Wednesday, April 24, 2013

රතන සුත්තං


රතන සුත්තං
(මැණික් ගැන වදාළ දෙසුම)

01. යානීධ භූතානි සමාගතානි
භුම්මානි වා යානිව අන්තලික්ඛේ
සබ්බේව භූතා සුමනා භවන්තු
අථෝපි සක්කච්ච සුණන්තු භාසිතං

භූත පිරිස් කිසිවෙකු මෙහි සිටිත් ද රැස් වුන
අහසේ හෝ පොළොවේ හෝ ඒ හැම එක් වුන
සියළු භූතයෝ සැප ඇති සිත් ඇති වෙත්වා !
එමෙන් ම මා පවසන දෙය හොඳින් අසත්වා !


02. තස්මා හි භූතා නිසාමේථ සබ්බේ
මෙත්තං කරෝථ මානුසියා පජාය
දිවා ච රත්ථෝ ච හරන්ති යේ බලිං
තස්මා හි නේ රක්ඛථ අප්පමත්තා

සියළු භූතයිනි එනිසා - අසව් යොමා සිත
මෙත් සිත පතුරව් නිතර ම - හැම මිනිසුන් වෙත
ඒ කිසිවෙක් තොප හට පින් - දිව රෑ පුද දෙත
පමා නො වී තෙපි ඒ හැම - නිති සුරැකිය යුත

03. යං කිඤ්චි විත්තං ඉධ වා හුරං වා
සග්ගේසු වා යං රතනං පණීතං
න නෝ සමං අත්ථි තථාගතේන
ඉදම්පි බුද්ධේ රතනං පණීතං
ඒතේන සච්චේන සුවත්ථි හෝතු

මෙහි හෝ පරලොව හෝ ඇති - යම් වස්තුවකට
දෙව්ලොව හෝ තිබෙනා යම් - උතුම් ම මැණිකට
නො හැකිය ගන්නට කිසි විට - බුදු රජ සම කොට
මෙය බුදු සමිඳු ගෙ පවතින - උතුම් ම මැණිකකි
සැබෑ බසින් මෙම - සෙත සැලසේවා !

04. ඛයං විරාගං අමතං පණීතං
යදජ්ඣගා සක්‍යමුනී සමාහිතෝ
න තේන ධම්මේන සමත්ථි කිඤ්චි
ඉදම්පි ධම්මේ රතනං පණීතං
එ්තේන සච්චේන සුවත්ථි හෝතු

කෙලෙස් නසන වීතරාගි - අමා නිවන යුතු
යම් දහමක් ලැබුයේ නම් - මුනිඳු සමාහිත
ඒ දහමට සම කළ හැකි - කිසිවක් ලොව නැත
මෙය සදහම් තුළ පවතින - උතුම් ම මැණිකකි
සැබෑ බසින් මෙම - සෙත සැලසේවා !

05. යං බුද්ධසෙට්ඨෝ පරිවණ්ණයී සුචිං
සමාධිමානන්තරිකඤ්ඤමාහු
සමාධිනා තේන සමෝ න විජ්ජති
ඉදම්පි ධම්මේ රතනං පණීතං
ඒතේන සච්චේන සුවත්ථි හෝතු

බුදු සමිඳුන් අගය කළේ - හොඳ යයි යමකට
සමාධිය යි එය, අතරක - නොරැඳෙන කිසිවිට
ගත නො හැකිය කිසිවක් එ් - සමවත සමකොට
මෙය සදහම් තුළ පවතින - උතුම් ම මැණිකකි
සැබෑ බසින් මෙම - සෙත සැලසේවා !

06. යේ පුග්ගලා අට්ඨ සතං පසත්ථා
චත්තාරි එ්තානි යුගානි හොන්ති
තේ දක්ඛිණෙය්‍යා සුගතස්ස සාවකා
ඒතේසු දින්නානි මහප්ඵලානි
ඉධම්පි සංඝේ රතනං පණීතං
එ්තේන සච්චේන සුවත්ථි හෝතු

පුද්ගලයෝ අට දෙනෙක් ය - හොඳ අය පසසන
හතර දෙනෙකි මේ උතුමන් - යුගළ විලස ගෙන
මේ අය බුදු සව්වෝ වෙති - දනට සුදුසු වන
මහත් ඵලය ලැබදෙයි - මෙතුමන්ට පුදන දන
මෙය බුදු පිරිසෙහි පවතින - උතුම් ම මැණිකකි
සැබෑ බසින් මෙම - සෙත සැලසේවා !

07. යේ සුප්පයුත්තා මනසා දළ්හේන
නික්කාමිනෝ ගෝතමසාසනම්හි
තේ පත්තිපත්තා අමතං විගය්හ
ලද්ධා මුධා නිබ්බුතිං භුඤ්ජමානා
ඉදම්පි සංඝේ රතනං පණීතං
එ්තේන සච්චේන සුවත්ථි හෝතු

යමෙක් පිළිවෙතින් යුතු වෙ ද - මනසින් දැඩි කොට
නික්මෙන හැම කෙලෙසුන් ගෙන් - බුදු සසුනෙහි සිට
එ් උතුමන් පැමිණිය පසු - සුන්දර නිවනට
වළඳති සුවසේ නිවන ම - සිතු සිතු විලසට
මෙය බුදු පිරිසෙහි පවතින - උතුම් ම මැණිකකි
සැබෑ බසින් මෙම - සෙත සැලසේවා !

08. යථින්දඛීලෝ පඨවිංසිතෝසියා
චතුබ්භි වාතේභි අසම්පකම්පියෝ
තථූපමං සප්පුරිසං වදාමි
යෝ අරියසච්චානි අවෙච්ච පස්සති
ඉදම්පි සංඝේ රතනං පණීතං
ඒතේන සච්චේන සුවත්ථි හෝතු

සිට වූ ගල්ටැඹක් විලස - පොළොවේ දැඩි ලෙස
සතර දිගින් එන සුළගින් - නො සැලේ කිසි ලෙස
යමෙක් ආර්ය සත්‍ය දකිත් නම් - මෙහි ඇති ලෙස
ඒ සත්පුරුෂයට කියමි මෙය - උපමා ලෙස
මෙය බුදු පිරිසෙහි පවතින - උතුම් ම මැණිකකි
සැබෑ බසින් මෙම - සෙත සැලසේවා !

09. යේ අරිය සච්චානි විභාවයන්ති
ගම්භීරපඤ්ඤේන සුදේසිතානි
කිඤ්චා’පි තේ හොන්ති භුසප්පමත්තා
න තේ භවං අට්ඨමං ආදියන්ති
ඉදම්පි සංඝේ රතනං පණීතං
ඒතේන සච්චේන සුවත්ථි හෝතු

ගැඹුරු නුවණ ඇති බුදු සමිඳුන් - පවසන ලද
ආර්ය සත්‍යයන් මැනැවින් දුටු - යමෙකුන් වෙද
භවයේ රැුඳෙමින් කොතරම් - පමාව සිටිය ද
ඔවුන් නො එත්මය අටවැනි - භවයට කිසි ලෙද
මෙය බුදු පිරිසෙහි පවතින - උතුම් ම මැණිකකි
සැබෑ බසින් මෙම - සෙත සැලසේවා !

10. සහාවස්ස දස්සනසම්පදාය
තයස්සු ධම්මා ජහිතා භවන්ති
සක්කායදිට්ඨි විචිකිච්ඡිතඤ්ච
සීලබ්බතංවා’පි යදත්ථි කිඤ්චි
චතූහපායේහි ච විප්පමුත්තෝ
ඡුචාභි ඨානානි අභබ්බෝකාතුං
ඉදම්පි සංඝේ රතනං පණීතං
ඒතේන සච්චේන සුවත්ථි හෝතු

ඔහු තුළ ඇති වන විට දි ම - ම‘ග පල නුවණත්
සංයෝජන තුනක් ම දුරු වෙයි - තම සිතිනුත්
සක්කාය දිට්ඨියත් සම‘ග - දහමේ සැකයෙනුත්
සීල ව‍්‍රතයට බැඳී තිබෙන - මේ කරුණේනුත්
සතර අපායෙන් හෙතෙමේ - මිදෙයි මනා කොට
නො කරයි සය තැනක කර්ම - වැටෙන අපායට
මෙය බුදු පිරිසෙහි පවතින - උතුම් ම මැණිකකි
සැබෑ බසින් මෙම - සෙත සැලසේවා !

11. කිඤ්චා’පි සෝ කම්මං කරෝති පාපකං
කායේන වාචා උද චේතසා වා
අභබ්බෝ සෝ තස්ස පටිච්ඡුාදාය
අභබ්බතා දිට්ඨපදස්ස වුත්තා
ඉදම්පි සංඝේ රතනං පණීතං
ඒතේන සච්චේන සුවත්ථි හෝතු

කිසියම් පව් කමක් ඔහු ගෙ අතින් කෙරුන විට
කයින් වචනයෙන් හෝ චේතනාව මුල් කොට
එය සගවා ගෙන සිටින්ට නො හැකිය ඔහු හට
දහමකි මෙය සදහම් දැක ගත්තු කෙනා හට
මෙය බුදු පිරිසෙහි පවතින - උතුම් ම මැණිකකි
සැබෑ බසින් මෙම - සෙත සැලසේවා !

12. වනප්පගුම්බේ යථාඵුස්සිතග්ගේ
ගිම්හානමාසේ පඨමස්මිංගිම්හේ
තථූපමං ධම්මවරං අදේසයී
නිබ්බාණගාමිං පරමං හිතාය
ඉදම්පි බුද්ධේ රතනං පණීතං
ඒතේන සච්චේන සුවත්ථි හෝතු

ගිම්හානේ පළමුව එන - වසන්ත කාලෙට
මල් පල බර වෙයි වනගොමු වල - සිරියාවට
දෙසූ සේක උත්තම සිරි සදහම් - එලෙසට
පරම සුවය සදමින් එය - ගෙන යයි නිවනට
මෙය බුදු සමිඳුගේ පවතින - උතුම් ම මැණිකකි
සැබෑ බසින් මෙම - සෙත සැලසේවා !

13. වරෝ වරඤ්ඤූ වරදෝ වරාහරෝ
අනුත්තරෝ ධම්මවරං අදේසයී
ඉදම්පි බුද්ධේ රතනං පණීතං
ඒතේන සච්චේන සුවත්ථි හෝතු

උතුම් මුනිඳු උතුම් දහම් දැන - එය බෙදමින
දෙසූ සේක උතුම් අනුත්තර - සදහම් බණ
මෙය බුදු සමිඳු ගෙ පවතින - උතුම් ම මැණිකකි
සැබෑ බසින් මෙම - සෙත සැලසේවා !

14. ඛීණං පුරාණං නවං නත්ථි සම්භවං
විරත්තචිත්තා ආයතිකේ භවස්මිං
තේ ඛීණබීජා අවිරූළ්හිච්ඡුන්දා
නිබ්බන්ති ධීරා යථායම්පදීපෝ
ඉදම්පි සංඝේ රතනං පණීතං
ඒතේන සච්චේන සුවත්ථි හෝතු

වැනසුනි හැම පැරණි කර්ම - යළි නොම රැුස් වෙන
නො ඇලෙයි සිත අනාගතේ - කිසි භවයක් ගැන
වැනසී ගිය බිජුවට කිසි දා - නො ම පැළ වෙන
නිවෙති රහත් සඟ නිවෙනා - මෙ පහන විලසින
මෙය බුදු පිරිසෙහි පවතින - උතුම් ම මැණිකකි
සැබෑ බසින් මෙම - සෙත සැලසේවා !

15. යානීධ භූතානි සමාගතානි
භුම්මානි වා යානිව අන්තලික්ඛේ
තථාගතං දේවමනුස්ස පූජිතං
බුද්ධං නමස්සාම සුවත්ථි හෝතු
භූත පිරිස් කිසිවෙකු මෙහි සිටිත් ද රැස් වුන
අහසේ හෝ පොළොවේ හෝ ඒ හැම එක් වුන
දෙව් මිනිසුන් හැම පුද දෙන බුදු සමිඳුන් වන
නමඳිමු අපි ඒ බුදු රජ - සෙත සැලසේවා !

16. යානීධ භූතානි සමාගතානි
භුම්මානි වා යානිව අන්තලික්ඛේ
තථාගතං දේවමනුස්ස පූජිතං
ධම්මං නමස්සාම සුවත්ථි හෝතු

භූත පිරිස් කිසිවෙකු මෙහි සිටිත් ද රැස් වුන
අහසේ හෝ පොළොවේ හෝ ඒ හැම රැස් වුන
දෙව් මිනිසුන් හැම පුද දෙන බුදු සමිඳුන් වන
නමඳිමු අපි සිරි සදහම් - සෙත සැළසේවා !

17. යානීධ භූතානි සමාගතානි
භුම්මානි වා යානිව අන්තලික්ඛේ
තථාගතං දේවමනුස්ස පූජිතං
සංඝං නමස්සාම සුවත්ථි හෝතු

භූත පිරිස් කිසිවෙකු මෙහි සිටිත් ද රැස් වුන
අහසේ හෝ පොළොවේ හෝ ඒ හැම රැස් වුන
දෙව් මිනිසුන් හැම පුද දෙන බුදු සමිඳුන් වන
නමඳිමු අපි බුදු පිරිස ද - සෙත සැළසේවා !

ඒතේන සච්චේන සුවත්ථි හෝතු
මේ සත්‍යානුභාවයෙන් සැමට සෙත් වේවා!

- මහමෙව්නාවේ පාළි - සිංහල පිරුවානා පොත් වහන්සේ -

මහමෙව්නාවේ පාළි - සිංහල පිරුවානා පොත් වහන්සේ භාගත කරගැනීම සඳහා►
http://www.pirith.org/documents/Piruwana_Poth_Wahanse.pdf
  
(Picked from Facebook

No comments:

Post a Comment