Thursday, July 26, 2012

:::දේවදත්ත සූත‍්‍රය:::



:::දේවදත්ත සූත‍්‍රය:::

...දේවදත්ත ගැන වදාළ දෙසුම...

භාග්‍යවතුන් වහන්සේ තමයි මේ කාරණය වදාළේ.
අරහත් මුනිඳාණන්මයි මෙය වදාළේ.
මේ විදිහටයි මට අසන්නට ලැබුනේ.


”පින්වත් මහණෙනි, දේවදත්ත හිටියේ අසත්පුරුෂ කරුණු තුනක් විසින්
මැඬගෙනයි.

ඒ අසත්පුරුෂ කරුණු තුන වැළඳගෙනයි.
එයටම යටත්වෙච්ච සිතිනුයි හිටියේ.

මේ නිසයි දේවදත්තට කිසිම පිළියමක් කරගන්න බැරිව
කල්පයක් නිරයේ පැහෙන අපායේ ඉපදෙන්න සිදුවුනේ. නිරයේ ඉපදෙන්න
සිදුවුනේ. මොනවද ඒ කාරණා තුන?

පින්වත් මහණෙනි, පාපී ආශාව විසින් දේවදත්තගේ සිත මැඬගත්තු
නිසා,

සිත ග‍්‍රහණය කරගත්තු නිසා, එයටම යටත්වෙච්ච නිසා තමයි දේවදත්ත
අපායේ ඉපදුනේ. නිරයේ ඉපදුනේ. කල්පයක්ම එහෙ පැහෙන්න සිද්ධ වුනේ.
ඒකෙන් ගැලවෙන පිළියමකුත් නැතුව ගියේ.

පින්වත් මහණෙනි, පාපී මිත‍්‍රයින්
ඇසුරු කිරීම විසින් මැඬගත්තු නිසා,

සිත ග‍්‍රහණය කරගත්තු නිසා, එයටම
යටත්වෙච්ච නිසා තමයි දේවදත්ත අපායේ ඉපදුනේ. නිරයේ ඉපදුනේ.
කල්පයක්ම එහෙ පැහෙන්න සිද්ධ වුනේ. ඒකෙන් ගැලවෙන පිළියමකුත් නැතුව
ගියේ.

පින්වත් මහණෙනි, ආර්ය මාර්ගයට පැමිණෙන්න තව ගොඩාක් ඉදිරියට
භාවනා කරන්න තිබියදී ඒත් මේ බොහෝම පුංචි අධිගමයක් ලබපු පමණින්
‘කළ යුතු සියලූ දේම කළා’ කියලා නිශ්චයකට පැමිණියා.

පින්වත් මහණෙනි,
මෙන්න මේ අසත්පුරුෂ කාරණා තුනකින් මැඬගත්තු, ග‍්‍රහණය කරගත්තු
සිතින් යුතු, එයටම යටවෙච්ච සිතින් යුතු දේවදත්ත අපායේ ඉපදුනා. නිරයේ
ඉපදුනා. කල්පයක්ම එහෙ පැහෙන්න සිද්ධ වුනා. එ්කෙන් ගැලවෙන පිළියමකුත්
නැතුව ගියා.”

මේ අර්ථය භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. එය මේ අයුරිනුත්
පවසන්න පුළුවනි.

”මේ ලෝකයේ උපන් කිසි කෙනෙක් පාපී ආශාවන්ට නම් පැමිණෙන්න
එපා!

පාපී ආශාවන්ට පත් වූ අයට සිද්ධ වෙන්නේ මොකක්ද කියලා මේ
කියන දෙයින් දැනගන්න.

මේ දේවදත්ත ප‍්‍රසිද්ධ වුනේ මහා ඤාණවන්තයෙක් හැටියටයි. වඩන ලද
සිතක් ඇති කෙනෙක් හැටියටයි. සම්භාවනාවට පාත‍්‍ර වෙලා කීර්තියෙන් දිළිසුනා.
ඔහු මේ තුළින් තදේට හිතට ගත්තා. තථාගතයන් වහන්සේ සමඟ
හැප්පෙන්නට ආවා. අන්තිමේදී දොරටු හතරකින් යුතු භයානක අවීචි මහා
නරකයේ උපන්නා.

යම් කෙනෙක් පව් නොකරන දූෂිත නොවූ සිත් ඇති කෙනෙකුට ද්‍රෝහීව
කටයුතු කරනවා නම් ඔහු තුළ හටගත් දුෂ්ට සිතින් අනාදරීය සිතින් යුතු
පාපයම ඔහු කරා එනවා.

යම් කෙනෙක් සිතන්න පුළුවනි විෂ කලයක් අරගෙන මහා සාගරයට
වත්කරලා සාගර ජලය දූෂණය කරන්න පුළුවන් කියලා. ඔහු හිතන හිතන
විදිහට ඒක කරන්න බැහැ.
මහ මුහුද කියන්නේ අති විශාල ජල කඳක්.
යම්කිසි කෙනෙක් තථාගතයන් වහන්සේට හිංසා කරන්න හිතාගෙන
වාදෙට එන්නෙත් ඔය විදිහටයි.

නමුත් යහපත් බවට පත් වූ ශාන්ත සිත් ඇති
තථාගතයන් වහන්සේට ඒ දෝෂ ඇති කරවන්න බැහැ.

යම් ඒ ශාස්තෘන් වහන්සේ පෙන්වා වදාළ දහම් මගේ ගමන් කළ භික්ෂුව
සසර දුක ක්ෂය කරලා නිවනට පැමිණිලා ඉන්නවා නම්,
ඇසුරු කරන්න ඕන
අන්න ඒ වගේ නුවණැති මිත‍්‍රයෙක්වයි.
භජනය කරන්න ඕනත් එබඳු මිත‍්‍රයෙක්වමයි.”

මේ අර්ථය වදාරණ ලද්දේ භාග්‍යවතුන් වහන්සේ විසින්මයි. මේ විදිහට
මා හට අසන්නට ලැබුනා.

සාදු! සාදු!! සාදු!!!

:::ඛුද්දක නිකාය - තික නිපාතය:::

(Picked from Facebook
 

No comments:

Post a Comment