Monday, July 23, 2012

:::චක්ඛු සූත‍්‍රය:::



:::චක්ඛු සූත‍්‍රය:::

...ඇස් ගැන වදාළ දෙසුම...

භාග්‍යවතුන් වහන්සේ තමයි මේ කාරණය වදාළේ.
අරහත් මුනිඳාණන්මයි මෙය වදාළේ.
මේ විදිහටයි මට අසන්නට ලැබුනේ.


”පින්වත් මහණෙනි, ඇස් වර්ග තුනක් තියෙනවා. ඒ තුන මොනවාද?

මසෙන් හැදිච්ච ඇස, දිව්‍ය ඇස, නුවණ නමැති ඇස.

පින්වත් මහණෙනි, මේ තමයි ඇස් වර්ග තුන.”
මේ අර්ථය භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.

එය මේ අයුරිනුත් පවසන්න පුළුවනි.

”පුරුෂෝත්තම වූ බුදු සමිඳුන් ඇස් තුනක් ගැන වදාළා.

ඒ තමයි මසැස,
දිව්‍ය ඇස සහ උතුම් වූ ප‍්‍රඥා ඇස.

මසැසේ පහළ වීම දිව්‍ය ඇස ලබන්න උපකාර වෙනවා.

යම් කලෙක ආර්ය සත්‍යය පිළිබඳව ඤාණය ලබනවා නම් ඒක තමයි උතුම් වූ ප‍්‍රඥා ඇස.
ඒ ඇස ලැබුනාම තමයි සියලූ දුකින් එතෙර වෙන්නේ.”

මේ අර්ථය වදාරණ ලද්දේ භාග්‍යවතුන් වහන්සේ විසින්මයි. මේ විදිහට
මා හට අසන්නට ලැබුනා.

සාදු..! සාදු..!! සාදු...!!!

:::ඛුද්දක නිකාය - තික නිපාතය:::


(Picked from facebook

No comments:

Post a Comment