Wednesday, August 15, 2012

:::සත්ත ජටිල සූත්‍රය:::




නමෝ බුද්ධාය....!

”පින්වත් මහරජ,
ගිහි ගෙදර ගත කරන,
කම්සැප විඳින,
දූ දරුවන්ගේ කරදර තියෙන,
සිනිඳු සළු පොරවන,
මල්, සුවඳ විලවුන් පාවිච්චි කරන,
රන් රිදී, පාවිච්චි කරන,
ඔබට මේ උදවිය රහත්ය,
මේ උදවිය රහත් මඟට බැසගත් පිරිසය කියල දැනගන්න පුළුවන්කමක් නෑ.



පින්වත් මහරජ,
කෙනෙකුගේ ප‍්‍රඥාව සොයාගන්න තියෙන්නෙ සාකච්චා කිරීමෙන්මයි.
ඒකත් සුළු කලකින් නෙවෙයි.
සෑහෙන කලක් සාකච්චා කිරීමෙනුයි.
ඒකත් කල්පනාවෙන් ඉඳලාමයි අල්ලගන්න තියෙන්නෙ.
කල්පනාව නැතුව ඉඳලා නෙවෙයි.
ඒකත් ප‍්‍රඥාවන්ත කෙනෙකුට තමයි පුළුවන්.
ප‍්‍රඥාව නැති කෙනාට නෙවෙයි.”

:::සත්ත ජටිල සූත්‍රය:::
(Picked from Face book


No comments:

Post a Comment