Monday, July 30, 2012

:::අන්ධකවින්ද සූත‍්‍රය:::







:::අන්ධකවින්ද සූත‍්‍රය:::

...අන්ධකවින්ද ගමේදී සහම්පතී බ‍්‍රහ්මයා පැවසූ ගාථා කරුණ
අනුමත කොට වදාළ දෙසුම...

මා හට අසන්නට ලැබුනේ මේ විදිහටයි. ඒ දිනවල භාග්‍යවතුන් වහන්සේ
මගධ ජනපදයේ අන්ධකවින්ද ගමේ තමයි වැඩවාසය කළේ.

එදා භාග්‍යවතුන් වහන්සේ රාත‍්‍රී ඝන අන්ධකාරයේ එළිමහනේ (පැණවූ අසුනේ) වැඩහිටියා.
වැහි බිඳුත් එක දෙක වැටෙනවා.

ඒ රැය පහන් වෙද්දි, සහම්පතී බ‍්‍රහ්මයා බබලන සිරුරකින් යුතුව, මුළු
මහත් අන්ධකවින්දයම ඒකාලෝක කරගෙන, භාග්‍යවතුන් වහන්සේ වෙත
පැමිණුනා. පැමිණිලා භාග්‍යවතුන් වහන්සේට වන්දනා කළා. පැත්තකින්
හිටගත්තා. පැත්තකින් හිටිය සහම්පතී බ‍්‍රහ්මයා භාග්‍යවතුන් වහන්සේ සමීපයේ
මේ ගාථාවන් පැවසුවා.

”දුර ඈත සෙනසුන්වල තමයි ඉන්න ඕන. සසර බන්ධනවලින් නිදහස්
වෙන්න හිතාගෙනමයි ධර්මයේ හැසිරෙන්න ඕන. එහෙත්, ඒ ගැන හිතේ
ආශාවක් නැතිවුනොත්, තමන්ව රැකගෙන, සිහි ඇතිව සඟරුවන සෙවනේ
ඉන්න ඕන.

ගෙයක් ගෙයක් පාසා පිඬු සිඟා වඩිද්දි, ඉඳුරන් රැකගන්න ඕන. නුවණින්
යුතු වන්න ඕන. සිහි ඇතිව ඉන්න ඕන. දුර ඈත සෙනසුන්වලමයි ඉන්න ඕන.
සසර බියෙන් නිදහස් වෙලා, ඒ අමා නිවනට පත් වෙලා ඉන්න ඕන.

(ඔය වන සෙනසුන්වල) බිහිසුණු අරමුණු තියෙනවා. සත්තුසර්පයො
ඉන්නවා. විදුලි කොටනවා. වැහි වළාකුළු ගොරවනවා. ඝන අන්ධකාර රාත‍්‍රියේ
එහි භික්‍ෂුවක් වැඩඉන්නවා. නමුත්, කිසිම ලොමු දහගැනීමක් නෑ.

ඇත්තෙන්ම ඔය කාරණය මම දැකපු එකක්. මං මේ කාගෙන්වත්
අහගෙන කියනව නොවෙයි.

එක බණ පදයක් තුළ මාරයා පරදවන රහතුන්
දහසක් සිටිනවා.

පන්සියයකට වැඩි මගඵල ලාභී උතුමන් (මේ අන්ධකවින්ද ගමේ) ඉන්නවා.

දහ දෙනෙක්ද, සිය දෙනෙක්ද වූ හැම කෙනෙක්මත් නිවන් මඟට බැසගෙනයි
ඉන්නෙ. අපාය ගමනෙන් තොරවයි ඉන්නෙ.

මට හිතෙන්නෙ මේ අනිත් පිරිසත්, සෑහෙන්න පිං කරගෙන ඇති.

ඔවුන්ව ගණන් කරන්න මට බැරිවුනා.

බොරු කියන්න මං භයයි.”


සාදු! සාදු!! සාදු!!!

:::සංයුත්ත නිකාය - 1 (සගාථ වර්ගය):::



(Picked from Facebook

No comments:

Post a Comment