Thursday, August 30, 2012

:::කට්ඨහාර සූත‍්‍රය:::



:::කට්ඨහාර සූත‍්‍රය:::

...දර ගෙන යන තරුණයින්ට වදාළ දෙසුම...

මා හට අසන්නට ලැබුනේ මේ විදිහටයි.

ඒ දිනවල භාග්‍යවතුන් වහන්සේ වැඩසිටියේ කොසොල් ජනපදයේ එක්තරා වන ලැහැබකය.

එදා භාරද්වාජ ගෝත‍්‍රයට අයත් එක්තරා බ‍්‍රාහ්මණයෙකුගේ ශිෂ්‍යයන් වූ
බොහෝ තරුණ පිරිසක් දර ගෙන යන්නට ඒ වන ලැහැබට ඇතුළු වුනා.

:::මහාලී සත්තවතපද සූත‍්‍රය:::




:::මහාලී සත්තවතපද සූත‍්‍රය:::

...උතුම් ව‍්‍රත හත ගැන මහාලී ලිච්ඡුවියාට වදාළ දෙසුම...

මා හට අසන්නට ලැබුනේ මේ විදිහටයි.
ඒ දිනවල භාග්‍යවතුන් වහන්සේ වැඩසිටියේ විශාලා මහනුවර මහාවනයේ කූටාගාර ශාලාවේ.

එදා මහාලි කියන ලිච්ඡුවි වංශිකයා භාග්‍යවතුන් වහන්සේ ළඟට ගියා.
ගිහින් භාග්‍යවතුන් වහන්සේට වන්දනා කරලා, පැත්තකින් වාඩිවුනා.

පැත්තකින් වාඩිවුන මහාලි ලිච්ඡුවි වංශිකයා භාග්‍යවතුන් වහන්සේගෙන් මෙහෙම ඇහුවා.

Thursday, August 16, 2012

අනර්ථය විමසූ බමුණාගේ කථා වස්තුව


 5.6. ගාථා රත්න
අනර්ථය විමසූ බමුණාගේ කථා වස්තුව

"තමාව ජය ගැනීම සියලු දේට වඩා උතුම්"

පින්වතුනේ, පින්වත් දරුවනේ, සමහර මිනිස්සු ගොතන්න කැමති අමුතුම ප්‍රශ්නයි.නොගැළපෙන දේත් අසනවා.ගැළපෙන දේත් අසනවා.ඒ වගේ එක බ්‍රාහ්මණයෙක් මෙහෙම කල්පනා කළා.

"සම්බුදුරජාණන් වහන්සේ හැම තිස්සේම දේශනා කරන්නේ යහපත ගැනමයි.ඒකට හේතුව මිනිසුන් අහන්නේත් යහපතමනේ.මං වෙන දෙයක් අහන්න ඕන.මං ගිහින් ඇසිය යුත්තේ අයහපත ගැනයි.එතකොට කවර උත්තරයක් දේවිද කියා මට දැනගන්නට හැකි නෙව"

සැරියුත් තෙරුන්ගේ මාමාගේ කථා වස්තුව



7 ගාථා රත්නය
සැරියුත් තෙරුන්ගේ මාමාගේ කථා වස්තුව

"රහතුන්ට දන් දීම උතුම් දෙයක්මයි."

පින්වතුනේ, පින්වත් දරුවනේ, පවුලක එක දරුවෙක් හරි යහපත කරා ගියොත් එය ඇතැම් විට මුළු පවුලේම යහපතට හේතු වෙනවා.සාරිපුත්ත මහ රහතන් වහන්සේ තමයි පළමුවෙන්ම ධර්මය සොයාගෙන ගියේ.උන්වහන්සේගේ පවුලේ සියලු දෙනාම දහම් මාවතට පැමිණුනා.අන්තිමේදී මෑණියන්ටත් ධර්මය ලැබුණා.

අජගර ප්‍රේතයාගේ කථා වස්තුව


 8 ගාථා රත්නය
අජගර ප්‍රේතයාගේ කථා වස්තුව

"වෛර බැඳගැනීම කිසිසේත් කරන්න එපා"

පින්වතුනේ, පින්වත් දරුවනේ, මේ ලෝකයේ හිස් පුද්ගලයන් ඉන්නවා.ඔවුන්ට වචනය වරදින්න බෑ.වෛර බැඳගන්නවා.ඊට පස්සේ ඔවුන්ගේ ඉලක්කය පළිගැනීම මයි.කිසිදා නොසංසිඳෙන පිපාසයක් වගේ කොච්චර පළිගත්තත් ඔවුන් සෑහීමකට පත්වෙන්නේ නෑ.එබඳු පව්කාරයකුගේ ජීවිතයක විස්තරයක් තමයි දැන් අපි දැන ගන්නේ.

චූළ ඒකසාටක බමුණාගේ කථා වස්තුව




පළමුවැනි ගාථා රත්නය
චූළ ඒකසාටක බමුණාගේ කථා වස්තුව

"පමා වෙලා කරන පිනෙන් පාඩුවමයි වෙන්නේ..."

පින්වතුනේ, පින්වත් දරුවනේ, ඔබ දන්නවා ඇති බුදුවරයන් වහන්සේලාගේ ශාසනය තුළ යම් සමානකමක් තියෙනවා.ඒ කියන්නේ හැම බුදුරජාණන් වහන්සේටම අග්‍රශ්‍රාවකයන් වහන්සේලා ඉන්නවා.ඒ ඒ ශ්‍රාවකයන් විසින් සසරේ රැස් කරන ලද පින්වලට අනුව අග තනතුරු ලැබෙනවා.එවැනි සමානකම් ගොඩාක් තියෙනවා.

මේ කථාවෙන් කියැවෙන්නේ එකම සළුවක් පරිහරණය කළ බ්‍රාහ්මණයකු ගැනයි.මොහුට කිව්වේ 'ඒකසාටක' කියලයි.එහි තේරුම එකම සළුවක් තියෙන කෙනා යන්නයි.මෙවැනිම එකම සළුවක් තිබූ බ්‍රාහ්මණයෙක් විපස්සී බුදුරදුන්ගේ කාලයේත් ඉඳලා තියෙනවා.ඔහුට කිව්වෙත් ඒකසාටක කියලයි.ඔහු පින බලවත් කරගත් නිසා 'මහා ඒකසාටක' නමින් හඳුනවනවා.මෙයාගේ පින ටිකක් දුර්වල වුණා.ඒ නිසා වෙන්න ඇති මොහුට චූළ ඒකසාටක කියලා කිව්වේ.

මහා මොග්ගල්ලාන මහ රහතන් වහන්සේගේ කථා වස්තුව






නවය, දහය, එකොළහ සහ දොළොස්වෙනි ගාථා රත්නයන්
මහා මොග්ගල්ලාන මහ රහතන් වහන්සේගේ කථා වස්තුව

"කර්මය විපාක දෙන හැටි හරි පුදුමයි"

පින්වතුනේ, පින්වත් දරුවනේ, කර්මය විපාක දෙන හැටි දන්නේ බුදුරජාණන් වහන්සේ පමණයි.ඇතැම් කර්ම වලින් කොටසක් මේ ජීවිතයේ විපාක දෙනවා.එයට කියන්නේ 'දිට්ඨධම්මවේදනීය කර්ම විපාක' කියලා.තව කොටසක් ඊළඟ ජීවිතයේදී හෝ ආසන්න භවයකදී විපාක දෙනවා.එයට කියන්නෙ 'උපපජ්ජවේදෙනීය කර්ම විපාක' කියලා.තව කොටසක් පිරිනිවන් පානා තෙක් විපාක දෙනවා.එයට කියන්නේ 'අපරාපරියවේදනීය කර්ම විපාක' කියලා.ඔය විදිහට තමයි කර්ම විපාක දෙන්නේ.