Thursday, July 26, 2012

:::අග්ගප්පසාද සූත‍්‍රය:::




:::අග්ගප්පසාද සූත‍්‍රය:::

...උතුම් පැහැදීම ගැන වදාළ දෙසුම...

භාග්‍යවතුන් වහන්සේ තමයි මේ කාරණය වදාළේ. අරහත් මුනිඳාණන්මයි
මෙය වදාළේ. මේ විදිහටයි මට අසන්නට ලැබුනේ.

”පින්වත් මහණෙනි, යම්තාක් සත්වයෝ ඉන්නවා නම්, ඔවුන් පා නැති
සතුන් වේවා, දෙපා ඇති සතුන් වේවා, පා හතරක් ඇති සතුන් වේවා, බොහෝ
පා ඇති සතුන් වේවා, රූපය ඇති සතුන් වේවා, රූපය නැති සතුන් වේවා,
සඤ්ඤා නැති සතුන් වේවා, සඤ්ඤා ඇති සතුන් වේවා, සඤ්ඤාව ඇත්තෙත්
නැති නැත්තෙත් නැති සතුන් වේවා මේ සියලූ සත්වයන් අතුරින් ඉතාමත්
අග‍්‍රයි කියලා කියන්නේ අරහත් සම්මා සම්බුද්ධ වූ තථාගතයන් වහන්සේටමයි.

පින්වත් මහණෙනි, යම් කෙනෙක් ei බුදුරජාණන් වහන්සේ ගැන පැහැදුනා
නම්, ඔවුන් අග‍්‍ර වූ උත්තමයෙකුටමයි පැහැදුනේ. සියලූ සතුන් අතර අග‍්‍ර වූ
බුදුරජාණන් වහන්සේ ගැන පැහැදුනු අයට අග‍්‍ර වූ සැප විපාක ලැබෙනවා.
පින්වත් මහණෙනි, යම්තාක් දේවල් තියෙනවා නම්, හේතූන් නිසා හටගත්
වේවා, හේතූන් නිසා හට නොගත් වේවා, ei සියලූ දේවල් අතුරින් අග‍්‍රයි කියලා
කියන දෙයක් තියෙනවා. ඒ තමයි මේ මානය නැති කරලා දාන, කෙලෙස්
පිපාසය නිවා දමන, ඇලීම නැති කරලා දාන, සසර ගමන නැති කරලා දමන,
තණ්හාව ගෙවා දමන, කිසිවක නොඇලීමෙන් විරාගී වූ, දුක් නැති කර දමන,
ඒ අමා නිවන. පින්වත් මහණෙනි, යම් කෙනෙක් මේ විරාගී දහම ගැන
පැහැදුනොත් ඔවුන් ඒ පැහැදුනේ අග‍්‍ර දේටයි. අග‍්‍ර වූ උත්තම ධර්මයට පැහැදුන
අයට අග‍්‍ර වූ සැප විපාක ලැබෙනවා.

පින්වත් මහණෙනි, ලෝකයේ යම්තාක් පිරිස් ඇද්ද, ජන සමූහයක්
ඇද්ද, මේ තථාගත ශ‍්‍රාවක සඟරුවනමයි ei සියලූ පිරිස්වලට වඩා අග‍්‍ර වෙන්නේ.
උන්වහන්සේලා උතුම් පුද්ගල යුගල වශයෙන් හතරක් වෙනවා. වෙන් වෙන්
උතුම් පුද්ගලයෝ අට දෙනයි. ei භාග්‍යවතුන් වහන්සේගේ මේ ශ‍්‍රාවක සඟරුවන
දුර සිට දන් පැන් ගෙනවුත් පිදීමට තරම් ගුණවත් නිසා ආහුණ්‍යෙයයි. ආගන්තුක
සත්කාර කිරීමට තරම් ගුණවත් නිසා පාහුණ්‍යෙයයි. පින් සලකාගෙන දන්
පැන් පිදීමට තරම් ගුණවත් නිසා දක්ඛිණ්‍යෙයයි. වැඳුම් පිදුම් කිරීමට තරම්
ගුණවත් නිසා අංජලිකරණීයයි. ලොවට උතුම් පින් කෙතයි. පින්වත් මහණෙනි,
එබඳු ශ‍්‍රාවක සඟ පිරිසක් කෙරෙහි පැහැදුනේ නම් ඔවුන් පැහැදී තිබෙන්නේ
අග‍්‍ර වූ පිරිසකටයි. අග‍්‍ර වූ පිරිසකට පැහැදුන විට අග‍්‍ර වූ විපාක ලැබෙනවා.
පින්වත් මහණෙනි, මේ තමයි ඉතාමත් අග‍්‍ර වූ පැහැදීම් තුන.”

මේ අර්ථය භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. එය මේ අයුරිනුත් පවසන්න
පුළුවනි.

”eiකාන්තයෙන්ම පැහැදීම් අතුරින් අග‍්‍ර වූ පැහැදීම ඇතිවෙන්නේ
අවබෝධයෙන්ම ගුණ දැනගෙන දක්ෂිණාවන්ට අග‍්‍ර වූ අනුත්තර වූ බුදුරජුන්
ගැන පැහැදීමමයි.

විරාගයෙනුත් සංසිඳීමෙනුත් සැපවත් වූ අග‍්‍ර ධර්මයටමයි පහදින්න ඕන.
ei වගේම ලොවට අනුත්තර පින් කෙත වූ අග‍්‍ර වූ ශ‍්‍රාවක පිරිස ගැනත් පහදින්න
ඕන.

ගුණ නුවණින් අග‍්‍ර වූ උතුමන් කෙරෙහි දන් පැන් පිදුවොත් අග‍්‍ර වූ පින්
වැඩෙනවා. එහි විපාක වශයෙන් අග‍්‍ර වූ ආයු, වර්ණ, යසස, කීර්තිය, කාය බල
ඤාණ බල වැඩෙනවා.

අග‍්‍ර වූ උතුමන්ට දන් පැන් පුදන අග‍්‍ර වූ ධර්මය කෙරෙහි සිත සමාහිත
කරගෙන සිටින නුවණැති පුරුෂයා දෙවියන් අතරට ගියත්, මිනිස් ලොවට
ගියත්, අග‍්‍රස්ථානයෙහි වැජඹී සතුටු වෙනවා.”

මේ අර්ථය වදාරණ ලද්දේ භාග්‍යවතුන් වහන්සේ විසින්මයි. මේ විදිහට
මා හට අසන්නට ලැබුනා.

සාදු! සාදු!! සාදු!!!

:::ඛුද්දක නිකාය - ඉතිවුත්තක පාළ:::

(Picked from Facebook

No comments:

Post a Comment