
දහවැනි, එකොළොස්වැනි, දොළොස්වැනි, දහතුන්වැනි සහ දාහතරවැනි ගාථා රත්නයන්
අග්ගිදත්ත බ්‍රාහ්මණයාගේ කථා වස්තුව
"බුදු සරණ ලැබෙන හැටි හරි පුදුමයි."
පින්වතුනේ, පින්වත් දරුවනේ, අපේ බුදුරජාණන් වහන්සේගේ කාලේ ගොඩාක් පින් ඇති අය ඉපදිලා හිටියා.හැබැයි තම තමන්ගේ සසරගත පුරුදු අනුව අනවශ්‍ය දේවල්වල පැටලිලා හිටියා.තමන්ට ධර්මයේ පිළිසරණ ලැබෙන කාලය එනකම් ඔහේ ජීවත් වුණා.නොයෙක් දෘෂ්ටි ගත්තා.වැරදි මතවාදවල පැටලුණා.නමුත් නිවන් අවබෝධය සඳහා පින මතුවෙද්දී ඒ සියල්ල අභිබවා දහම කරා ගියා.එවැනි කථා ප්‍රවෘත්තියක් තමයි දැන් දැනගන්නේ.