Showing posts with label බෞද්ධ ලිපි. Show all posts
Showing posts with label බෞද්ධ ලිපි. Show all posts

Wednesday, April 24, 2013

෴සැමියෙකුගෙන් ඉටුවිය යුතු යුතුකම්෴

බුදු දහම ලෝ සතුන්ට දෙලොව දියුණුව පිණිස හේතුවන මාර්ගයක් දේශනා කළ දහමකි. මෙමගින් සංසාරගත අනේකවිධ දුක්ඛයන්ගෙන් විනිර්මුක්තව ලබන උතුම් නිවන සඳහා වූ මාර්ගය ඉගැන්වෙන බැවින් එය ලෝකෝත්තර අංශයට පමණක් අවධානය යොමුකළ දේශනාවක් වශයෙන් ඇතැමුන් කල්පනා කරති. එහෙත් බුදුදහම මෙලොව පරලොව සුව සලසා ගැනීමත් එමගින් නිවන් සඳහා වන මග හෙළිපෙහෙළි කිරීමත් යන ලෞකික හා ලෝකෝත්තර යන දෙඅංශය කෙරෙහි ම අවධානය යොමු කළ දහමක් වශයෙන් හඳුනා ගැනීම වඩාත් නිවැරදිය. නිර්වාණය පිණිස වන වැඩ පිළිවෙළෙහි මූලික අඩිතාලම වර්තමාන ජීවිතය බැවින් මෙලොව දිවියේ සතුට, යහපත් පැවැත්ම හා හොඳ හිත පවත්වා ගැනීම කෙරෙහි බුදුදහම විශේෂ අවධානයක් යොමුකරයි. යහපත් ජීවිතයක් ගත කරන්නා මෙලොවත් පරලොවත් සතුටු වන බව බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීමයි.

Monday, April 22, 2013

බෞද්ධ සමාජය තුළ ඔබ කෙබඳු බිරියක් ද?

මහා සමාජය නම් වූ ඉහළ ඒකකය ගොඩ නඟන්නේ “පවුල” නම් වූ කුඩා ඒකක සමූහයක එකතුවෙනි. පවුල යන්න ඉතා ඉහළ ශක්තීන් සමුදායක් ගොනු කරගත් ප්‍රාථමික අංගයකි. එහිදී මෙලොව සියලු පුද්ගලයන් ජනිතව පවතින්නේ මවකගෙනි. එසේත් නැතිනම් කාන්තාවගෙනි. කාන්තාව විවිධ භූමිකා ඔස්සේ අප සමාජයට බලපෑම් කරයි. ළදැරියක්, තරුණියක්, බිරිඳක්, මවක් ලෙස ඇය මෙකී සමාජය තුළ කතාබහට ලක්වෙයි.

Thursday, July 26, 2012

ප්‍රාණඝාතය සිදුවන්නේ මෙහෙමයි

ප්‍රාණඝාතය සිදුවන්නේ මෙහෙමයි

සබ්බෙ තසන්ති දණඩස්ස

සබ්බෙ භායන්ති මච්චුනො

අත්තානං උපමං කත්වා

න හනෙය්‍ය න ඝාතයෙ

සියලු සතුනට සිය දිවිය ප්‍රියය. තමා උපමා කොට සිතා අන් සතුනට ඇළීම් පෙළීම් නැසීම් නොකොට වැළකිය යුතු ය. මෙලොව වසන්නා වූ සියලුම සත්වයන් අත් පා දඬු මුගුරු සැත් ආදීන්ගෙන් කෙරෙන ශරීර වේදනාවන්ට තැති ගැනෙති. සියලු දෙන මරුට බිය වෙති. තමා උපමා කොට අනුන් නොනසන්නේ ය. නො නසවන්නේ ය. හිංසා පීඩා කිරීම් ආදිය තමා විසින් හෝ අනුන් ලවා හෝ නොකළ යුතු ය. “සබේබසං ජීවිතං පියං” සියල්ලන්ටම ජීවිතය පි‍්‍රය වන්නේ ය. දෙවි මිනිස් තිරිසන් ආදී සියලු සත්ත්වයෝම තම ජීවිතය උතුම් කොට සලකති.

Wednesday, July 25, 2012

සෝණදණ්ඩ බ්‍රාහ්මණයාගේ බුදුගුණ වැණුම

එසේ වී නම් භවත්නි, ඒ භවත් ගෞතමයන් වහන්සේව බැහැදකින්නට යෑම අපට කොයිතරම් සුදුසුද යන වගවූත්, ඒ වගේම ඒ භවත් ගෞතමයන් වහන්සේ වැනි උතුමෙක් අපව දකින්ට පැමිණීම උන්වහන්සේගේ තත්වයට සුදුසු නැති වගටත් කියවෙන මගේ වචනයද අසනු මැනැව.

ඇසුරු නොකළ යුතු පාපී මිතුරන් සතර දෙනා:

මින් ඔබ කවරෙක්ද?

අප මහා බුදුරජානන්වහන්සේ පාපී මිතුරන් සතර දෙනකු පිළිබඳවත්, කල්‍යාණ මිතුරන් සතර දෙනෙකු පිළිබඳවත් සබ්බාසව සුත්‍රයේ දේශනා කර ඇත.

(ඔබ මින් කුමන වර්ගයේ මිතුරෙකුදැයි සිතට එකඟව සිතා බලන්න.)

ඇසුරු නොකළ යුතු පාපී මිතුරන් සතර දෙනා:

Tuesday, July 24, 2012

The Maha Parinibbana.

The Maha Parinibbana.

මරණානුස්සතිය

මරණානුස්සතිය

=============
මරණය ගැන කල්පනා නොකිරීම නිසා ම යි, වාද කරන හිත මතුවන්නේ, අමනාපකම් ඇති වන්නේ, තව කෙනකුගේ ඇද කුද පෙනෙන්නේ. තව කෙනෙක් කළ හොඳ නොදකින්නේ . තව කෙනෙකුගේ වැරැදීම ඉස්මතු වෙවී පෙනෙන්නේ. එහෙම වන්නේ මරණය පිළිබඳ හැඟීම් මාත්‍රයක්වත් නැති හිතකටය. ඒ නිසා අපි

Saturday, July 21, 2012

බුදුදහම

(මෙය උපුටා ගැනීමකි)

භාරතයේ බෝසතුන් වහන්සේ පහළ වූ කාලයේ තිබූ ආගම්, දේවවාදී විය. ඔවුන්ගේ් සර්ව බලධාරී දෙවියන් ගැන කිසිම අයකුට ප්‍රශ්න කළ හැකි නොවී ය. බ්‍රාහ්මණ ධර්මයේ ඇති සියල්ලම ඒ අයුරින්ම භාරගන්නවා මිස, ඒ පිළිබඳ කුමන අයුරකින්වත් විමසීමක් කිරීමට නොහැකි විය. මෙවන් තත්ත්වයක් තිබූ අවධියක බුදුහිමියෝ දහම් දෙසූහ. සමාජ ශෝධනයක් සිදු කොට සැමට පිළිවෙත් පිරිය හැකි පරිසරයක්් නිර්මාණය කර දුන්හ.

සල්ලි තිබුනා කියලා දීර්ඝායුෂ ලැබෙන්නේ නෑ.

සල්ලි තිබුනා කියලා දීර්ඝායුෂ ලැබෙන්නේ නෑ.
වස්තුව තිබුනා කියලා නාකි නොවී ඉන්ට බෑ.
අන්න ඒ නිසයි නුවණැති මුනිවරු කියන්නේ මේ ජීවිතය සුළු කලයි තියෙන්නේ කියලා.
සදාකාලික නෑ කියලා.
වෙනස් වෙන ස්වාභාවයට අයිතියි කියලා.