Monday, July 30, 2012

:::තුදු බ‍්‍රහ්ම සූත‍්‍රය:::




:::තුදු බ‍්‍රහ්ම සූත‍්‍රය:::

...තුදු බ‍්‍රහ්මයා විසින් කෝකාලික භික්ෂුවට කියූ කරුණු
ඇතුළත් දෙසුම...

සැවැත් නුවරදී ...............................

ඒ දවස්වල කෝකාලික භික්‍ෂුව ආබාධ හට අරගෙන, දුකට පත් වෙලා
ගොඩාක් ලෙඩ වෙලයි හිටියෙ. එදා තුදු කියන පච්චේක බ‍්‍රහ්මයා බබලන
සිරුරින් යුතුව, ඒ රාත‍්‍රිය පහන්වීගෙන එනකොට මුළු ජේතවනයම බබුලූවාගෙන,
කෝකාලික භික්‍ෂුව සිටි තැනට ආවා. ඇවිල්ල අහසේ සිටිමින්ම, කෝකාලික
භික්‍ෂුවට මෙහෙම කිව්වා.

”කෝකාලික, සැරියුත් මුගලන් පින්වතුන් වහන්සේලා ගැන සිත
පහදවගන්න. ඒ සැරියුත් මුගලන් පින්වතුන් වහන්සේලා ගොඩාක් ප‍්‍රිය මනාපයි
කියලා.”

(කෝකාලික භික්‍ෂුව) :
”ඒයි ආයුෂ්මත, ඔබ කවුද?”
(තුදු පච්චේක බ‍්‍රහ්ම) :
”මම තමයි තුදු කියන පච්චේක බ‍්‍රහ්මයා.”
(කෝකාලික භික්‍ෂුව) :
”හැබෑටම ආයුෂ්මත, භාග්‍යවතුන් වහන්සේ වදාළා නෙවද ඔබ අනාගාමී
කෙනෙක්ය කියලා. ඉතින් එහෙව් එකේ මොකටද මෙහෙ ආවේ? බලන්න,
මොකක්ද ඔබ මේ කරපු කමකට නැති දේ?”

(එතකොට තුදු පච්චේක බ‍්‍රහ්මයා ගාථාවලින් මෙහෙම කිව්වා.)

”අඥාන මිනිසා උපදින කොටම, කටේ කෙටේරියකුත් උපදිනවා. ඉතින්
ඒ අඥානයා ඒ කෙටේරියෙන් දුෂ්ට වචන කියමින් තමන්ව නසාගන්නවා.

:::සංයුත්ත නිකාය - 1 (සගාථ වර්ගය):::


(Picked from Facebook

No comments:

Post a Comment