Thursday, July 26, 2012

:::විශාඛා සූත‍්‍රය:::



:::විශාඛා සූත‍්‍රය:::

...විශාඛා උපාසිකාවට වදාළ උදානය...

මා හට අසන්නට ලැබුනේ මේ විදිහටයි.
ඒ දිනවල භාග්‍යවතුන් වහන්සේ වැඩසිටියේ සැවැත් නුවර මිගාර මාතු ප‍්‍රාසාදය නම් වූ පූර්වාරාමයේ.
ඒ දිනවල මිගාර මාතා නම් වූ විශාඛාවගේ ඉතා ප‍්‍රිය මනාප වූ මිණිබිරියක්
කළුරිය කළා.


එදා මිගාර මාතාව වූ විශාඛාව දහවල් කාලේ තෙත් වස්ත‍්‍රත්,
තෙත් කොණ්ඩෙත් ඇතිව භාග්‍යවතුන් වහන්සේ හමුවට ගියා. ගිහිල්ලා
භාග්‍යවතුන් වහන්සේට වන්දනා කළා. පැත්තකින් වාඩිවුනා. පැත්තකින් වාඩිවුන
මිගාර මාතා වූ විශාඛාවගෙන් භාග්‍යවතුන් වහන්ස් මෙහෙම ඇහුවා.

”ඉතින් පින්වත් විශාඛා, ඔය තෙත් වූ වස්ත‍්‍රත්, තෙත් වූ කොණ්ඩෙත් ඇතිව මේ
දවාලෙ ඔබ ඔය කොහේ ඉඳලා එන ගමන්ද?” කියලා.

”ස්වාමීනී, මගේ මේ ඉතාම ප‍්‍රිය මනාප වූ මිණිබිරිය කළුරිය කළා. ඒ
නිසා මම මේ දවල් කාලෙ තෙත් වූ වස්ත‍්‍ර පිටින් තෙත් කොණ්ඩෙ පිටින්
මෙහෙ ආවේ.”

”පින්වත් විශාඛා, මේ සැවැත් නුවර ගොඩාක් මිනිස්සු ඉන්නවා. ඉතින්
ඔබ කැමැතිද ඒ තරමටම ඔය වගේ දූ දරුවෝ, මුණුබුරු මිණිබිරියෝ ඉන්නවට?”

”භාග්‍යවතුන් වහන්ස, මං හරි කැමතියි ඒකට. මේ සැවැත් නුවර ඉන්න
මිනිසුන් ගණනට මට දූදරු, මුණුබුරු මිණිබිරියෝ ඉන්නව නම්.”

”පින්වත් විශාඛා, මේ සැවැත් නුවර එක දවසකට මිනිස්සු කී දෙනෙක්
විතර මැරෙනවද?”

”ස්වාමීනී, මේ සැවැත් නුවර දිනපතා දහ දෙනෙකුත් මැරෙනවා. ස්වාමීනී,
මේ සැවැත් නුවර දිනපතා නව දෙනෙකුත් මැරෙනවා. ස්වාමීනී, මේ සැවැත්
නුවර දිනපතා අට දෙනෙකුත් මැරෙනවා. ස්වාමීනී, මේ සැවැත් නුවර දිනපතා
හත් දෙනෙකුත් මැරෙනවා. ස්වාමීනී, මේ සැවැත් නුවර දිනපතා හය දෙනෙකුත්
මැරෙනවා. ස්වාමීනී, මේ සැවැත් නුවර දිනපතා පස් දෙනෙකුත් මැරෙනවා.
ස්වාමීනී, මේ සැවැත් නුවර දිනපතා හතර දෙනෙකුත් මැරෙනවා. ස්වාමීනී,
මේ සැවැත් නුවර දිනපතා තුන් දෙනෙකුත් මැරෙනවා. ස්වාමීනී, මේ සැවැත්
නුවර දිනපතා දෙන්නෙකුත් මැරෙනවා. ස්වාමීනී, මේ සැවැත් නුවර දිනපතා
එක් කෙනෙක් හරි මැරෙනවා. ස්වාමීනී, මේ සැවැත් නුවර මිය යන මිනිසුන්ගෙන්
හිස් වෙන්නේ නෑ.”

”පින්වත් විශාඛා, එතකොට ඔබට මේ ගැන කොහොමද හිතෙන්නේ?
ඔබට කවදාවත් පුළුවන් වෙයිද, තෙත නැති වස්ත‍්‍ර ඇඳගෙන, තෙත නැති
කොණ්ඩයකුත් ඇතිව ඉන්න?”

”අනේ ස්වාමීනී, එහෙම නම් වෙන්නෙ නෑ තමයි. ස්වාමීනී, එහෙනම්
මට ඔච්චර ගොඩාක් දරු මුණුබුරන්ගෙන් නම් වැඩක් නෑ.”

”පින්වත් විශාඛාවෙනි, යම්කිසි කෙනෙකුට ප‍්‍රිය මනාප වස්තු සීයක්
තිබුනොත්, ඒඋදවියට දුක් සීයක් තියෙනවා.

යම්කිසි කෙනෙකුට ප‍්‍රිය මනාප වස්තු අනූවක් තිබුනොත්,ඒ උදවියට දුක් අනූවක් තියෙනවා.

යම්කිසි කෙනෙකුට ප‍්‍රිය මනාප වස්තු අසූවක් තිබුනොත්,ඒ උදවියට දුක් අසූවක් තියෙනවා.

යම්කිසි කෙනෙකුට ප‍්‍රිය මනාප වස්තු හැත්තෑවක් තිබුනොත්, ඒ උදවියට දුක්
හැත්තෑවක් තියෙනවා.

යම්කිසි කෙනෙකුට ප‍්‍රිය මනාප වස්තු හැටක් තිබුනොත්,
ඒ උදවියට දුක් හැටක් තියෙනවා.

යම්කිසි කෙනෙකුට ප‍්‍රිය මනාප වස්තු පනහක් තිබුනොත්, ඒ උදවියට දුක් පනහක් තියෙනවා.

යම්කිසි කෙනෙකුට ප‍්‍රිය මනාප වස්තු හතළිහක් තිබුනොත්, ඒ උදවියට දුක් හතළිහක් තියෙනවා.

යම්කිසි කෙනෙකුට ප‍්‍රිය මනාප වස්තු තිහක් තිබුනොත්, ඒ උදවියට දුක් තිහක්
තියෙනවා.

යම්කිසි කෙනෙකුට ප‍්‍රිය මනාප වස්තු විස්සක් තිබුනොත්, ඒ උදවියට
දුක් විස්සක් තියෙනවා.

යම්කිසි කෙනෙකුට ප‍්‍රිය මනාප වස්තු දහයක් තිබුනොත්,
ඒ උදවියට දුක් දහයක් තියෙනවා.

යම්කිසි කෙනෙකුට ප‍්‍රිය මනාප වස්තු නවයක් තිබුනොත්, ඒ උදවියට දුක් නවයක් තියෙනවා.

යම්කිසි කෙනෙකුට ප‍්‍රිය මනාප වස්තු අටක් තිබුනොත්, ඒ උදවියට දුක් අටක් තියෙනවා.

යම්කිසි කෙනෙකුට ප‍්‍රිය මනාප වස්තු හතක් තිබුනොත්, ඒ උදවියට දුක් හතක් තියෙනවා.

යම්කිසි කෙනෙකුට ප‍්‍රිය මනාප වස්තු හයක් තිබුනොත්, ඒ උදවියට දුක් හයක්
තියෙනවා.

යම්කිසි කෙනෙකුට ප‍්‍රිය මනාප වස්තු පහක් තිබුනොත්,ඒ උදවියට
දුක් පහක් තියෙනවා.

යම්කිසි කෙනෙකුට ප‍්‍රිය මනාප වස්තු හතරක් තිබුනොත්,
ඒ උදවියට දුක් හතරක් තියෙනවා.

යම්කිසි කෙනෙකුට ප‍්‍රිය මනාප වස්තු තුනක් තිබුනොත්, ඒ උදවියට දුක් තුනක් තියෙනවා.

යම්කිසි කෙනෙකුට ප‍්‍රිය මනාප වස්තු දෙකක් තිබුනොත්, ඒ උදවියට දුක් දෙකක් තියෙනවා.

යම්කිසි කෙනෙකුට ප‍්‍රිය මනාප එක් දෙයක්වත් තිබුනොත්,ඒ උදවියට දුක් එකක්වත්
තියෙනවා.

"" යම්කිසි කෙනෙකුට ප‍්‍රිය මනාප දේවල් එකක්වත් නැත්නම්, ඒ
අයට එක දුකක්වත් නෑ. ""

ඒ අයට ශෝකය නෑ. කෙලෙස් දූවිලි නෑ. ඒ අයට
කිසිම වෙහෙසක් ඇතිවෙන්නෙ නෑ කියලයි මං කියන්නේ.”

ඊට පස්සේ භාග්‍යවතුන් වහන්සේ මේ කරුණ දැනගෙන, ඒ වෙලාවේ මේ
උදානය වදාළා.

”මේ ලෝකයේ නොයෙක් ස්වරූපයෙන් ශෝක වැළපීම් දුක් ආදිය
ඇතිවෙනවා. ඒවා ඔක්කොම ඇතිවෙන්නේ ප‍්‍රිය වූ දේවල් නිසාමයි. ප‍්‍රිය වූ
දේවල් නැත්නම්, ඔය දුක් මොකවත් නෑ.

ඒ නිසා යම් කෙනෙකුට ලෝකයේ ප‍්‍රිය වූ කිසි දෙයක් නැත්නම්, ඒ අය
තමයි ශෝකයක් නැතුව හරිම සැපෙන් ඉන්නේ. ඉතින්, කෙනෙක් පතනවා
නම් ශෝක නැතුව, කෙලෙස් නැතුව ඉන්න, ඒ අය ලෝකයේ දුක් හැදෙන කිසි
දෙයකට ප‍්‍රිය නොකර ඉන්න ඕන.”

සාදු! සාදු!! සාදු!!!

:::ඛුද්දක නිකාය - උදාන පාළි:::

(Picked from Facebook

No comments:

Post a Comment