයි.

4.අනුකම්පක මිතුරා

මිතුරාගේ පිරිහීමක් දුටුවිට නොසතුටු වෙයි, දියුණුවක් දුටුවිට සතුටු වෙයි. මිතුරාගේ නුගුණ කියන්නවුන් වලකන අතර ගුණ කියන්නවුන්ට ප්‍රශංසා කරයි.
 
(Picked from Facebook

No comments:

Post a Comment